₁₉⍣, II

233 77 13
                                    

⍣Chapter 19⍣
Part II

Your Name's View

"දැන් මෙයාලාව ඔයාලා ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුවද?" අන්තිමේ නම්ජුන් ඇහුවේ තරමක් සන්සුන්වෙලා. "හ්ම්ම්.. නේ.. අපි පෙන්නුවා!" ථේ කිව්වේ සංසුන් හඩකින්. "ඉතිං.. එයා මොනාද කිව්වේ?" නම්ජුන් ගේ කටහඩ ආයේ උස් වෙද්දී මම දැක්කා ජුලි එයාගේ අතින් අල්ලගන්නවා. "එයා කිව්වා ස්ට්‍රෙස් එක නිසයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. හොඳ කරන්න අමාරු මට්ටමක ඉන්නවා කිව්වා.." නම්ජුන් ආවත් හරි හෝසොක් කටක් හෙල්ලුවේ දැන්. එයා කොහොමත් කැමති නැහැ නේ ඉතින් රණ්ඩුවෙනවට.

"ඔයාලා මොන $^.. මං කිව්වේ. එයා හොඳ ඩොක්‍ටර් කෙනෙක් ද? ඔයාලා රහසෙම කොහොමද හොඳ ඩොක්‍ටර් කෙනෙක්ව අල්ලගත්තේ?" නම්ජුන් ආයේ කෑ ගහන්න ගිහින් එයාව පාලනය කරගත්තේ ජුලිගේ බැල්ම නිසා. "ජින් හ්‍යොන්ග් චන්ග් හෝ ගෙන් උදව් ඉල්ලගත්තා!" යුන්ගි කිව්වේ ජින් වෙනුවෙන්. නම්ජුන් ගේ ඇස් පුදුමයෙන් ලොකුවෙලා මුලින්ම එල්ලවුණේ මං දිහාට. "ඔයා... ඒකට ඉඩ දුන්නා Y/N?" එයා මගෙන් අහද්දී මම එයා දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් එක්ක. මොනාද මම කියන්න ඕනේ.

"අනී.. මම එයාගෙන් අහන්නේ නැතුව චන්ග් හෝගෙන් උදව් ගත්තේ. අන්තිමේ ඒ ජරා $%%..." ජින් ඉක්මනටම එයාගේ වචන පාලනය කර ගත්තේ මෙතන යූජිනුයි, මියායි ඉන්නවා කියලා මතක්වෙලා. ඒ කියන්නේ නම්ජුන්ගේ හුරතල් දුවයි, පුතයි. ඒ දෙන්නා නම් සොක්මිනාටයි, සොක්බිනාටයිත් වඩා වැඩිමල් වගේ. අන්තිමේ නම්ජුන් ඒ සම්බන්ධව කිසිම දෙයක් ආයේ ඇහුවේ නැහැ.

"මේක හොඳ කරන්න බැරි නැහැ පුලුවන්. අපිට පුලුවන්!! මම මම දන්න අයට කතා කරලා බලන්නම්.. මෙහෙ නෙවේ.. වෙන රටවල අයටත්" නම්ජුන් එහෙම කියද්දී අපි හැමෝගෙම ඇස් එයා දිහාට යොමු වුණේ අමුතු බයකින්.

"බයවෙන්න එපා අපි මේක එලියට යන්න නොදී බලාගමු! ඒත් ඔක්කෝටම කලින් ඔයාලා කොහොමද මේක ඒජන්සියෙන් වහගත්තේ? මේ දෙන්නා ඒජන්සියට යන්න ඕනේ නේද?" නම්ජුන් ඇහුවේ කුතුහලයෙන්. ආයිශ්.. ඕක ටික දවසක ඉදන් මගෙත් ඔලුවෙත් නලියන ප්‍රශ්නයක්!

"අනියා.. මේ දෙන්නා හොඳ වෙලාවට එදාම නිවාඩු දාලා ථේහ්‍යොනාගේ වෙඩින් එකට නිවාඩු ඕනේ කියලා. ඒ නිසා තමයි එදා තුන්දෙනා මුණගැහෙන්නත් ඉදලා තියෙන්නේ.. නිවාඩු පාඩුවේ. මම ඒජන්සියට කතා කරල ඇහුවා නිකමට ඔය ගැන. එයාලා ඉතිං මා එක්ක එකතුයි නේ ගොඩක්" හෝසොක් කිව්වේ හීජින් ඔන්නි දිහා බලන ගමන්.

හොඳ වෙලාවට ඒ දෙන්නා නිවාඩු දාලා තියෙන්නේ නැත්නම්.. සිද්ධවෙන්නේ වෙනම දෙයක්!


🥀🥀🥀
[To be continued]

📝
හායි චොකෝස්,

රයිටර් නෝට් ලියන්න කම්මැලියි අප්පා 😂😂✋🏻 මට හෙන නිදිමතයි ඊයේ ඉදන්. ඔයාලා මම ලස්සන රයිටර් නෝට් එකක් දැම්මා කියලා හිතාගන්නකෝ.

තෑන්ක්ස් කියෙව්වට!

_🐞මිස් මින්ට චොකෝ🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now