₃₁⍣, I

259 77 13
                                    

⍣Chapter 31⍣
Part I

Your Name's View

"කන්‍යන්.. ඒ කියන්නේ එදා.. එදා... අයිස්ලන්ඩ්වලදී.. එදා ද ඔයා මාව මුලින්ම මුණගැහුනේ?"

එයා එහෙම අහද්දී මම හිමින් ඔලුව වැනුවා.

"ඔයා.. මම දන්නවා.. ඔයා ගැන.. ඔයා ඔයා ගැන දන්නවටත් වඩා මම ඔයා ගැන දන්නවා.. ඒ නිසා මම දන්නවා... එදා ඒ විදිහට.. එකපාරටම මාව දැක්කාම.. ආ... මට හිතාගන්න පුලුවන් ඔයාගේ හිතට දැනුන දේ... ඉතිං... ඔයා.. ඒ වෙලාවේ කලබලවෙන්නේ නැතුව... මං කියන්නේ.. මට අහන්න ඕනේ.. මේ දේම.. මේ දේම... හිතන්න මම බන්ග්ථන්සොන්‍යොන්ග්දන්වල ජින් නොවුණා කියලා... වෙන කෙනෙක් වුණා නම්... ඒත් ඔයා හැසිරෙන්නේ ඒ විදිහටම ද? මං කියන්නේ.." එයා එයාගේ වචන උපරිමයෙන් පැහැදිලි කරන්න උත්සහ කලේ වචන පටල පටලා.

මම හිමින් මගේ අතැඟිලි එයාගේ කම්මුලකට තියලා බිමට හැරවිලා තිබ්බ එයාගේ මූණ මගේ දිහාට හරවගත්තා. ඒ ඇස්වල තිබ්බේ මගේ තොල් අතරින් ඇත්තම අහන්න ඕනේ කියන හැඟීම කියලා මට තේරුණා. "ඔයා හිතන්නේ කොහොමද?" මම එයා දිහා කෙලින් බලන ගමන්ම ඇහුවේ.. ඇත්තටම එයාගේ හිතේ තියෙන උත්තරය මට දැනගන්න ඕනේ නිසා. මොහොතක් ඒ ඇස් එක දිගටම මං දිහා බලාගෙන හිටියේ... මොනාද කියන්නේ කියලා හිතගන්න බැරුව වගේ. "මම... මම දන්නවා.. ඔයා මගේ කියලා.. මොන දේ වුණත්.. ඔයා මගේ.... ඒත්... ඒ වගේම මම දන්නවා.. ඔයා කොච්චර සංවේදීයි ද කියලා.. ඔයාට මතකයි නේ.. ආ..යිශ්.. ඔයාට මතක නැහැ නේ... ඔයා පලවෙනිපාර මාව ප්‍රතික්ෂේප කලාම.." ආහ්? මම ජින්ව ප්‍රතික්ෂේප කලා?

"මේ මම? මම ඔයාව ප්‍රතික්ෂේප කලා?" මම ඇහුවෙ පුදුමවෙලා වගේම.. මට හිනා ගියේ මම එච්චර දෙයක් කලාද කියලා හිතිලා.. "නේ.. ඔයා මාව ප්‍රතික්ෂේප කලා.. ඔයා කිව්වා මම BTS ජින් වෙන්න ඇති... ඒ වුණාට.. ඔයා මගේ 'එයා' නෙවේ නම්.. මට ඔයාව පිලිගන්න බැහැ කියලා.. එදා මම ගොඩක් කල්පනා කලා.. ඇයි ඔයා එහෙම කිව්වේ කියලා.. පස්සේ යුන්ගියා එක්ක කියව කියව ඉද්දී මට ඕක කියවෙලා, එයා තමයි කිව්වේ.. ඔයා එහෙම කිව්වා කියන්නේ... ඔයා.. ඒ කියන 'එයාට' ගොඩක් ආදරේ ඇති කියලා. ඉතිං මං හිතුවා.. ඇයි මට ඔයාගේ 'එයා' වෙන්න බැරි කියලා. අන්න එහෙම තමයි ඒක වුණේ.." එයා කිව්වේ එයාගේ අතීතය මතක් කරන ගමන්. "ව්වෝහ්...!! මම එහෙමත් කිව්වා ද? ඕහ්හ්.... කූල්ල්..." මම කිව්වේ මං ගැනම හිතන ගමන්..

"මොන කූල් ද මට මුලින්ම තරහා ගියා... ඒත් මට පස්සේයි තේරුණේ.. ඔයා.... ඔයා... ඔයා වෙනුවෙන් ඉන්න කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවා.. එයාට ගොඩාරියක් ආදරේ කරනවා කියලා. ඉතිං මට ඒ ආදරේ ඕනේම වුණා.. අන්තිමේ මම ඇත්තටම ඔයාගේ හිතේ ඉන්න සිහින කුමාරයාමයි කියලා ඔයාට තේරුණාට පස්සේ තමයි ඔයා මට කැමැත්ත දුන්නේ.." ව්වා...හ් මම නම් මාර කෙල්ලෙක් නේ.. මම ජින්ව ප්‍රතික්ෂේප කරලා?

"යා.... මම අහපු දේට උත්තර දෙන්න.. මට ඔයාව අවිශ්වාස නැහැ.. ඒත් මම දන්නවා පලවෙනිපාර මේ වගේ දෙයක් එකපාරටම වුණාම ඔයා කලබලවෙනවා. ඒත් එදා එහෙම වුණේ නැහැ. එහෙම වුණේ මම ජින් නිසා ද? මම ජින් නිසා විතරයි ද ඔයාට මා එක්ක එහෙම පාන්දර ඇඳෙන් එකපාරටම ඇහැරුණාම කලබලවුණේ නැත්තේ?" එයා අහන දේ මට තේරෙනවා.. එයාට දැනගන්න ඕනේ.. එයා ජින් වුණේ නැත්නම් මම මේ විදිහට එයා එක්ක ඉන්නේ නැද්ද කියලා දැනගන්න.

"අනි.... ඔයා හිතන්නේ මම කලබලවුණේ නැහැ කියලා ද? මම කොච්චර කලබල වුණා ද කියලා දන්නවා ද? තව ඩිංගෙන් බයවෙලා මැරෙනවා..." මම කිව්වෙ එදා මතක් කරන ගමන්. එදා.. ආයිශ්.. එදා මම ඇහැරෙද්දීම ජින් මගේ ඉස්සරහා හිටිය විදිහ. ඒකත් අපි දෙන්නම... ඇඳුමුත් නැහැ.... ආයිශ්.. මේක ආයේ මතක් කරන්න වුණා නේ.. ජින් හිනාවෙන්න ගත්තේ මම වේගෙන් කතා කරද්දී.

🥀🥀🥀
[To be continued]

📝
හෙලෝ චොකෝස්,

අම්මෝ... හේතුව දන්නේ නැහැ මේ ටිකේම මට මේක අප්ඩේට් කරන්න දුන්නේ නැහැ වට්පෑඩ් එක. 🥴🥴🥴 එපා වෙලා හිටියේ මම. පැය ගණන් අප්ඩේට් කරන්න දැගලුවා. කෝමහරි අද අප්ඩේට් කරන්න ලැබුණු එක නම් ලොකු දෙයක්.

තෑන්ක්ස් බලාගෙන හිටිය හැමෝටම. මම හිතලා අප්ඩේට් නොකර හිටියා නෙවේ හොදද? ඇප් එක විකාරවෙන්න ගත්තා අලුත් අප්ඩේට් එකට පස්සේ.

Thanks for voting, commenting and reading!

_🐞මිස් මින්ට චොකෝ🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now