₂₅⍣, I

356 81 45
                                    

⍣Chapter 25⍣
Part I

Your Name View

පාටිය ඉවරවෙන්න ලංවෙද්දී නම් ජින් ගේ මූණේ තිබ්බේ එතරම් හොඳ පෙනුමක් නෙවේ. එයා හොඳටම බීලා හිටියේ. හැමෝම මං දිහා බලලා විටින් විට කසු කුසු ගෑවේ අපි දෙන්නා අතර ප්‍රශ්නයක් කියලා හැමෝම සැක කරන නිසා වෙන්න ඇති. ඒත් මම දන්නේ නැහැ මොකද කරන්න ඕනේ කියලා. කලින් මම මේ වගේ වෙලාවට කරන්න ඕනේ මොකක්ද කියලා දැනගෙන හිටියට, දැන් මට තියෙන්නේ මගේ අවුරුදු විසි එකේ මතකය විතරක් නිසා, මම දන්නේ නැහැ මොනා කරන්න ද කියලා. ඒ නිසා මම යුන්ගිවයි, හෝබීවයි, නම්ජූන්වයි හෙව්වේ මොනාද කරන්න ඕනේ කියලා අහගන්න. ඒත් මම හිතන්නේ තුන්දෙනාම ප්‍රොඩක්ෂන් වැඩක් ගැන මිස්ටර් අයෝකි එක්ක බර කයියක්. ඔන්නිලා ටිකත් කොහේ ගිහින් ද කියලා හොයාගන්න නැහැ. ආ.. අනියා.. මගේ වෙලාව හොඳයි වගේ. අර ඉන්නේ හීජින් ඔන්නි. මම ඉක්මන් ගමනින් ඔන්නි ලගට ගියේ, ජින් බාර් එකේ ඉදන් මගේ දිහා කන්න වගේ බලන බැල්මෙන් බේරෙන්න. ජින් දිහා බල බල ගිහින් මම ඔන්නිගේ ඇඟෙත් හැප්පිලා නතර වුණේ.

“Y/N, කොහෙද මේ පණ දාගෙන දුවන්නේ?” එයා මගෙන් ඇහුවේ පුදුමයෙන් වගේ. “අනියා.. ඔන්නි... මේ.. පොඩි ප්‍රශ්නයක්...” මම ගොත ගහන ගමන් කිව්වේ කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. “මේ වෙලා තියෙන දේවල් වල හැටියට තව අලුතින් වෙන්න ප්‍රශ්න තියෙනවා ද Y/N? කියන්න මොකක්ද ප්‍රශ්නේ??”  එයා කිව්වේ මටත් ජොන්ග්කුක්වයි, ජිමින්වයි මතක් කරවන ගමන්.

“ජි..ජින්.. එයා හොඳටම ඩ්‍රින්ක්ස් ගන්නවා නේ.. මම දැන් මොකද කරන්නේ?” මම හිමින් එයාගෙන් ඇහුවේ වෙනසක් නොපෙන්වා. එයා ඉක්මනටම ජින් ඉන්න පැත්ත බැලුවේ මම කිව්ව ගමන්මයි. ඊට පස්සේ මං දිහාට හැරුණේ මූණෙ තිබ්බ අමුතු හිනාව එක්කමයි. “Y/N-ආහ්, මට හිතෙන්නේ... අද ඔප්පා.. ආ.. ඔයාලා දෙන්නාට අද දිගම දිග රැයක් වෙයි වගේ..” මට ඉක්මනටම එහෙම කියපු එයා එතනින් මාරුවෙලා යන්න ගියේ හිනාවෙන ගමන්මයි. “ආ...හ්.. ඔන්නී... මොනාහරි කියලා යන්නකෝ....” මම එහෙම කිව්වත් එයා මාව පහුකරලා යන්න ගියේ කිසිම දෙයක් නොකියා. ඒ සැනින්ම මගේ අතට දැනුනේ තද ස්පර්ශයක්!

ඒ වෙන කවුරුත් නෙවේ...

ජින්!!!

🥀🥀🥀
[To be continued]

📝
හෙලෝ චොකෝස්,

😁 මමත් මේ අනික් හැම ඕතර් කෙනෙක් ම ගන්න ඒ කුරිරු සතුට ගන්න යන්නේ 😂😂😂✋🏻 ඊලග එපිසෝඩ් එක හෙට!

බායි බායි!!!

ටටා!

_🐞මිස් මින්ට චොකෝ🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now