₂₀⍣, I

263 82 9
                                    

⍣Chapter 20⍣
Part I

Your Name's View

ඒ දවස, ඊලග දවස තොරතුරුවලින් අඩු දවසක් කිව්වොත් හරියටම හරි! අපි දැනගෙන හිටියේ නැහැ සිද්ධවෙන්නේ මොනාද කියලා. එයාලත් අපිට කිව්වේ නැහැ. ජින් අපිට ඩොක්ටර් කෙනෙක් හොයාගත්තා කියලා කිව්ව එක විතරයි අපිට ලැබුණ ආරංචිය.

"ජිනි.. මොනාද දැන් සිද්ධවෙන්නේ? ඒ ඩොක්ටර් මොනාද කිව්වේ?" මම ඇහුවේ භාජන සෝදන ගමන්. ජින් කුස්සියට ආවේ වතුර බොන්න. අපි තාම හිටියේ ථේ ගේ ගෙදර. "අනී.. අපිට කරන්න දෙයක් නැහැ. ඒත් අපේ වෙලාව හොඳයි ඒ ඩොක්ටර් හෙට එනවා උදේම මෙහෙට! මමත් දන්නේ නැහැ සිද්ධවෙන්නේ මොනාද කියලා, අපි කවුරුත්ම දන්නේ නැහැ. එයා ආවම තමයි අපිට මොනාහරි කියන්න පුලුවන්" ජින් එහෙම කියද්දී මම හෙමින් ඔලුව වැනුවා.

"ජිමිනාගේ ඔම්මා කතා කලා" ජින් හිමින් එහෙම කියද්දී මම එයා දිහා බැලුවේ එයාගේ කටහඩ වෙනස්වුණ නිසා. ඉක්මනින්ම වතුර ටැප්එක වහපු මම අත් දෙකත් පිහදාගෙන එයාට ලංවුණා. එයාගේ ඇස් තිබ්බේ බිමට යොමුවෙලා. එයා ගොඩක් දුකින් වගේ හිටියේ.

"ක්වෙන්චනා? (ඔයා හොඳින් ද?)" මම එයාගේ කම්මුලකට අත තියලා හිමින් එයාව මගේ පැත්තට ලං කරගන්න ගමන් ඇහුවේ. "හ්ම්ම්.. නේ, ජිමිනාව එයා හොයනවා.. එයා ඒජන්සියටත් කතා කරලා. ජිසොනාට දරුවා ලැබෙන්න තව මාසයක් දෙකක් වගේ නේ තියෙන්නේ.. ඉතිං.. ජිසොනාට මේ ටිකේ ජිමින්ව එයා ලගට ඕනේම කාලයක්.. එයාගේ පලවෙනි දරුවා නේ" ජින් එහෙම කියද්දී මගේ ඇස්වලටත් හෙමින් කඳුලු පිරුණා. ජින් ගොඩක් දුකින් ඉන්නේ. එයා හැමෝම ඉස්සරහා ශක්තිමත් කියලා පෙන්නන්න උත්සාහ කලාට එයා ගොඩක් දුකින් ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා. මම එයාව හිමින් වැළඳගත්තා. එයාගේ අතක් මගේ ඔලුව හිමින් අතගානවා මට දැනුණා.

"ජිමිනි ඔප්පාට ඉක්මනටම හොඳ වුණාට පස්සේ එයාට පුලුවන් නේ ජිසොන් ඔන්නි ගාවට යන්න. නේ?" මම හිමින් මගේ ඔලුව උස්සලා ජින්  දිහා බලලා ඇහුවා. එයාගේ තොල් අතර සිහින් මලානික හිනාවක් විහිදුනේ මං දිහා බලාගෙන ඉද්දී. "නේ.., ඔයා හරි! ඒ දෙන්නාට ඉක්මනටම හොඳ වෙනවා! එතකොට පුලුවන් එයාට ජිසොනාව බලන්න යන්න!" එයාගේ අත් මාව ගොඩක් තදින් වැළඳගෙන මගේ නළලතින් උණුසුම් හාදුවක් තිබ්බා මට දැනුනා. මමත් එයාට දිගම දිග උණුසුම් වැළඳගැනීමකින් සංග්‍රහ කලා.

"හෙට උදේ ඩොක්ටර් ආවාම මේ හැමදේම විසදෙයි! අපි එහෙම හිතමු!"

🥀🥀🥀
[To be continued]

📝
හෙලෝ චොකෝස්,

ඩොක්ටර් ආවාම මේ හැමදේම හරියයි!

අපි එහෙම හිතමු ද?

තෑන්ක්ස් කතාව කියවනවට, වෝට් කරනවට, කමෙන්ට් කරනවට!

_🐞මිස් මින්ට චොකෝ🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now