Chapter 6

63 18 4
                                    

ඒත් එක්කම මට ඇහුණෙ මොකක් හරි කඩාවැටෙන ශබ්දයක්. මම එහෙමම පිටිපස්ස හැරෙනකොට දැක්කෙ store room එකේ පැත්තක් ගැලවිලා වැටෙන හැටි. ඒත් එක්කම දැනුනෙ පුදුමාකාර රස්නයක්. කඩා වැටුණු කොටස නිසා හැමතැනම ගින්න පැතිරෙන්න ඒ තරම් වෙලා ගියේ නෑ. දිගටම මෙහෙම වුණොත් මට මෙතනින් එලියට යන්න විධියක් නැතිවෙයි.

"Help me! help"📣📣📣

මම කම්බි ගහල තියන ජනේලයක් ළඟට ගිහින් හයියෙන් කෑගැහැව්ව. ඒත් එක්කම බිත්තියේ තවත් කොටසක් මගෙ ඉස්සරහට මගෙ ඉස්සරහට කඩාගෙන වැටිල එතන දුමෙන් පිරැණා. දැන් මට හුස්ම ගන්නවත් බෑ. කෑගහන්න ශක්තියක් නෑ කොහෙත්ම. මම එහෙමම බිම ඇදගෙන වැටෙනව විතරයි මතක.
_________________________________________

ආයෙත් සිහිය එනකොට හිටියෙ ඇඳක් උඩ. මගෙ ළඟ හිටියෙ අම්ම. මම එහෙමම ඇදේ ඉද ගත්තා. අම්ම මාව අල්ලගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා.

"Mom! "I'm ok!"😐😐😐

"එතන ගිනි ගන්නකම් ඔයා මොනවද කලේ 😠😠? දන්නවද මම කොච්චර බය වුණාද කියල"

"දැන් හරිනෙ අම්මා! මට මොකුත් වුණේ නෑනෙ"😆

"ඔව්! යමුකො ගෙදර😠😠😠."

දැන් ගෙදර ගියාම මට හිතෙයි ගින්නට අහු වුණානම් හොදයි කියල😧😧😧😧.

"මම doctor ට කතා කරන්නම්! ඔයාව අදම discharge කරගන්න පුලුවන්ද බලන්න. "😐😐

එහෙම කියල එයා එලියට ගියා.
මම ආයෙමත් ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට ආපහු සැරයක් දොර ඇරැණා. මම හිතුවෙ අම්ම ආපහු එන්න ඇති කියල. ඒත් ඒ ආවෙ අම්ම නෙවෙයි.
Lilly!
එයත් තාම uniform  එක පිටින්මයි. ඒත් එයාව දකිනකොට මට ආවෙ ලොකු කේන්තියක්.

"ඔයාට දැන් කොහොමද? "😐😐

එයා ඇඳ ළඟට ඇවිත් එහෙම අහනකොට මම ඇඳේ වාඩි වුණා ආයෙත්.

"ඔයා මොකටද මෙහෙට ආවෙ😠😠😠? මගෙ blood pressure එකත් වැඩි කරන්නද? ඔයා හින්ද තමයි මේ සේරම වුණේ. යනව යන්න😠😠😠😠"

මම හිතේ තිබුණ කේන්තියට එයාට බැණගෙන බැණගෙන ගියා. එයා මොනවත් කිව්වෙ නෑ. ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන හිටිය.

"මියානේ! (sorry)"😐😐

ඇහෙන නෑහෙන තරමට එහෙම කියල එයා එලියට ගියා. අම්ම ආයෙත් ඇතුලට ආවෙ ටික වෙලාවකින්.

Winter Song  (Part 2 of Just Another Spring )Donde viven las historias. Descúbrelo ahora