Chapter 9

57 18 0
                                    

"මේ ටික හොදට අහගන්නව! මම මෙච්චර කාලෙකට මට ඕන වුණ කිසි දෙයක් අතෑරල නෑ. අනික මට මීට කලින් කිසි දෙයක් මෙච්චර ඕන වෙලත්  නෑ. ලිලීගෙන් ඈත් වෙලා ඉන්නව! That's all"😑

එහෙම කියල Hyun Woo මාව අතහැරියා.

"Kang Hyun Woo තමුසෙ මොකටද මේ ලෑස්ති වෙන්නෙ? Lilly මගෙ girlfriend කියල දන්නවනෙ😠😠😠?"

"මම දන්නව ඒක බොරැවක් කියල. තමුසෙට සල්ලි වලින් ඕන දෙයක් කරන්න පුලුවන් වුණාට කිසි කෙනෙකුගෙ හැඟීම් සල්ලි වලට ගන්න බෑ. මට මේ තරම් කාලෙකට Lilly වගේ කෙල්ලෙක් හම්බ වෙලා නෑ. And you know what? I don't want to lose her"

Hyun Woo එහෙම කියල යන්න හැරිල ආයෙත් ආපහු ආවා.

"එයා පිස්සු වැඩ කර කර හිනා වෙවී හිටියට ගොඩක් දුකෙන් ඉන්නෙ. එයාට කරදර නොකර ඉන්නව"😑😑

එහෙම කියල ඌ පඩි පෙල බැහැල යන්න ගියා.

මම Hyun Woo කිව්ව දේවල් වල තේරැම කල්පනා කර කර ආපහු class එකට ගියා. ලිලී තවම පොතක් කියවනව.

"ඔයා හවසට මොනවද කරන්නෙ?"😐

මම එහෙම ඇහැව්වෙ එයා ගැන ඒ තරම් විස්තර මම දන්නෙ නැති නිසා.

"වැඩ. අම්මව බලාගන්නව. cafe එකේ වැඩ කරනව"😊

"cafe එකේ?"😕

"හ්ම්"😑

එහෙම කියල එයා ආපහු පොතට එබුණා.එදා හවස Yoon Jung text එකක් එවල අහල තිබුණ එයත් එක්ක යන්න එනවද කියල. ඒත් club එකේ meeting එක නිසා මට එයත් එක්ක යන්න විධියක් තිබුණෙ නෑ.
මම එයාව හොයන්න යනකොට මට ඇහුණෙ කවුරැ හරි බැණගන්න සද්දයක්.

"ඔයාට පිස්සුද? මම කිව්වනෙ එක සැරයක්. දැන් ඒක ඉවරයි. We are over now"😠😠

ඒ කෑගහන්නෙ නම් Yoon Jung.

"ඔයා මාව Hyun Min ව jealous කරන්න ඇමක් විධියට පාවිච්චි කලා විතරද? මම දැනගෙන හිටිය. ඔයා.."😠😠😠

ඒ ඇහෙන්නෙ  Hyun Sik ගෙ කටහඩ.

එයාල රණ්ඩු වෙනව වගේ. Yoon Jung මාව jealous කරන්න Hyun Sik එක්ක යාලු වුණා කියන එක පැහැදිලියි. ඒත් Hyun Sik එයාට ඇත්තටම කැමතියි වගේ.

මම උගුර පාදන ගමන් එතෙන්ට ගියා.
Hyun Sik මගෙ දිහා එකම එක සැරයක් බලල යන්න ගියා.

Winter Song  (Part 2 of Just Another Spring )Where stories live. Discover now