Chapter 10

56 18 0
                                    

"2-3 class එකට, ඒ කියන්නෙ මේ class එකට දෙන්න හදපු maths paper එක නැතිවෙලා"😑😑

Teacher එහෙම කියනවත් එක්කම පන්තිය පුරාම මුණු මුණුවක් ඇහෙන්න පටන් ගත්ත.

"silence!"📣

Teacher ආයෙත් තට්ටුකලා මේසෙට.
ආයෙත් කට්ටියම නිශ්ශබ්ද වුණා.

"හැමෝම මෙතන ඉන්නවද?"😤

එයා ඇහැව්ව!
ලිලී ඇරෙන්න හැමෝම එතන හිටියා.

"Kim Bo Young ඇරෙන්න හැමෝම ඉන්නව."😑

Class president නැගිටල එහෙම කිව්ව.

"එයා කොහෙද කියල කවුරැ හරි දන්නවද?"😕

Teacher එහෙම ඇහැව්ව. කවුරැත් කතා කලේ නෑ.

"හරි කමක් නෑ! අපි හැම තැනක්ම චෙක් කරන්න යන්නෙ. All of you please co-operate"😤

"කොහෙද චෙක් කරන්නෙ?"😮

එහෙම ඇහැව්වෙ class president.

"මුලින්ම ඩෙස්ක් එකේ ලොකර්ස් වල තියන දේවල් එලියට දාන්න"😤

ලිලී හිටියෙ නැති නිසා මම එයාගෙ locker එකත් හිස් කලා. මුලු class එකේම බැලුවත් paper එකක් තියා මොකක්වත් හම්බ වුණේ නෑ.
හැමෝම ආයෙත් කලබලෙන්.

"මෙතන විතරක් චෙක් කරල අපිට ඒක හොයාගන්න බෑ. හැමෝගෙම Lockers චෙක් කරන්න වෙනව"😤😤

එයා ඒ කියන්නෙ බෑග්, පොත් වගේ හැමදෙයක්ම දාල තියන ඉස්සරහ තියන lockers ගැන.
ඉතින් හැමෝම එතනට ගියා.
හැමෝගෙම lockers වල තිබ්බ දේවල් එලියට ආව.
අලි, කොටි , වලස්සු , නැතිවුණ maths paper එක හැර අනිත් සේරම තිබ්බ. ඒ වෙනකනුත් ලිලී ආවෙ නැති නිසා එයාගෙ locker එකත් ඇරියා. ඒක ඇතුලෙත් කිසිම පිලිවෙලක් නෑ. පොත් අස්සෙ, ලාච්චුවේ හැමතැනම බලල අන්තිමට music case එක open කලා. Teacher ඒකෙ තිබිල මොකද්ද කොලයක් ඇදල ගත්තා.

"Kim Bo Young!"📣📣📣📣

එයා කෑ ගැහැව්ව.
ඒ තියෙන්නෙ නැතිවුණ paper එකද😕😕😕?
පේන විධියට එහෙම තමයි.

"එයා මෙතන නෑ"😕

Class president ආයෙත් කිව්ව.

" කවුරැහරි එයාව හොයාගෙන එනවා..... ඉක්මණට"😠😠😠

Teacher බෙරිහන් දෙන්න පටන් ගත්තා.
කවුරැවත් මොනවත් කිව්වෙ නෑ. මම එතනින් ගියේ එයා ඉන්නෙ කොහෙද කියල බලන්න. මම පඩිපෙල බහැල යනකොට එයා පඩිපෙල නගිනව.

Winter Song  (Part 2 of Just Another Spring )Where stories live. Discover now