chapter 7

519 152 10
                                        

🌟🌟කියෝ 🌟🌟
🌟🌟chapter 7🌟🌟

"නූනා...."
.
.
.

මම උඩට දුවගෙන යනකොට ජිමින් ඇදේ ඉදන් ෆෝන් එකත් කනේ ගහන් ඉන්නෝ...

" ඇ...ඇයි ..ඇයි ..මොකද...මොකද්ද උනේ..."

" නූනා... අර කට්ටිය අද එනවලු ...."

" මො..න....කට්ටියද...ජිමින්..."

දුවගෙන ආව වේගෙට හිටගෙන ඉන්නත් පන නෑ....

" ටේයි ,කුකියී ජූන් හ්‍යුනුයි අද එනවලු...."

" ම්...මොකක්..දැන්..."

" ඔව් නූනා...අද අපි මගේ නූනගෙ සෙමට්‍රි එකට යනවා...අපි හැමෝගෙම අම්මල තාත්තලා බලන්න....ඉතින් දැන් ජින් හියුන් එන ගමන් වෙන්න ඇති....අපි වෙනදා මේ දවසට ගෙදර එන්නෙ හුගාක් රෑ වෙලා.....ඉතින් නූනා බලන් ඉන්න එපා...."

" හැ...ආ..හා...ජිමින්....ඔයාල රෙඩි වෙන්න හෙල්ප් එකක් ඕනෙද..."

" න්..නෑ නූනා...."

එතකොට තමයි මතක් වුනේ මම කුමාරයට පොවන්න කිරි එකක් හදන ගමන් හිටියෙ කියලා....

ඒකත් හදලා කුමාරයට ලෙර්සියෙන්ම පොවාගත්තා....රැජිනිය හොදින් ඇති නේද දෙයියනේ....ඇයි තාම ආවෙ නැත්තේ....

මම එලියට ගියේ ජින් ඔප්පගෙ හෝන් කරපු සද්දෙට....මම එද්දි ජිමින් දොර ගාව ..ඒත් කොහොමද...කෝ වීල්චෙයා එක...

" නූනා...මම යනෝ...ඔයා එන්න එපා ක්ලචස් නිසා මට යන්න පුලුවන්....පරිස්සමින් ඉන්න නූනා...කාලා නිදාගන්න ...බායි"

ජිමින් යන දිහා මම බලන් හිටියෙ හිස් හැගීමකින්...අනිත් කොල්ලො තුන්දෙනා මොන වගේ වේවිද...
.
.
.
.
.

Next day morning ¥__¥

ජිමින්ලා ගෙදර ආපු සද්දෙට මම ඇහැරුනත් මම එලියට ගියෙ නැත්තෙ අනිත් තුන්දෙනාට මූන දෙන්න මොකද්ද මොකද්ද වගේ නිසා...

ඒත් ජිමින් කලින්ම මට එයාලා ආස දේවල් කියලා තිබ්බ නිසා මම උදෙන්ම නැගිටලා බ්‍රෙක්ෆස්ට් රෙඩි කලා...කිසිම වැරැද්දක් නොවෙන විදියට...මට ඕනි නෑ ඇත්තටම මේ ගෙදරින් යන්න....එහෙම උනොත් මම ආයෙ මගේ රාජධානියට යන්න කොහොමද ????

නම්ජුන්ශි කැමති එයාගෙ බෙඩ් ටී එක උදෙන්ම කාමරේ තියෙනවට...ඒක හරි...ගෙනිහින් දුන්නා...මූන නම් දැක්කෙ නෑ...අනිත් පැත්ත හැරිලනේ ඉන්නේ...

🌟🌟කියෝ 🌟🌟||JHS✅Where stories live. Discover now