chapter 16

496 142 24
                                        

🌟🌟කියෝ 🌟🌟
🌟🌟chapter 16 🌟

මට අන්තිමට දැනුනේ මගේ හොද සිහිය ටික ටික මගෙන් ඈත් වෙනවා කියලා විතරයි ........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ලාවට වගේ වටෙන් ඇහුන කටහඩවල් ටිකක් නිසා මම අමාරුවෙන් ඇස් ඇරියේ...

අහ්...මගේ ඔලුව...පැලෙන්න වගේ...ෆීනික්ස් යද්දි මගේ ඔලුවට හූනියමක්වත් කරලා ගිහින්ද මන්දා....

මම ඇස් ඇරිය ගමන් ඊට වඩා වේගෙන් ඇස් වහගත්තේ ඉරඑලිය මගේ මූනටම වැටිලා තිබ්බ නිසා.. 

මම හිමීට ඇස් ඇරලා බැලුව ගමන් දැක්කේ ආරි නූනව ... මම ගැස්සිලා ඇහැරුනේ ආරි නූනා කොහොමද මං ලං ඉන්නෙ කියලා හිත හිත....

" ජින් ඔප්පා....ලමයි එන්න...එන්න...කියෝට සිහිය ආවා...."

ආරි නූනගෙ කට තමයි කට...මගෙ කන් දෙක නිවන් ගියා වගේ....එත්කොට තමයි මම වටපිටාව බැලුවේ මම හිටියේ මගේ කාමරේ....ඒත් එක්කම පිස්සු වැටුන හරක් රැලක් වගේ කොල්ලො හත්දෙනාම කාමරේට කඩාගෙන ආවෙ ඇසුත් ලොකු කරන්....

එතනිනුත් හොබී ඔප්පා පැනපු ගමන් එල්ලුනේ මගේ බෙල්ලේ....

" හ්..හ්..හොබී ඔප්පා...හ්..හුස්ම ගන්න බෑ...හුස්ම ගන්න අමාරුයි ..සුට්ටක් එහාට වෙන්නකෝ"

හොබී ඔප්පගෙ ඇසුත් ඉදිමිලා...අඩලවත්ද....කොහෙද මට හි‍ත කියවන්නත් බෑනේ...

" කට්ටිය ...මම එහෙනම් යනවා...මට හොස්පිටල් එකට යන්න පරක්කු වෙලා තියෙන්නෙ ...කියෝ රෙස්ට් කරන්න හොදේ ඩියර්... ඔන්නි ඔයාව බලන්න රෑට එන්නම්..."

ආරි නූනා මගේ නලලට කිස් එකකුත් දීලා ඉක්මනට ගියා...ඒත් එක්කම ජින් ඔප්පත් ගියා...සුගා ඔප්පා අනිත් අයත් එක්කගෙන එලියට ගියා...ජිමින් මගේ දිහා බලන් ඉදලා අකමැත්තෙන් වගේ ගියේ ...එයාගෙත් ඇස් ඉදිමිලා...මූනත් මැල වෙලා...මට මොකක් උනාද මන්දා...

" කියෝ...හරි පන්ඩිතයි නේද ආ...බලනවා මම ආවෙ නැත්තන් තාම තනියම අතන සිහිනැතුව....දෙන්න හිතයි ඔලුව හිල් වෙන්න පොල් ටොක්කක්...දන්නෙ නැද්ද අපි ඔයා ගැන වද වෙනවා කියලා..මොනා හරි උනානම්...මං ගැන පොඩ්ඩක් හිතන්න තිබ්බා..මම කොච්චර බය වුනා කියලද හිතන්නෙ ආ ... හොල්මන...මම හොරාට හරි පස්සෙන් ආවෙ නැත්තන් මොකද කරන්නෙ....අනේ ඇත්තමයි මට එන කේන්තියක්....
.
.
.
."

🌟🌟කියෝ 🌟🌟||JHS✅Место, где живут истории. Откройте их для себя