CHAPTER - 5

522 151 7
                                        

🌟🌟කියෝ 🌟🌟
🌟🌟chapter 5🌟🌟

ඉස්සරහට මගේ ජීවිතේ මොන වගේ වේවිද?...කොහොම ගෙවේවිද?...

මම උදේම ඇහැරුනේ කන ගාවින් ඇහිච්ච කෙදිරිලි සද්දයක් නිසා...

අම්මෝ ලමයෙක්!!!...ආ...නෑ ..නෑ...කුමාරයනෙ මේ...

මම කොහෙද මේ...ආශ්...ආ...එතකොට තමයි මට ඊයෙ දවසෙ වෙච්ච දේ මතක් උනේ....

අම්මෝ කුමාරයට බඩගිනි වෙලාද කොහෙද?...මොකද කරන්නෙ..ආ..හරිනෙ ජින් ඔප්පා  ඊයෙ දුන්න කිරි...ඒව ටිකක් දෙනවා....

මම සටස් ගාලා ඇදෙන් පැනලා ගිහින් කුස්සියෙන් ඒ කිරි එක  හොයාගෙන ඇවිත් පෙව්වා...

කුමාරයා ඇඹරෙන්නෙ ඇගට අපහසු වගේ නිසා වෙන්න ඇති ...විනාඩි පහලවකින් වගේ ඉක්මනට මමත් පිරිසිදු වෙලා කුමාරයවත් හොදට නාවලා කුමාරයට අන්දලා තිබ්බ ඇදුමත් හෝදලා හොදට ඉර එලිය වැටෙන තැනක වේලෙන්න දැම්මෙ පැය බාගෙකින් වගේ ඇදුම් ටික වේලෙන නිසා...

මාත් ඉක්මනට කාමරේ අස් කරලා බලද්දි කුමාරයට නින්ද ගිහින්...හ්..ඇගත් සෝදලා බඩත් පුරවපු නිසා හොදට නිදි...

මට අදින්න මොකෝ තව ඇදුම් තියෙනවයි..දාඩිය ගදයිත් වගේ...ඒත් කමක් නෑ ඔන්න ඔහේ...මම සුටුස් ගාලා ගියෙ මාව මෙහේ තියාගන්නවට මම එයාලට පොරොන්දුවක් දුන්නනේ...මම ඒක අනිවාරෙන් රකින්න ඕනි නිසා..

ඔව් ඔව් මම තමයි අද ඉදන් මේ ගෙදර හැම වැඩක්ම වගේ බලන්න...අයියෝ මම එද්දි ජින් ඔප්පා උදේට උයනවා

එයාලත් දැන් නැගිටල තියෙන්නෙ..මම කලින් එද්දි එයාලා හිටියෙ නෑනේ...

" ආ...කියෝ නැගිට්ටද...මම උදේට කන්න කෑම හදනවා...ඔයාට තාම මෙහේ කෑම හදලා පුරුද්දක් නෑනෙ...පුලුවන්නම් පොඩ්ඩක් ජිමින්ව බලල එන්න...."

ජින් ඔප්පා කිව්ව ගමන් මාත් සුටුස් ගාලා දිව්වෙ ජිමින්ව බලන්න....

මම යද්දි කොල්ලා ඇදට වෙලා බලාගෙන ඉන්නවා ...

" කියෝ නූනා...එන්න මොකද දොර ගාව...අනේ බාත්රූම් එකට යන්න උදව්වක් දෙන්නකෝ..."

මම කැමැත්තෙන්ම ජිමින්ව දත් මද්දන්න එක්කන් ගියා...එයා දත් මැදලා මූන සෝදනකම් මම එලිය වෙලා හිටියා..

🌟🌟කියෝ 🌟🌟||JHS✅Dove le storie prendono vita. Scoprilo ora