7.Darn it!!!

167 44 10
                                    

"මොකක්ද??"
මම බයෙන් එහෙම ඇහුවේ එයා ඒක නිකන් එයාගේ අතින් වෙච්ච ලොකු වැරැද්දක් ගානට දාලා ඒක කිව්ව නිසා.

"ඒක අපිව බය කරන දෙයක් ද??ඒකෙන් අපි ලොකුවට බය වුනොත් මම ඔහෙව ඉතුරු කරන්නෙ නෑ කියලා මතක තියා ගන්නවා!!"
මම කියාගෙන ගියා

"අහන්නකෝ මම හිතන්නෙ නෑ ඒක එච්චර ලොකු දෙයක් කියලා හැබැයි ඒක හොද දෙයක් නෙමෙ..."
ෆෙඩික් අපි හැමෝගෙම මුහුන දිහාවට ඇස් යැව්වා.

"තවත් බය කරන්නෙ නැතුව කියපම් බන්"
එරික් ෆෙඩික්ට පහරක් ගැහුවා.

"මෙකයි අපේ අම්මා-"

"ලමයි...මොකද වුනේ කෝ මෙරි ආන්ටි??"
ෆෙඩික් කියන්න හදද්දිම එතනට එමි කඩාපාත් වුනා.

"මේ ඉන්නෙ"
මම ඩෙස් එකට ඔලුව ගහගෙන නිදියගෙන ඉන්න මේරි ආන්ටිව එමිට පෙන්නුවා.

"ආන්ටිට ගොඩක් අමාරු පාටයි.ෆෙඩි අපිට දෙයක් කිය කිය හිටියේ...ඔයත් වාඩෙ වෙන්නකෝ"
මම එයාට වාඩිවෙනා එහාට වුනා.

"මැල්කම් මට සමාවෙන්න මට ඔයාව බේර ගන්න බැරි වුනා සමාවෙන්න"
එක පාරට ආන්ටි හීනෙන් වගේ දොඩවන්න ගත්තා.

"මොකා??"
කිසිම දෙයක් තෙරුනේ නැති මම ඇහුවා

"මම ඔයාලට කියන්න ගිය කතාව ටිකකින් කියන්නම් අපි ටිකක් ඉමු අම්මව ගන්න එන ආන්ටි එනකම්"
ෆෙඩික් කිව්වෙ මේරි ආන්ටි කිව්ව දේට ගොඩක් දුක හිතුනා වගේ.

"කවුද මැල්කම් කියන්නෙ??"
ටිකක් වෙලාවක් නිහඩව හිටපු අපේ නිශ්ශබ්දතාවය එරික් බින්දා.

"මගේ තාත්තා.....එයා මැරුන දවසේ ඉදන්ම අපේ අම්මා මෙහෙමයි.මට තෙරෙන්නෙ නෑ අපේ අම්මා හින්දා තාත්තා මැරුනේ කොහොමද කියලා එත් මට තෙරෙනවා එයා මට පොඩ්ඩක් වත් ආදරේ නෑ කියලා එයා තාත්තා ගැන විතරයි හිතන්නෙ. මමයි හැමදේම විදවන්න ඕනේ.."
ෆෙඩික් දුකින් මුහුන පහත් කරගත්තෙ කියාගන්න බැරි දුකකින්.

"අනේ ෆෙඩි එහෙම කියන්න එපා අපි ඔයාට ඉන්නවා නේ අපි ඔයාට ආදරේයි ගොඩක්."
මම මේසෙ උඩ තිබ්බ ෆෙඩික් ගේ අත් දෙක පිරිමැද්දා.

එක පාරටම ෆෙඩික්ගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා.

"ආ....ආන්ටි. ඔව් ආන්ටි කියන්න. ආ ඔයා ආවද ඉන්න මම අම්මව එක්කක ගෙන එන්නම්."
ඒ ආන්ටි එක්ක කතා කරලා ඉවර වුනහම ෆෙඩික් අම්මාදිහා බලලා ආයිත් අපිදිහා බැලුවා.

Riyana | රියානාजहाँ कहानियाँ रहती हैं। अभी खोजें