අපි හැමෝම කාලා බීලා ලැස්ති වෙලා එරික්ව පුදුම කරවන්න පුලුවන් තැනකට එක්කන් ආවා එක නිකන් ගස් වලින් පිරිච්ච පිට්ටනියක් වගේ.එතන හොදට ඉඩ තිබුනා.
අපි එතනට එනකම්ම එරික්ගේ ඇස් එමිගේ අත්වලින් වැහිලයි තිබුනේ.එමි අත් ලිහිල් කරපු ගමන් එරික් එයාගේ ඇස් ලොකු කරගත්තා.
"මේ කොහෙද මේ....කොහෙන්ද මෙතනට ආවේ????"
එරික් රවුමක් කැරකිලා වටපිට බැලුවේ එතන කෑලෑවක් මැද්ද බව තෙරුනා එතනට එන්න පාරක් තිබුනේ නැති නිසයි."මේක අපේ place එක...දැනුයි ඔයා දන්නෙ"
"මොකක්ද?? මොකක්ද??"
එක අපි එරික්ගෙන් හංගපු රහස් දෙයක් බව එමිගේ කතාවෙන් ඔප්පු වුන නිසා එරික් ප්රශ්න කලා." නෑ නෑ එරික් අපි තුන් දෙනා පොඩි කාලේ ඉදන්ම අපේ බලයෙන් කරන්න පුලුවන් අලුත් දෙයක් හම්බ වුනාහම මෙතනට තමයි ඇවිත් practice කරන්නෙ..."
මම පැහැදිලි කරන්න ගත්තඑරික් ඉනට අත් බැගත්තෙ මොකක් හරි මතක් වුන විදිහට."ආ එහෙමද එහෙනම් තොපිලා තුන් දෙනා හිටපු ගමන් අතුරුදහන් වෙන්නෙ මෙතනට නේ"
අපි තුන්දෙනා මූනට මූන බලාගත්තේ විරිත්තපු හිනාවක් එක්ක.
"අපිමයි මේ තැන හදාගත්තේ." ෆෙඩික් කිව්වා. "මේ ලොකු ගස්වලට අපේ බලයන් වැදුනට මුකුත් වෙන්නෑ...රියා තමයි ඒවා හැදුවේ."
එරික් උසට විහිදුනු ගස් දිහා බලන්න ඔලුව ඉස්සුවා...එක ඇත්තටම පුදුමාකාර වැඩක්.එරික් ඒ බැල්මෙන් මන් දිහා බලද්දි මම කොලර් එක උස්සගත්තා.
එරික් කටකොනකින් හිනා වුනේ අමුතු ලැජ්ජාවකින් එක මටත් අපහසුවක් වුනා. "අම්බෝ ෆෙඩියෝ හොද ආතල් නේ කෙල්ලො දෙන්නෙක් මැද කැලෑවක් අස්සෙ ඉන්නකොට"
"මොනාද එරික් කියන්නෙ අපේ ෆෙඩි එහෙම නෑ"
මම ෆෙඩික්ව වැලද ගත්ට්ගා."ඒක තමයි"
ෆෙඩික් ආපිට මාව වැලදගත්තා.ඉක්මනට අපි දෙන්නගේ ලගට ආපු එරික් මාවයි ෆෙඩික්වයි ඈත් කලා. "ආ.... හරි හරි මම විහිලුවක් කලේ ඕකට ඔච්චර මැරෙන්න ඕනෙ නෑ නෙ එහාට යනවා"
"හරි හරි දැන් අපි වැඩේ පටන් ගමු"
එමි එයාගේ කටහඩ අවදි කලේ අත්දෙක පිරිමදින ගමන්.
आप पढ़ रहे हैं
Riyana | රියානා
Fantasy(fantasy-romance) My first work so don't mind the mistakes and don't expect them in my other books... Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්...