32.end of the long day

130 31 42
                                    

(මාත් කුහරේ ඇතුලට පැන්නා)

(ඇස් දෙක ඇරලා බලද්දි මම හිටියේ ලොකු කලු පාට දොරක් ගාව...එකේ ලස්සන සිංහ රූප ගොඩක් කැටයම් කරලා තිබ්බා සිංහයන්ගේ අස්සෙන් ආව නයෙක් නිකන් දෂ්ට කරන්න වගේ දොරෙන් එලියට ඇවිත් තිබුනා....එක තමයි දොර අරින කෑල්ල...මම දොරෙන් ඇහැ එලියට අරන් වට පිට බලන්න හදද්දිම-)

☄️එන්න අපි ඉකමනට ඇතුලට යමු!!!

(එක පාරටම එයා අර නයාගේ දල අස්සෙන් අත දාලා ඉස්සරහට තල්ලු කරන ගමන්ම මාවත් අතින් ඇතුලට ඇදලා ගත්තා)

🥀මේකද darkness tower එක..?

☄️හම් හම්...

(එක ඇතුලට ආව ගමන්ම මට මතක් වුනේ අර ස්කුබී ඩූ එකේ හොල්මන් මන්දිරයක්...😂 එක ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම darkness ම තමයි.අපිට ඇතුල් වුන ගමන්ම පටු පාරකුයි තිබ්බේ...ඇතුලට ඇවිදන් යද්දි තිබ්බ බිත්ති සම්පූර්ණයෙන්ම ගොඩක් ලොකු පින්තූර වලින් පිරිලා තිබ්බා එවයේ තනි තනි අයයි හිටියේ ටිකක් වයසක අය වගේ....එවා ගොඩක් පරන හරිම අදුරු පින්තූර එත් එවයේ හිටිය අයව පැහැදිලිව පෙනුනා...ඒ වගේම කාමරත් මාරුවෙන් මාරුවට දෙපැත්තෙ තිබ්බා.....මට පුදුමේ කියන්නෙ එක ලයිට් එකක් බිත්තියේ වත් කොහෙවත් පෙන්න තිබ්බේ නැහැ...එත් කොහොම හරි අපිට හොදට ඇස් දෙකෙන් වටපිට පේන විදිහට එලියක් කොහෙන්දෝ විහිදුනා...මට නම් හිතාගන්න බෑ එක මායාවක්!!!)

(ඉස්සරහට යන්න යන්න ඉවර වෙන්නෙ නැහැ කියලා හිතුන පාර දැන් නම් ඇවිද්දා ඇති කියලා හිතෙනකොටම කොහෙන්ද මන්දා දොරක් ඉස්සරහට ඇවිත් පාර ඉවර වුනා....)

☄️හොකාගෙ ගේ කාමරේ...ඇයි අප්පාහ් මේක මෙච්චර ඉක්මනට ආවේ!!! මට ඔයාට මුකුත් කියා ගන්නත් බැරි වුනා නෙහ්..

🥀ඉක්මනට ආවා කිව්වෙ?? අපි ඇවිදන් එද්දි දොර හම්බුනා එච්චරයි නෙහ්???

☄️හරි හරි ඔය ජැකට් එක ගලවන්නකෝ..

(එයා එහෙම කියලා දොර ගාව එහා පැත්තෙ තිබ්බ ජැකට් එල්ලන රැක් එක පෙන්නුවා..අපි එකෙන් ජැකට් එක ගලවලා දැම්මට පස්සෙ ලියා දොරට තට්ටු කලා)

(දොර ඇතුලෙන් කටහඩක් ආවා)

- කවුද???

☄️මම ලියා..හොකාගෙ ගේ දුව තව රියා සිබ්ලින් නුත් ඉන්නවා..

Riyana | රියානාजहाँ कहानियाँ रहती हैं। अभी खोजें