11.අකුණුවලට හේතුව

170 36 20
                                    

එමිගේ කතාව අහන්න සූදානමින් මම එමිගෙ පැත්ත හැරුනා. එත් ඇත්තටම මගේ ඔලුව ගොඩක් රිදෙන බව මට දැනෙන්න අරගෙනයි තිබුනෙ.

"ආහ්...මේක ගොඩක් රිදෙනවා නෙ.."
මම කිව්වෙ ඔලුව අල්ලගෙන පහත්වෙන ගමන්.

"ඒයි පිස්සි දගලන්න එපා ඔයා දවසක්ම සිහි නැතුව හිටියා.ඔලුව රිදෙන්නෙ නැද්ද ඉතින් ????"
ඒ කතාවෙන් ඔලුව රිදිල්ලටත් වඩා පපුව ගැලවිලා යන්න වගේ හැගීමක් දැනුනා...මගේ ඔලුවේ බරවැඩි වෙන තමටම ලොකු බැන්ඩේජ් පටි ගොඩක් බැදලා ඇති කියලා මම උපකල්පනය කලා.

"මොකා මම දවසක් සිහි නැතුව හිටියා??"
මගේ පුදුමය මම පිට කාලා.

"ඇයි ඔයාට මුකුත් මතක නැද්ද??"
එමි ඇහුවේ මට මතකය අමතක වෙලා ඇති කියන මොඩ අදහසින් බව මට තෙරුනා.

"නෑ නෑ මතකයි.බංකුවට අකුණක් ගැහුවා......මම කලන්තෙ දම්මා......ආ හරි නේ මුලු අහසම කලුවර වුන නිසා මට මතක ඊයේ රෑ කියලා..."
මම මට මතක දේවල් එකින් එකට ගැලපුවා.

" එහෙමද???
ඇයි ලමයෝ අපි පාන්දරම නැගිටලා නේ jogging ගියේ. ඔයාට කලන්තේ දාද්දි උදේ 8ට විතර ඇති."
එමි මට පහදලා දුන්නා.

"අයියෝ අපරාදෙ දවසක්ම!!"

"මෝඩයෝ ඒක නෙමේ අහ ගන්නවා headlines"
එමි මගේ කකුලට තට්ටුවක් දැම්මා.

"හා හා කියන්නකෝ"

"එවෙලෙ එක පාට්ටම අකුණ ගැහුවට පස්සෙ ඔයා කලන්තෙ දැම්මා...
එරික් ගේ ඇගේ නිකන් ආදෙක් වගේ හැම තැනම විදුලිය තිබ්බා නිල් පාටට"
එමි එවෙලෙ දැකපු දේ දැනුත් දකිනවා වගේ මට විස්තර කරා.

"ඒයාගේ ඇස් දෙක  නැති වෙලා ගිහින්  වගේ පෙන්න තිබ්බෙ ඇස් දෙක වෙනුවට තිබ්බෙ  නිල් පාට විතරයි...හොද වෙලාවට වටේ ඉන්න මිනිස්සුන්ට පෙනුනේ නෑ හැම තැන දූවිලි තිබ්බ නිසා...එහෙම වුනේ ගොඩක් හුලග ආව නිසා පෙනුනනද කියන්නත් බෑ..."
එමී මතක් කලා.

"එක පාට්ට එරී ආයිත් සාමාන්‍ය අතට හැරිලා බිම වැටුනා.එයා ඔයා ගැන බය වෙලා හිටපු නිසා ආයි ඒ ගමන්ම නැගිටල දුවගෙන ඇවිත් ඔයාව උස්ස ගත්තා.ඊට පස්සෙ අපිට ඉක්මනට ගෙදර යන්න කියලා එයා ඔයාවත් අරන් taxi එකක නැගලා ගියා.ඊට පස්සෙ මොකක් වුනාද දන්නෙ නෑ මම call කරත් එරී phone අරගත්තෙ නෑ. මම බය වුන හින්දා තාත්තට call කරලා හැම දේම කිව්වා.තාත්තා කතාවෙ බාගයක් කියද්දිම phone එක තිබ්බා.
ඊට පස්සෙ මමයි ෆෙඩියි taxi එකකින් ගෙදර ආවා.

Riyana | රියානාजहाँ कहानियाँ रहती हैं। अभी खोजें