19.skip

175 36 27
                                    

එයා මට ගහන්න අත ඉස්සුවා

මම ඇස් දෙක වහ ගත්තා එයාගේ පාර කනවා කියලා හිතා ගෙන.ඒත් ටික වෙලාවක් ඇස් වහ ගෙන ඉද්දි චටාස් වගේ සද්දෙකින් ලැබෙයි කියලා හිතුන පාර ලැබුනේ නෑ...

එයාට ඒකට ඩෙටා මදිද බලන්න මම ඇස් දෙක ඇරියා.එතකොටම සද්දෙන් අකුණක් ගැහුවා.මම හිතුවේ එරික් කියලා....ඒත් ඒ නික්...නික් ඒ කෙල්ලගේ අත අල්ලන් හිටියා. ඒත් මම බලාපොරොත්තු වුනේ එරික්ව!!!

එයාගේ අකුණ මට දැනෙනවා එයා කෝ මම එයාව හොයන්න වට පිට බැලුවා එයා හෝල් එකට ඇතුල් වෙන දොර ගාව ඇස් දෙක රතු කරගෙන බලන් ඉන්නවා. නටාලියා නික් දිහා බලාගෙන ඔරවන් ඉන්නවා එයාගෙ ඇස් රතු වෙලා කදුලු වැක් කෙරුනා .මට කරන්න ඕනෙ මොකක්ද කියලා හිතා ගන්න බැරි වුනා...

නික් එක පාට්ට නටාලියාගෙ අත ගසලා දැම්මහම එයා අඩ අඩා එලියට ගියා.

"රියා ඔයා හොදින්ද??"
නික් මගේ මූන අත් දෙකෙන්ම අල්ලන ගමන් කිව්වා...මම තාමත් එරික් දිහා බලාගෙන.

"රියා කතා කරන්නකෝ ලමයෝ!!! රියා!!!"
එයා මගේ මූනට තට්ටුවක් දැම්මා.

"ආ.....අහ්....මම ටිකක් බය වුනා."
එයා එක පාට්ට මාව බදා ගත්තා. එතකොටම ලොකු අකුණක් ගහලා මුලු ශාලාවෙම කරන්ට් එක නැති වෙලා ගියා.

කවුරු හරි මාව ඇදගෙන යනවා වගේ දැනුනා ඒත් මට කවුරු වත් පෙන්නෙ නෑ. මිනිස්සු අතරින් එයා මාව ඇදගෙන ගිහින් එක පාරට බිත්තියකට හේත්තු කලා.
එත් එක්කම කරන්ට් එක ආවා.

මට මගේ ඉස්සරහ ඉන්න කෙනා පැහැදිලි වුනා ඒ එරික්.

"එරික් ඇයි ඔයා මාව ඇදගෙන ආවේ.නික් බය වෙලා ඇති....අනික ඇයි ඔයා නිතරම ඔයාගෙ බලය පාවිච්චි කරන්නෙ ආ?? ඔයා හිතනවට වඩා එක බයානක වෙන්න-"

"නික්!! නික්!!!! නික්!!!! ඌ තමයි හැම මගුලම!!!"
මගේ කතාව ඉවර වෙන්නත් කලින් එරික් කේන්තියෙන් කෑ ගැහුවා.

"එරික්.."
එරික්ට මෙච්චර කේන්ති යන්න හේතුවක් මට හිතාගන්න බැරි වුනා.

"එපා එපා...යන්න නික් ගාවට මම මොකෙක්ද.....ඉතින් යනවා....යනවා"
එයා මාව තල්ලු කරා.

Riyana | රියානාजहाँ कहानियाँ रहती हैं। अभी खोजें