18.enemies

176 40 30
                                    

"අම්බෝ මට බෑ දෙයියනේ!!"

"මොකද ගොනෝ හිනා වෙන්නෙ??"

"නෑ නෑ මුකුත් නෑ ඔයා ගිහින් පොඩ්ඩක් බලන්න.ඇස් දෙක වහගෙන ගිහින් බිත්තියක වදී ද දන්නෙ නෑ"
එරික් මල් හිනාවක් දැම්මා.

"බෑ යන්නෙ නෑ මට කියනවා මොකද වුනේ??"

"මේ මොන කරදරයක්ද????"

"මොකක්ද කිව්වෙ ආ??"

"මෝඩියේ එයා අපේ අම්මගේ තරුන කාලේ දැකලා නෑ නෙ ඒ නිසා එයා මගෙන් ඇහුවා ඒ මගේ girlfriend ද කියලා ඒකයි..."

"girlfriend?????"
එමිත් හිනාවෙන්න ගත්තා.

" අනේ මෝඩි ඒත් ඉතින් ඔච්චර ලැජ්ජ වෙන්නෙ මොකටද?? අනික ඉතින් රියාට මොකද ඔයාගෙ girlfriend ගැන මමවත් හොයන්නෙ නෑ නෙ...."
එමි කල්පනාවට බර වුනේ සැකෙන් වගේ.

"ආ.....ආ....එ....එවා මන් දන්නෑ ඔයාම ගිහින් ඕනෙ නම් අහ ගන්න... දැන් ඔහේ විනාඩි දහයකට වඩා මගේ කාමරේ ඇතුලේ හිටියා නේ එලියට යනවා......!!!!"
එරික් එමිව උරහිස් දෙකෙන් තල්ලු කරගෙන ගිහින් කාමරෙන් එලියට දැම්මා.

මම හිටියේ එරික්ගෙ කාමරේ එලියේ බිත්තියට හෙත්තුවෙලා එමි එන සද්දෙ ඇහිලා මම වේගෙන් කාමරේට දුවන් ගිහින් දොර වහගත්තා.

ටිකක් හතිඅරිද්දි මගේ ඔලුව ඇතුලෙන් අමුතු සද්දයක් එක්ක කට හඩක් ඇහෙන්න ගත්තා මම එක පාරට මගේ කන් දෙක අල්ලගෙන පහත් වුනා...

"රියා...පැටියෝ...මට සමාවෙන්න ඔයාව දාලා ගියාට...මම ඔයාලා වෙනුවෙන් නිතරම ගත්තෙ වැරදි තීරන. මම ඔයාලව අමාරුවේ දැම්මා. මට..මට කාටවත් කරදරයක් වෙනවා බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ...ඔයාට තමයි මේක පටන් ගන්න වෙන්නෙ...අන්කල් මාර්ටින්ට කියන්න මම එයාට සදාකල් නයගැති කියලා."

එක..එක හරිම පැහැදිලි වුනා. කටහඩ ගෑනු කෙනෙක්ගෙ වුනත් මම ජිවිතේටවත් අහලා තිබුනෙ නෑ.එයා කියන දේවල් නොතෙරුනත් එයා අපිව...මාව හොදට අදුරන කෙනෙක්.

එත් එක්කම මගේ ඔලුව බර වෙලා "කීන්" වගේ හඩින් සද්දයක් පිටවෙන්න ගත්තා එහෙම්මම මාව ඇදගෙන වැටුනා.

එත් එක්කම එමි දොර ඇරගෙන ඇතුලට ආවා.

"රියා!!! රියා!! මොකද වුනේ ඔයාගෙ නහයෙන් ලේ එනවා!!"
එක පාරටම මන් ගාවට දුවගෙන ආව එමි මට නැගිටින්න උදව් කලා ඒ වෙනකොටත් මගේ ඔලුව ඇතුලෙන් ආව සද්දෙ නැවතිලයි තිබුනෙ.

Riyana | රියානාजहाँ कहानियाँ रहती हैं। अभी खोजें