"අනේ හරි නරකයි ඔයා කෝ මට"
එමි ෆෙඩි ගාවට වේගෙන් දිව්ව මම එයාලාගෙ අයිස් ක්‍රීම් දිහා බලලා කෙල ගිල්ලා."ඉතින් අනේ අර වෑන් එකක්ම තියෙන්නෙ අර ගන්නකෝ"
එමි තදි අයිස්ක්‍රීම් වෑන් එකක් දිහාවට අත දික් කලා."එහෙම බෑ ඔයාම අරන් දෙන්න.ඔයා දැන දැනත් ඔයාට වැඩිය මම අයිස්ක්‍රීම් කන්න කැමති කියලා මට අර ගන්නෙ නැතුව ගත්තා නේ??"
මම මගේ මුරන්ඩුකම ප්‍රදර්ශනය කලා."රියා එච්චර කැමතිද අනේ අයිස්ක්‍රීම් කන්න"
එතනට ආපු නික් ඇහුවා."අප්පා ඒ ගැන කියන්න වචන නෑ හදිස්සියේ හරි කුනු බක්කියේ කවුරු හරි අයිස්ක්‍රීම් කාලා කොලයක් දාලා තිබ්බොත් sherlock homes වගේ එයාව හොයන්නෙ "
එමි හිනා වුනා."අනේ මෙ යනවා යන්න"
මම එමිට පහරක් ගැහුවා."නෑ නෑ ඇත්ත ඇත්ත"
එතන ආපු එරිකුත් එමිගේ කතාවට සාක්ෂි බැන්දා."අනේ එරික් ඔයත් කට වහන්න"
මම මූන ඇඹුල් කරන් බිම බලාගත්තෙ ඔක්කොම මට හිනාවෙන්න ගත්ත නිසා."ඔව් කැම්පස් එකේදිත් මුන් රණ්ඩු වෙනෝ.අයිස්ක්‍රීම් වලට විතරක් නෙමේ එහෙ තියෙන හැම කෑමකටම වගේ"
ෆෙඩික් අයිස් ක්‍රීම් එකෙ අන්තිම ටිකත් කටට ඔබා ගත්තා."මොකද මොකද මගේ ලමයට ඔක්කොම විහිලු කරන්නෙ"
තාත්තා මන් ගාවට ඇවිත් මගේ ඔලුව අතගෑවා."බලන්නකෝ තාත්තේ ඔක්කොමලා මට විහිලු කරනවා"
මම තාත්තගේ උරහිසට බර වුනා."මගේ කෙල්ලට විහිලු කරලා අහුවුනොත් දෙන්නෙ හරිද දන්නවනේ මම කවුද කියලා"
තාත්තා අනිත් අයට එරෙව්වෙ මගේ කරවටෙන් අත දාලා පිරිමදින ගමන්."තාත්තා තමයි මෙයා ඉල්ලන ඔක්කොම දීලා නරක් කරන්නෙ."
එමී මන් දිහා රවලා බැලුවා."හරි හරි අද මම රියා එක්ක ගිහින් අයිස්ක්‍රීම් ගන්නම්"
එරික් ඇවිත් මගේ අතින් අල්ලගත්තේ නික් දිහාවට බැල්මක් දාන ගමන්."අනේ ඇත්තට යමු"
මාත් එරික්ගෙ අත තදින් අල්ලගෙන අයිස්ක්‍රීම් ගන්න තැනටගියා.
आप पढ़ रहे हैं
Riyana | රියානා
Fantasy(fantasy-romance) My first work so don't mind the mistakes and don't expect them in my other books... Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්...