16. normal day

157 36 43
                                    

එරික්ගෙන් කිසිම තොරතුරක් නොලැබුන නිසා ගෙදර යන්න කලින් එක සැරයක් අපි සෙනග යනකම් ඉදලා notice board එක ගාවට ගියත් ඒකෙ ඉතුරු වෙලා තිබ්බෙ ලී බෝඩ් එක විතරයි.එතන හිටපු රිලවු ටික notice එක කියවලා.කොලේ කාලා වතුර බීලා තමයි මම හිතන්නෙ එතනින් ගිහින් තියෙන්න.

"බලපන් කෝ එතන කොලයක් තිබ්බා කියලා කාටවත් කියන්න බැරි වෙන්න අපේ එවුන් වැඩේ දීලා"
ෆෙඩික් කිව්වෙ කට උල්කරගන්න ගමන් notice බෝඩ් එක අල්ලමින්.

"හරි දැන් ඉතින් ගෙදර එකාගේ මල ඇඩ් බලන්නම වෙයි"
එමි තරහින් අත්දෙක බැදගත්තා.

"හරි හරි ගෙදර යමුකෝ මුලින්"

අපි හැමෝම කැම්පස් එකේ වැඩ ඉවර කරලා ටික වෙලාවකින් ගේ ලගට ආවා.

" මේ මන් ගෙදර යන්නද අද කරන්න වැඩ වාගයකුත් තියෙනවා තව අපේ shop එක හදනවා නේ ඔයාලා දන්නවනේ"
එමි දොර අරින්න හදනකොටම ෆෙඩික් කිව්වෙ පඩිය නගින්න කකුල තියන්නෙ නැතුවම. ෆෙඩික්ලට කොෆි ෂොප් එකක් තියෙනවා මේ දවස්වල එකේ අලුත්වැඩියා කටයුතු කරන බව මට අමතක වෙලාම ගියා...ෆෙඩික් තමයි ඒ හැමදේම තනියම බලාගන්නේ මට මතකයි ඕකටම කියලා අපේ තාත්තත් මේරි ආන්ටිට සල්ලි වාගයක් දෙනවා.

"අයියෝ ඔයා ඉන්නෙ නැද්ද competition එක ගැන අහන්න" එමි දොර අල්ලගෙනම කකුල් පොලවේ ගහන ගමන් වැලපෙන්න ගත්තා.

" එමී!!!" මම කිව්වෙ ඇස් ලොකු කරමින් එමිට ඔරවන්න උත්සහ කරනගමන්. "අනේ සොරි ෆෙඩී අපිට එන්න බැරි වුනා ඔයාට උදව් කරන්නවත් හෙට මායි එමී ඇවිත් ඔයාට full sup එක දෙන්න පොරොන්දු වෙනවා."
මම වරදකාරි හැගීමකින් ෆෙඩික් දිහා බලා නොබලා හිනා වුනා.

"නෑ නෑ මම ඒක හිතලා නෙමෙයි කිව්වෙ" එයත් ආපිට හිනාවුනා. "කමක් නෑ එන එක හොදයි ඔයාලට කියලා වැඩ කරව ගන්න ඕනෙ තමයි.එහෙනම් බායි girls" අපිට ඇහැක් ගහලා එයා යන්න පිටත්වුනා.

" අපෝ ඒක කිව්ව කැත විතරක්. බායි"
මම යන්න හැරුනු ෆෙඩික්ගෙ පිටට තට්ටුවක් දැම්මා.

"අපි call එකක් දෙන්නම්"
එමි අමුතුම ස්වරයකින් කිව්වෙ කෑ ගහන ගමන්. ෆෙඩික් පිටිපස්ස නොබලම ඔලුවට උඩින් අතක් ඉස්සුවා.

Riyana | රියානාजहाँ कहानियाँ रहती हैं। अभी खोजें