📎නමවන දිගහැරුම 🖋️

41 9 0
                                    

ප්‍රභා ආපසු නේවාසිකාගාරයට යන විට එහි කවීශා සිටියේ නැත.කාමරයට ගිය ප්‍රභාට අමුතුම ආකාරයේ හැගීමක් ඇති විය.
"මන් තාම මිශන් එක ගැන හරිය දන්නෙවත් නෑ…ඇයි මන් දැනම තියාම ඒ ගැන හිතන්නේ…"
ප්‍රභා ඇගෙන්ම ඇසීය.

"කොහෙද ගියේ…?"
කාමරයට ආ කවීශාගෙන් ප්‍රභා ඇසීය.

"ඔයාට විතරක්  නෙමේ අපිත් දැන් නොකියා  ගමන් යනවා…"
කවීශා ප්‍රභාට කිවේ උදෑසන ඈ ගියේ කොයිදැයි නොකීව නිසාය.

"නෑ…ඉතින්…."

"හා…හා…කොහෙ හරි..ඒකට කමක් නෑ…"

ඒත් සමගම ප්‍රභාට ඇමතුමක් ආවේය.එම ඇමතුම අදුනාගත් ප්‍රභා දුරකතනයද රැගෙන කාමරයෙන් පිටතට ගියා ය.

"ඇයි…?…"
දහයකට ගහන්න මෙන  ප්‍රභා ඇසීය.

"ඔයාට 10 වෙද්දී හොස්ටල් එකෙන් එලියට ඇවිත් ඉන්න පුලුවන්ද?.."

"ඒ…මේක අම්බලමක් නෙමේ…මට ඕන වෙලාවට එන්නයි යන්නයි….."

"එහෙනම් මන් ඔයාලගේ ඉන්න කව්රුහරි හෙඩ් කෙනෙක්ට කතා කරලා ඔයාව එලියට ගන්නද?…"

"පිස්සු ද?එහෙම කතා කරලා මොනව කියන්නද?..…මන් එන්නම්….ඔයා හැරෙන තැන මැයි ගහ ලග ඉන්න.."

"හරි….එහේ.….."
අශේන්ට කතා කිරීමට අවස්ථාවක් නොවීය.

"මන් තියනවා.."
ප්‍රභා දුරකතනය විසන්ධි කොට නැවත කාමරයට ආවාය.

"එයා නම් හරිම වෙනස්…."
අශේන් තමන්ටම කියා ගත්තේය.

එදා  රත්‍රී 9 වන විට කවීශා ඇදට ගියාය.ප්‍රභාත් නිදා ගන්න සැරසුනද ඈට එය කල නොහැකි විය.ඈ වෙනම ම ලෝකයක තනි විය.කිසිසේත් නොසිතූ  දෙයක්.ඇගේ නෙත් ලාවට පිය වීගෙන ආවාය.
ඒත් සමග ඈට දුරකතනයේ නාදය ඇසිණි.

"ඔයා ඇවිත් ද ඉන්නේ?.."
ප්‍රභා වෙලාව බැලීය.10.10.
"අයියො….."

"හරි පොඩ්ඩක් ඉන්න මන් එන්නම්…"
හීන සීරුවට ඇදෙන් බැස කලු පාට ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක්  ඇදගත් ප්‍රභා තම බෑගයට ලැප්ටොප් එක දමා ගත්තාය.පසුව කාමරයෙන් පිටවූ ඈ වට පිට  බලමින්  වෙනකෙකුට නොපෙනෙන සේ කුඩා ඉඩ ප්‍රමාණයක පිහිටි ගබඩා කාමරයක් අසලට ගියාය.මීට පෙරදීද නේවාසිකාගාරයෙන් පිටවීමට බොහෝ දෙනා එක ගබඩා කාමරය අසල වූ අඹ ගසටනැග තාප්පයෙන් පනී.මෙවර ප්‍රභා ද එය උත්සහා කලාය.ගස්වැල් වලට නැගීම ඈට අලුත් අත්දැකීමක නොවුනද මෙවර ඇගෙ හදවටහ් මහත් වේගයෙන් ගැසිණි.කෙසේ හෝ ඈ තාප්පයෙන් පැන මහ පාරට ගියාය.

🌼ප්‍රභා🌼(completed✔️)Where stories live. Discover now