"මේ දැන් කතා කලා ඇති.නම්බර් එක අරන් එන්න…."
ඒ අශේන් ය."ආඅ……හරි අම්මි…මන් එන්නම්කො…."
ප්‍රභා කීය."කව්ද?…අම්මද?…"
ඔහු ඇසීය."ඔව් අනී….අම්මි කියනවා ගෙදර එන්නලූ…..මන් දන් යන්න ඕනේ…."
ප්‍රභා අසුනින් නැගිට්ටාය."ආඅ…..හරි…."
"මේ….ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ…"
ප්‍රභා කීවේ හුරතල් සිනාවක් පාමිණි."අ….ඔහොම ඉන්න….මේ මගෙ බිස්නස් නම්බර් එක…මන් සාමාන්‍යයෙන් වෙන අයට මේක දෙන්නේ නෑ….ඒත් ඉතින ඔයාටනොදී බෑනේ….."
ඔහු කීය."අම්මපා මුන් වග් උන්….කෙල්ලෙක් පද්දලා ගස්සලා කතා කලාම ඔක්කොම දිග අරිනවා….."
ප්‍රභා ඔහුට සිතින් බැන්නාය."හරී අයියා…මන් යන්නම්…."
ප්‍රභා එලියට ආවාය.චතුරගේ ත්‍රීවීලර් එක දුටු ඈ ඊට ගොස් නැග්ගාය."කෙල්ල වැඩේ කලා නේද?…"
මිහිර කීයේ කාරය පණගන්වමිනි."තාම වැඩ් ඉවර නෑ…"
අශේන් කීවේ ප්‍රභාට ඇම්තුමක් ගනිමිනි."හෙලෝ….හරිද වැඩෙ….."
අශේන් ඇසීය."ඔව්…එය කිව්වෙ බිස්නස් නම්බර් එක කියලා තමා…."
ප්‍රභා කීය."හරි…දැන් ඔයා කැම්පස් එකටම යන්න..ඔයාගෙ බඩු ටික ඔය වීල් එකේ පිටිපස්සේ ඇති….මන් රෑ වෙල කෝල් කරන්නම්."
"හරි.එතකොට මේ පෝන් එක මන් ගාව තියා ගන්නද?…."
ප්‍රභා ඒමට පෙර අශේන් ඈට අලුත් ඵොන් එකක් දුන්නේ ය."ඔව්…ඔයා දැනට ඕක ලග තියා ගන්න.හැබැයි වෙන කාටවත් කෝල කරන්න එපා…"
"හරි…පරිස්සමින් යන්න.බුදු සරණයි."
"හ්ම්ම්"
ප්‍රභා කිසිවක්ම නොකියා ඇමතුම විසන්ධී කලාය."ඒ….කෙල්ලනම් සුපිරියි…."
මිහිර කීය."හ්ම්…."
අශේන් කීවේ එපමණයි."හරි මිස් ඔයා පරිස්සමින් යන්න…"
චතුර කීය."ගොඩාක් ස්තූතියි…."
ප්‍රභා ස්තූතිපූර්වක සිනාවක් පාමින් කීවාය.
YOU ARE READING
🌼ප්‍රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්‍රභා💫