හවස 6වන විට අශේන් හා මිහිර අශෙන්ගේ නිවසට ආවෝය.ප්‍රභා නාන්නට ගිය නිසා කවීශා තනිවම කෑමමේසය පිලියෙල කලාය.
"අම්මෝ…මේ දෙන්නා ආවට පාඩු නෑ…"
මිහිර කීවේ කෑම මේසය දෙස බලමිනි.අශේන් ඔහුදෙස බලා සිනා විය."එහෙම තමා අපි…."
කවීශාද හිනා වෙමින් කීය."හෙට යනවා නේද?…"
කවීශා ඇසීය."ඔව්…හෙට පාන්දරම යමු..අනිත් අය අද රෑ යනවා…"
අශේන් කීය."ආ….හරි එහෙන්ම් ඔයාලට යන්න වෙන නිසා දැන්ම කාල ඉන්න…"
කවීශාකීවාය."මට ෆයිල් වගයක් ගන්න තියෙනවා…මන් ඒ ටික අරන් එන්නම්…"
එසේ කියමින් අශේන් ඔහුගේ කාමරයට ගියේය.ඒත් සමගම තම තෙත කොණ්ඩය පිසදමමින් ප්‍රභා ද නාන කාමරයේ සිට ආවාය."ඔයා…."
ප්‍රභා එකවරම ඇසීය.අශේන් උඩගියේය ."මන් හිතුවේ කවිශා සාලේ නිසා…අනේ සොරියි…"
අශේන් කීවේය.ලස්සන ගවුමක් ඇද සිටි ප්‍රභා ඇත්තටම ලස්සනට පෙනුනි.ඈ බිතුසිතුවමක සිටි ගැමි තරුණියක් වගේ ය.
"ප්‍රභා…."
කවිශා කෑ ගසාගෙනම කාමරයට ආවාය.
"ඕ…සොරියි….මන් මේ කියන්න ආවේ……අශේන් මේ….නෑ නෑ….මන් යන්නම්…"
ඔවුන් දෙදෙනා මුහුනට මුහුන බලාගෙන ඉන්නවා දුටු කවීශා කාමරයෙන් පිටවිය.
"ඉක්මනට කන්න එන්න…."
නැවත වරක් කාමරයට ආ කවීශා එසේ කියා සාලයට දිව ගියාය."කාමරයකට එද්දි කතා කරන්න දන්නේ නැද්ද?…"
"මේක මගේ කාමරේ …."
අශේන්ද තදින් කීය.
"ඇත්තටම පුරුද්දට වගේ ආවේ…කවීශාත් සාලෙ නිසා ම්ම හිතුවේ නෑ ඔයා කාමරේ කියලා…සොරියි.."
එසේ කියමින් අශේන් පිට විය.ප්‍රභා ඉන් පසු කිසිවක්ම නොකීවාය.ආහාර ගත් අශේන් හා මිහිර ඔවුන්ගේ බඩුද රැගෙන බිල්ඩින් එකට ගියොය.කවීශා හා ප්‍රභා ද හෙට යාමට බඩු සූදානම් කර නින්දට ගියෝය.
ඔවුන් පාන්දර 4ට පමණ පිටත්විය.6වන විට හලාවතට ලගා වුනු ඔවුන් තරම්ක් පාලු නගරයක නවාතැන් ගත්තෝය.
"මේ වටේ අපේ ටීම් එකේ අනිත් අයත් ඉන්නවා."
"ඔව්…අපි අද රෑට පොට් එක බලන්න යනවා..අපිට ඉන්න වෙන්නේ පික්නික් එකක් ආව කට්ටියක් වගේ..මොකද මේ වටේ ඉන්න ඔක්කොමට ඩ්‍රග් සීන්,මැර කන්ටෑක් එහෙම තියෙනව.."
මිහිර කීය."අපි ඉන්න හොටෙල් එකක් එහෙම තැනක්.ඔයාල දෙන්න පරිස්සමින් ඉන්න ඕනේ..ආ..ප්‍රභාට පුලුවන්ද මෙහෙ සීසීටීවී ටික හැක් කරන්න…"
අශේන් ඇසූවේ බොහොම හිමින් ය."හරි…"
ප්‍රභා කීය.එදා සවස අශේන් හා මිහිර ඔත්තුව අනුව පාලු වෙරලක් බෑලිමට ගියහ.ඒඑ අතරතුරේදී ප්‍රභා ඔවුන් සියි හෝටල වටා ගොස් සීසීටීවී හැක කිරීම ඇරඹුවාය.
"බොස්…අශේන් ඔෆිස් ආවේ නෑ..පොර නිවාඩු දාලා…."
"එහෙමද?….අර කෙල්ල ගැන හොයන්න…"
"හරි බොස්…."
ප්‍රභා ගේ වැඩේ සාර්ථක විය.අශේන්ද ගිය පයින්ම ආවේය.
"ප්‍රභාගේ වැඩේනම් හරි…."
කවීශා කීවේ රාත්‍රියේ ඔවුන් රැස්වූ විටය."අපේ වැඩේනම් කියන්න තරම් හොදක් නෑ…"
අශේන් කීවේය"ඇයි….මොකො උනේ?.."
කවීශා ඇසීය."අපිට යන්න දූන්නේ නෑ…උනහෙ කට්ටිය විතරයි බීච් එකේ ඉන්නේ…".
මිහිර කීවෙය ."අපිත් යන්නද බලන්න?…"
එකවරම ප්‍රභා ඇසීය."ඔයාලා කොහේ යන්නද?…"
අශේන් ගත්කටටම කීවේය."ඒ බිච් එක පාලුයි වගේ නම්..අපිට පුලුවන්නේ ඵොටොගැෆර්කෙනෙක් වගේ යන්න…."
ප්‍රභා ඇගේ යෝජනාව කීවාය."ඒකනම් මරු තමා….".
මිහිර ඇගේ අදහස ගැන සතුටු විය."මරු තමා..ඒත් මේක එදා වගේ නෙමේ..එතන හුගක් පිරිමි ඉන්නවා..අනික පොඩි මිස්ටේක් එකක් උනොත් …."
අශේන් ඔහුගේ අකමැත්ත දිගින් දිගටම පෑවේය."වෙන විදියක් ඇත්තේ නෑනේ…"
ප්‍රභා කීවේ අශේන් දෙස තියුණු බැල්මක් පාමින් ය."ඔව්…අපේ ප්‍රභාට ලස්සනට ඵොටො ගන්න පුලුවන්…"
කවීශා කීවාය."හරි එහෙන්ම්…හෙට මන් ඕන කරන බඩු ටික ගේන්නම්…."
අශේන් ප්‍රභාට හා කවීශාට උපදෙස් රාශියක් දුනි.ඔවුනේ කණ්ඩායමේ අනෙකුත් සමාජිකයන්ටද සූදානම් පිට ඉන්නැයි දැනු දුනි.ලියන්නේ; දුල්මි✍️
YOU ARE READING
🌼ප්‍රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්‍රභා💫