"ඒ මේ අශේන්...මේක ලස්සනයි නෙ...?..."
මිහිර කීවේ මාලයක් පෙන්වමිනි."හ්ම්ම්ම්..ඔව්...."
එසේ කියමින් අශේන් පසෙක වූ තවත් මාලා වගයක් බැලුවේය."මේක දෙන්න..... "
සිල්වර් පාට පුන්චි හුරුබුහුටි මාලයක් අශේන් මිලදී ගත්තේ ය.
"මන් මේක ගන්නව..."
මිහිර ද එවැනිම රත්රං පාට මාලයක් මිලට ගත්තේය.ඔවුන් විදීයේ කෙලවරටම ගියෝය.
"අන්න ප්ලෙස් එක..."
මිහිර හා අශේන් හොටෙල් එක තුල කතා කල නොහැකි නිසා කොසිවෙකුත් සැක නොසිතන තැනක ඔවුන් සියල්ලොම රැස් වුනි.අශේන් හා මිහිර කලින්ම එම ස්ථානයට ගිය අතර ප්රභා හා කවීශා පසුවඑහි ගියෝය."අපේ කට්ටිය හොයාගෙන තියෙන විදියට බීච් එකට තමා ගෙන්නේ...."
මිහිර කීය."බීච් එකට ගෙනාවට ඒව ස්ටොක් කරන්නේ මුහුදේ..."
ප්රභා කීවාය.
"ඈ...?!..."
කවීශා පුදුමයෙන් ප්රභා දෙස බැලීය."ඔව්..ප්රභා හරි...."
අශේන් කීවේය ."මන් ඵොටො ගන්න ගිය වෙලේ මන් දැක්කා එකම කොටස දෙවිදියකට කොරල් තියෙවා..මන් හිතෙන්නේ එයලා මුහුදේ කොරල් අස්සේ ගබඩාවක් වගේ දෙයක් හදලා ඇති...."
ප්රභා ඇගේ පැහැදිලි කිරීම කලාය."හ්ම්ම්...ඒ හරියට කිසි කෙනෙක් යන්නේ නෑ...ඒ නිසා උන්ට වැඩ කරන්න ලෙසියි....""
ඒත් සමගම මිහිරට දුරකතන ඇමතුමක් ආවේය."අශේන්...හෙට උන් වෙලට බඩු ගෙන්නනවලු...."
"හරි...එහෙනම් අපි හොද ප්ලැන් එකක් ගහන්න ඕනේ..."
එසැනින් අනෙකුත් කණ්ඩායම් සගයින්ද රැස් විය.
පැය භාගයක පමණ රැස්වීමකින් ඔවුන් තම තමන්ගේ කාර්යයන් බෙදා ගත්තෝය.ප්රභා සුපුරුදු ලෙස පරිඝණකයේ වැඩ ආරම්ඹ කලාය.කවිශාට නින්ද ගිය අතර මිහිර හා අශේන් හැකි තාක් තොරතුරු රැස් කලෝය.
ප්රභා මුහුදේ කිමිදුනු නිසා ඇගේ කොණ්ඩය තවම යන්තමට තෙත් ය.ඒ නිසා කොන්ඩය කඩාගෙන සිටියද,වරින් වර තම මුහුණට හිස්කෙස් වැටුනි.අශේන් එය දුටුවේය.ඔහු වටවටපිට බැලුවේ කොණ්ඩයට ගැසීමට කටුවක් හෝ බූලක් වැනි යමන් ඇත්දැයි බැලීමටය.අවසානයේ ඉහුට රබර් පටියක් හමුවිය.එය ප්රභාට දීමට සැරසෙද්දීම ප්රභා එක්වරම නැගිට්ටාය.
DU LIEST GERADE
🌼ප්රභා🌼(completed✔️)
Romantikහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්රභා💫