නොසිතූ සිදුවීම නිසා ඔවුන් කාර්යාලයට නොගොස් නැවතත් විශ්වවිද්‍යාලය අසලට ගියෝය."ඉක්මන් කරලා යන්න…"
අශේන් කීවේ වාහනයෙන් බසිමිනි.ප්‍රභා කට වසා ගෙන සිටියේ තනියම තාප්පයෙන් පනින්නට බැරි බව දන්නා නිසාය."බලාගෙන…."
ප්‍රභා තාප්පයෙන් පැන නේවාසිකාගාර භූමියට එද්දීම කවීශා කීය.
"ඔයා…"
"ඔයා මන් ගැන තාම දන්නේ නෑ සහෝදරී…ඉක්මන් කරලා එනවා…මෙතන ඉන්නේ කාටහරි අහුවෙන්නද?…"
ප්‍රභා ගේ අතින් අල්ලා ගත් කවීශා කීය.දෙදෙනාම කාමරයට ගියෝය."ඔයා කොහොමද දැන ගත්තේ ?…"
"මිහිර කිව්වා මගදි කරදරයක් උනා කියලා…ඒ නිසා මට කිව්වා හොස්ටල් එකට ආවහම බලන්න කියලා…"
කවීශා කිසිදු අමුත්තකින් තොරව කීය."මා කිව්වේ ඒ ගැන නෙමේ…ඔයා කොහොමද දන්නේ මන් මිශන් එකට…."
ප්‍රභා තම ප්රශ්නය අවසන් කිටීමට පෙර කවිශා පිලිතුරු දෙන්නට විය."ඔයා හිතුවද මන් කොන්ඩෙ බැදපු චීනෙක් කියලා..ආ….තමුසේ කෝල් ගන්න එලියට දුවද්දී…..ලෙක්චර් වලට කලින් හොස්ටල් එකෙක්න් යද්දී …මන් කට වහන් හිටියේ මෝඩ කමට කියලද ආඅ…?…..ඔයා මිශන් එකට කැමතියි කිව්වට පස්සේ අශේන් මාව හම්බෙන්න ආවා..එයා මට හැම දේම කිව්වා…"
කවීශා අන්තිම වාක්‍ය කීවේ සෙමින් ය."මන් ඔයාටනොකිය ඉන්න හැදුවේ නෑ….."
ප්රභාගේ දෑස් කදුලු වලින් පිරිණි."අපෝ….හලෝ…අර මැරයො දෙන්නෙක්ට ගහපූ චන්ඩියද මේ අඩන්න හදන්නේ…."
කවීශා ප්‍රභාව වැලද ගත්තාය."මන් දන්නවා ඔයා වැරදි දෙයක් කරන්නේ නෑ කියලා…මන් හැමදාම ඔයා එක්ක ඉන්නවා….."
කවීශා කීය."හෙට නිවාඩු නෙ.අපි පාර්ක් එකට යමු…මට ඔයාගෙන් දැන් ගන්න හුගක් දේවල් තියේ…."
කවීශා කීවේ ප්රභාගේ කදුලු පිස දමමිනි."සර් මන් උන්ව පොලියට භාර දුන්නා…."
"හ්ම්ම්….විජේගේ කට්ටියක් නේද?.."
අශේන් ඇසීය."ඔව් සර්…."
"හ්ම්ම්ම්…..හරි චතුර…"
"මොකද දැන් වෙන්නේ…?.."
චතුර එතැනින් ගියත් සමගම මිහිර අශේන්ගෙන් ඇසීය.
YOU ARE READING
🌼ප්‍රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්‍රභා💫