ප්‍රභා කාරයේ පිටුපසින් වාඩි විය.
"ඔයා හොදට වැඩේ කලා.."
අශේන් වාහනය පණගන්වමින් කීය."තැන්ක්ස්"
ප්‍රභා කීය."ඒකගෙ කන්ටැක් ටික හොයා ගත්තාම අපිට ලෙසි වෙයි වඩේ ඉවර කරන්න…"
අශේන් කීය."හ්ම්ම්ම්…"
ගමනාන්තය තෙක්ම ප්‍රභා කීවේ එපමණකි.මැයි ගස අසලට ආ පසු ප්‍රභා කාරයෙන් බැස අදුරු පාර දිගේ ඇවිද ගියාය.
"ඇයි ඔයා එන්නේ..මට තනියම යන්න පුලුවන්…"
තම පිටුපසින් අශේන් එනවා දුටු ප්‍රභා කීය."යන්න පුලුවන් උනාට තනියම පනින්න බෑනේ"
අශේන් කීය."ආශ්……මොන මගුලක්ද?…."
ප්‍රභා තරහින් කීය.එය ඇසුණු අශේන්ට සිනා පහල විය."නගින්න.."
අශේන් තාප්පය අසල නැමිනි.
ප්‍රභා අශේන් පිටට නැග අඹ අත්ත අල්ලා ගත්තාය.එහෙත ඈගෙ සමබරතාවය ගිලිහිනි.අශේන් හනික් ප්‍රභාව අල්ලා ගත්තේය."මට පුලුවන් තනියම යන්න…"
මුරණ්ඩු ලෙස කී ප්‍රභා එහා පැත්තට පැන්නාය.අශේන් හිනා වී නැවත කාරය බලා ගියේය.
"හයියෝ…"
අතේ සීරිම දැක ප්‍රභා කීය."සර්…අපි දැන්මම මිනිහව අල්ල ගන්නවද?"
චතුර ඇසීය."නෑ…අපි මේ දවස් ටිකේ එයාගෙ කන්ටෑක් බලමු.ඔකව අල්ල ගත්තයි කියලා වැඩක් වෙන්නේ නෑ…ඔකා නිකන් අත්කොලුවක් විතරයි.."
අශේන් කීවේ පරිඝණක තිරය දෙස බලමිනි."ඔව්…එකත් ඇත්ත…."
සෙස්සෝද එය අනුමත කලෝය.පසු දින උදෑසන අවදි වූ ප්‍රභා කවීශා සමගම පුස්තකාලයට ගියෝය.
"මේ….කම්මැලියි යකෝ…"
කවීශා කීය."ඒ…මන්දා…"
ප්‍රභා කීය."මේ දැන් තව සතිදෙකකින් වගේ නිවඩු හම්බෙනවනේ…මොකො කියනේ එනවද අපේ ගෙදර…?"
"ඒ…අනිවාරෙන්ම එනව…"
ප්‍රභා ඉමහත් සතුටින් කීය."බොස්….අපි මේක තියා ගන්නවද?…"
"ඔව්..මේක හදපු කෙනාට පුලුවන් වෙන්න ඕනේ මේක අරින්න…ඒ නිසා තියා ගමු.."
DU LIEST GERADE
🌼ප්‍රභා🌼(completed✔️)
Romantikහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්‍රභා💫