"ආ…කවිශා …මේ අපි එන ගමන්…ඔතනට අපේ ඉන්ජිනියස්ලා ආවද?..ප්‍රභා වැඩේ කලා නේද?.."
අශේන් ඇසුවේ ඉතාම සතුටින් ය."අශේන්….කට්ටිය ආවා….ඒත් …ඒත්…ප්‍රභා නෑ…ලොකර් එකේ සිකුයිරිටි ෆයිල් එක එයා හොයාගත්තා…..ඒත් දැන් ප්රභාවත් ඒ සිකුයිරිටි ෆයිල් එකවත් නැ…."
කවීශා කීවේ ගිත ගසමිනි."මොකා….?…ප්‍රභා නෑ….?.."
අශේන් දෑස් විශාල කරගත්තේය."ප්‍රභා නෑ…."
මිහිර ද එකවරම වාහනය නතර කලේය."හරි…හරි..කවීශා ඔතන අපේ අය ඉන්නවද…?…"
"ඔව්…"
"හරි..ඔයා පුලුවන් තරම් ඉක්මනට ඔයාගෙ බඩු අරගෙන..හලාවටත ටවුන් එකට යන්න…මන් චතුරට කියන්නම්…එතන අපේ ඔෆිස් එකක් හදලා තියෙනවා…අපි ඉක්මනටම එනවා…."
අශේන් කිවේය."මිහිර ආපහු යමු…බීච් එකට යමු…."
මිහිර වේගයෙන් රිය පැදවීය."හෙලෝ…කවිශක ඉක්මන කට්ටිය එක්ක බීච් එකට එන්න…ප්‍රභා නෑ…."
ඔවුන් ඉක්මනින්ම බීච් එකට ගියෝය.
"සචින්ත මා ප්‍රභාට මාලයක් දුන්නා..ඒකෙ GSP එකක් තියෙ…බලන්න එයා කොහෙද කියලා…."
"ඔකේ සර්…."
"මිහිර ඔයා කවීශා ගාවට යන්න…"
"ප්‍රභාට කරදරයක් වෙන්නෙ නෑ…"
මිහිර අශේන්ගේ පිටට තට්ටු කර කීවේය."හ්ම්ම්…"
"සර්…මේ ජැකට් එක…."
පොලිස් නිලධාරීයෙක් කලු පාට ජර්සිය ගෙන ආවේය.එය හදුනා ගැනීමට අශේන්ට වෙලා ගත නොවීය.ඒ එදා තම්න් ප්‍රභාට දුන් ජර්සියම යි.එය අතට ගත් අශේන් කිසිවක්ම නොකියා ඒ දෙස බලා සිටියෙය."සර්…GSP එක වැඩ කරනවා…"
"හරි…ඉක්මනට යමු…."
අශේන් ,සචින්ත හා තවත් නිලධාරීන් පිරිසක් ජීප් රථයට නැග ගියෝය.තවත් පිරිසක් වෙරල හා අවට පරීක්ෂා කලෝය."මිහිර.."
කවීශාගේ දැස් කදුලැලි වල ගිලී තිබිනි."අනේ…..ප්‍රභා …"
මිහිර කවීශා වැලද ගත්තේය.
"එයාට කරදයක් වෙන්නේ නෑ…අපි එයාව කොහෙන් හරි හොයා ගන්නව…."
මිහිර කීවේය."සර්….අපිට මාලයක් හම්බුනා…"
අශේන්ට ඇමතුමක් ආවේය."මොනවගේද?…."
"ගොල්ඩ් එකක්…"
"නෑ…ඒක ප්රභාගේ නෙමේ…අයා සිල්වර් මාලයක් දාගෙන හිටියෙ…"
අශේන් දුක්බරව කීය."සර්…මන් හිතන්නේ මිස් ප්‍රභා නෙමෙයි මාලෙ දාගෙන ඉන්නේ…"
සචින්ත කීවේය."ඇයි?…"
"මේ GSP එකෙන් පෙන්නන්නේ හලාවත අපේ ඔෆිස් එක…"
"ආශ්…."
අශේන් අත ඔලුවේ ගසා ගත්තේය."අපි එහෙට යමු…."
"අශෙන්…."
මිහිර ඔහු ගාවට ගියේය."කවීශා කෝ…."
"එයා හුගාක් ඇඩුවා…"
"කවිශා…ඔයාගෙ මාලේ කො?…"
"මලේ…."
කවිශා තම බෙල්ල අතගෑ බැලීය."මේක….මේක…මගෙ නෙමේ…මේක ප්‍රභා ගේ…."
කවීශා පුදුමයෙන් තම බෙල්ලේ වූ මාලය ගැලෙව්වේය."ප්‍රභා ලොකර් එකේ සිකුයිරිටි සිස්ටම් එකේ ෆයිල් එක ගත්තට පස්සේ මොකද උනේ…?.."
අශේන් ඇසීය."සචින්ත යි අනිත් අයයි ඩ්‍රෝන එක බැලුවා.එතන වැඩිය කට්ටිය හිටියේ නෑ.ප්‍රභා සිග්නල් නෑ කියලා ඈතට ගියා..මාත් එයා එක්ක ගියා.එයා ෆයිල් එක ගත්තා කිව්වා…පස්සෙ අතිත් අය එනකන් මගෙ මාලේ එයාට ඕනේ කිව්වා…."
කවීශා කීවේහඩමිනි.අශේන් ප්රභාගේ මාලය අතට ගෙන හොදට බැලුවේය.අශේන් අපරාජිතව වඩි විය."මන් නිසා තමා ඔක්කොම..මායි ප්‍රභාට මේ මිශන් එකෙට එන්න කිව්වෙ…"
අශේන් සුසුමක් හෙලීය."නෑ….ඔයා වැරදි නෑ…ඔයා දන්නෙ නැති දෙයක්ම තියෙන්වා…"
කවීශා තම කදුලු පිස දමමින් කීවේය."දන්නේ නැති ….??…"
"ඔව්…පලවෙනිමපාර ප්‍රභා මිශන් එකට එන්න කැමති උනේ නෑ…එදා එයා මා එක්කවත් හරියට කතා කලේ නෑ..ඒත් පස්සෙ එයා මිශන් එකට කැමති උනා…"
"ඔව්…ඒක හරි..මාත් පුදුම උනා…"
"එයා එදා ගෙදර යද්දි දැක්ක දෙයක් නිසා තමා එයා …"
"දැක්ක දෙයක්….?…."
"ඔව්….."
ලියන්නේ; දුල්මි✍️
YOU ARE READING
🌼ප්‍රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්‍රභා💫