📎දහසයවන දිගහැරුම 🖋️

37 8 0
                                    

"ඇයි?.."
අශේන් හනිකට ප්‍රභා අසලට ආවේය.

"මේ බලන්න….මෙතන….මෙතන ඉන්නේ කවුද?…."

"ඔයා අපේ හෙඩ් ඔෆිස් එකේ සොෆ්ට්වෙයාර්ස් ඉන්ජිනියර් කෙනෙක්.එයා තමා මගෙ ඔෆිස් එකයි,ට්‍රනින්ග් ඔෆිසර්ස් ලගේ ඔෆිස් වල මේන් ඉන්ජිනියර් ..නම නම්….ම්ම්…..ඉදුනිල්…"
අශේන් කීවේය.

"මේ බලන්නකෝ…ඔයාගෙ ඔෆිස් එක ගිනි ගත්ත වෙලාවේ එයා තමා මුලින්ම ඔෆිස් එකෙන්  ගිහින් තියෙනේ,අන්තිමටම ඔෆිස් එකේ ඉදල තියෙන්නෙත් එයා…ඔයා ගියාට පස්සෙත් එයා ගිහින් තියෙනවා…"

"ඒ කියන්නේ…මගෙ ඔෆිස් එක ගිනි ගත්ත එකට….."

"අනික….මේ රේකොඩ් අනුව සීසීටීවී එක තියෙනේ එදා ගින්නට අහුවෙන්නෙ නැති තැනක.ඒක මට හොදටම ශුවර්..ඒත් ගින්නෙන් පස්සේ රේකොඩ් මේකේ නෑ…"

"ඔව්මයි…ඇයිමට මේකගැන මීටර් උනේ නැත්තේ…."
අශෙන් කිවේ ඔලුවේ අත ගසාගනිමිනි.

"තව දෙයක් තියෙනවා කියන්න…."
ප්‍රභා කීවේ අශේන් දෙස බලමිනි.

"ඒ මොකද්ද?…"

ප්‍රභා ඇගේ බෑගය ඇර ලැප්ටොප් එක එලියට ගත්තාය.

"අර මන් හදපු සිකුයිරිටි සිස්ටම් එක…ඒක තාම තියෙනවා….."

"මොකා….?!.."

"ඔව්….ඒක හැදුවේ මම…ඒක විනාශ වුනානම් මේ විදියට පෙන්නන්නේ නෑනේ…"
ප්‍රභා කීවේ ලැප්ටොප් එක හරවාය.

"එ කියන්නේ ගින්නයි ඔය සිස්ටම් එකයි අතර සම්බන්දයක් තියෙනවා…."

"ඔව්…."
ප්‍රභා කීවේ බැරෑරුම් මිහුනකින් යුතුවය.
"එත් අව්ලක් නෑ..කිසිම කෙනෙක්ට ඒකට ඩීටේල්ස් දාන්න බෑ….."
ප්‍රභා කීවාය.

"ඔයාට දැන් හුගක් පරිස්සම් වෙන්න වෙනවා..ඕක ගත්ත උන් අනිවාරෙන්ම සිස්ටම් එක හදපු කෙනා හොයනවා…"
අශේන් කීවේය.ප්‍රභා කිසිවක්ම නොකියා ලැප්ටොප් එක බෑගය දාගත්තා ය.

"මේ දැන් යනවද?…"
කවීශා එක වරම ඇවිත් ඇසීය.

"යමු…."
ප්‍රභා ද අසුනින් නැගිට්ටාය.

අශේන් ඔවුන්ව නැවත ගිහින් ඇරලුවේය.

"දෙන්නෙක්ට ගැහුවට කමක් නෑ…ඒත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න…"
කවීශා තාප්පයෙන් පැන්න පසු අශේන් ප්‍රභාට කීවේය.

🌼ප්‍රභා🌼(completed✔️)Where stories live. Discover now