"එදා ප්රභා තරහ ගිහින් ගෙදර ගියා.එවෙලේ දැන ගෙනෙ තියෙනවා එයාගෙ ඉස්කෝලෙ කාලේ හොදම යාලුවෙක් කුඩු වලට හුරු වෙලා මැරිලාකියලා..එයා එකෙන් හුගාක් ශොක් වෙලා..ඒ නිසයි ඔයාලගෙ මිශන් එකට එයා කැමති උනේ…එයාට ප්රසිද්ධයවත්,සල්ලිවත් නෙමෙයි ඕනේ උනේ…ඒ නිසා කවදාවත් එයාට වැරැද්දක් වෙන්නේ..නෑ….ඔයා වැරදිත් නෑ…ඔයා තමා ප්රභා ව හොදටම බලාගත්තේ…"
කවිශා කිවේ දෑස් වල කදුලු පුරෝගෙනය.අශේන් ගොලු විය.දගකාර කටකාර කෙල්ලෙක් යැයි සිතූ ප්රභාගේ මනස වතුර සේ පැහැදිලි බව අශේන්ට හොදහැටි වැටහිනි.
"මන් ප්රභාට කරදරයක් වෙන්න දෙන්නේ නෑ…."
අශේන් කීවේ එඩිතරවය.සචින්ත ප්රභාගේ ඵෝන් එක ට්රැක් කරගන්න…චතුර ඔයා ප්රභා හිටපු තැන හොදට චෙක් කරන්න..වැලි කැටයක්වත් මගහරින්න එපා.."
"ඔකේ සර්.."
"තව දෙයක්…මේ ගැන අපේ ටීම් එකෙන් පිට කවුරුත් දැනගන්න බෑ…"
"අශේන් මාත් එනවා…"
කවීශා කීවාය."ඔයා එන්න එපා…මේක කොහොම වෙයිද කියලා කියන්න බෑ…ඔයා මිහිර එක්ක යන්න..මන් එයාට කියන්නම් ඔයාව එක්කන් යන්නකියලා…"
"ප්රභා…"
"මන් එයාව හොයා ගන්නවා…"
අශෙන්ගේ දෑස්වල ඉතා විශාල අරමුණක් ඇතිබව කවීශා ට වැටහිනි.එම නිසාම පෙර ලෙසම ඔහුව විශවාස කොට අශේන්ගේ අණ කවීශා පිලිපැද්දාය.එය අදුරු කාමරයක් විය.පරණ ලී බඩුකීපයක් ඇරිණු කොට කිසිවක් එහි නොමැති විය.ප්රභාගේ අත් පා ගැටගසා ඇත.කටද වසා ඇත.වටපිට බැලූ ඈට එම තතවය තේරුම් ගැනීම මහවේලාවක් ගත් නොවීය.එදා ඈ තම මාලය කවීශාට දී ඇගේ මාලය පැලද වෙරලේ තරමක් ඈතට යන විට පිරිසක් තමන්ව අල්ල ගෙන මෙමෙ ස්ථානයට ගෙන හිර කර තබා ඇති බව ඈට තේරුනි.
"අහ්…කෙල්ල නැගිටලා….."
විජේ ගේ සියලු හොර වැඩ අශේන්ගේ කණ්ඩායමේ දක්ශතා නිසා නීතියට හසුවී කොටු වූ නිසා ඔහුගේ තත්වය බේරා ගෑනීමට විජේ හා දබරේ ජයවර්ධන යටතේ වැඩ කිරීමට කැමතිවිය.ඒනමුත් එදා පොත් ප්ර්දර්ශනය දින වූ සිදුවීම නිසා ඔවුන්ට ලොකු වැඩ කිරීමට නිදුන්නද අශේන්ලා ගැන විමසිල්ලෙන් සිටීමට අණ දී තිබිනි.
"අනේ..කෙල්ලගෙ කට වහලනේ….දබරේ මෙහෙ වරෙන්…"
"ඔව් ලොක්ක කියන්න…."
"අපේ මේ පුන්චි හැකර් මිසගේ කට ඇරලා කන්න දීලා ඉන්න…තව ටිකකකින් මෙයාට ලොකූ වැඩක් කරන්න තියෙනවනේ…."
එසේ කියූ විජේ ප්රභා දෙස බලා අමුතු හිනාවක් පා එතනින් පිට විය.
දබරේ අණ අනුව ප්රභාගේ අත් දෙක සහ කට බැද තිබූ බැමි ලිහා කන්න හා බීමට වතුර දුන්නේය.
ඔහුගේ අතේ දුරකතනයක් තිබෙනු දුටු ප්රභා අවස්තාවෙන් උපරිම ප්රයෝජන ගෙන දබරේට අසල වූ පුටුවකින් ගැසුවේය.ඔහු සිහසුන්ව ඇද වැටුණි.එසැනින් ඔහුගේ දුරකතනය ගෙන කවීශාට ඇමතුමක් ගත්තේය."කවීශා මේ මන්…..ප්රභා ….."
"ප්රභා…..ප්රභා ..ඔයා…ඔයා…කොහෙද….?…"
"මාව……"
එසැනින් තවත් අයෙක් එතනට ආවේය."ආශ්…මේකී……."
ඔහු ප්රභාට පහරක් ගැසීය.දුරකතනය ඇගේ අතින් ගිලිහී වීසි විය.එය කැබලි වලට වෙන් වුනි."දබරේ…..දබරේ….නැගිටපන්….."
"ආශ්….මේකිව ගැට ගහපන්…."
තවත් මැරයන් රැස් විය.
"ඒයි….යකො ම්න ගියා විතරයිනේ…තොපි ඔක්කොම විනාශ කරලා…."
වීජේ දබරේට බැන වැදුනි."මේකි අරුන්ට කෝල කරල ඇති..ඉක්මන් කරපල්ල…මේකිව මෙතනින් අරන් යන්….නැත්තම් අරුන් එයි….."
ඔවුහු ප්රභාව වාහනයකට දමා ගෙන නැවත අරන් ගියෝය."අශේන්….ප්රභා… ප්රභා …ප්රභා මට කතා කලා….."
"මොකා…කෝ…කෝ…ඉක්මනට නම්බර් එක එවන්න…."
"හරි… හරි… මන් එවනම්….අශේන් මිහිර වරෙන්තුව අරන්….මන් මන් ර් එයත් එක්ක එන්නම්…."
"හරි….හරී…"
"සචින්ත…ඉක්මනට මේ නම්බර් එක ට්රැක් කරන්න….."
අශේන් කීය."ඔකේ සර්…."
"ඉකමන් කරන්න…ඉක්මනට තැන හොයන්න….."
ලියන්නේ; දුල්මි✍️
ESTÁS LEYENDO
🌼ප්රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්රභා💫