අද මන් අවුරුදු ගාණක් බලාගෙන හිටපු දවස. මගෙ වෙඩින් එක. මායි හියුන්ග්නුයි හම්බෙලා දැනට අවුරුදු පහක්. අපි දෙන්නා යාළුවෙලා අවුරුදු හතරක්. හියුන්ග් මට ප්‍රොපෝස් කරලා අදට හරියටම අවුරුද්දක්.
හියුන්ග් මට පොරොන්දු උන විදිහටම මාව කසාද බැන්දා. දෙවියො ඉස්සරහ හැමදාටමත් දුකේදිත් සැපේදීත් හැම කරදරයකදිම මාව පරිස්සමෙන් බලාගන්නවා කියලා හියුන්ග් මට පොරොන්දු වුණා. එයා එහෙම නොකිව්වත් මට හියුන්ග්ව විශ්වාසයි. එයා කොහොමත් මාව හොදට බලාගනියි. මට විශ්වාසයි ඒක.
මන් ජන්කුක්. ජියොන් ජන්කුක්. දැන් කිම් ජන්කුක්. මන් පුංචි කාලෙ ඉදන්ම හැදුණෙ මගෙ හියුන්ග් එක්ක. එයාගෙ නම ජියොන් සොක්ජින්. හියුන්ග්ට මට ගොඩක් ආදරෙයි. මගේ අතීතෙ ගැන පස්සට කියන්නම්. ඒක එච්චර සුන්දර අතීතයක්නම් නෙමෙයි. ඔම්මයි ඔප්පයි නැතුව හියුන්ග් එක්ක හුරතලේට හැදුණ අහිංසක කොල්ලෙක් කියලා කෙටියෙන් කියන්න පුළුවන්. 😁
ආ... මගෙ ආදරේ ගැන කියන්න බැරි වුණානෙ. මන් මගෙ හියුන්ග්ටයි, මගෙ යාළුවා කොට ජිමිනටයි පස්සෙ මට ළංවුණ එක්කෙනා. මගේ මුළු ලෝකෙම වුණේ එයා. ඒ වගේම එයාගෙත් මුළු ලෝකෙම උනේ මම. එයාගෙ නම කිම් ටේහ්‍යුන්ග්.
එයාටනම් ගොඩක් සල්ලි තියෙනවා. විහිළුවක් නේද ? සල්ලිකාර කොල්ලෙක් මන් වගේ දුප්පත් කොල්ලෙක් එක්ක යාළු වුණ එක ? 😂
ඒත් ටේහ්‍යුන්ග් නම් කිව්වෙ ආදරේට දුප්පත් පෝසත්,
සුදු කළු, ලස්සන කැත අදාළ වෙන්නෙ නෑ කියලා. ඔව්. මාත් ඒක පිළිගන්නවා. හියුන්ගෙන් මට ඕන කරන ආදරේ ඕනෑවටත් වැඩිය ලැබුණා. මන් හරිම වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න. 🤗හියුන්ග් අපි දෙන්නටම කියලා අලුතෙන් ගේකුත් අරන්. ඒත් මට තාම ඒක පෙන්නුවෙ නෑ. මාව surprise කරන්න වෙන්න ඇති ඉන්නෙ හුම් 🤭🤗
🐥-"ආ කුක්කෝ... දැන් ලෑස්තිද පැණි හදයා යන්න ආහ් ?"
සිකේයියා... මේ කොට ජිමිනුත් මොනවා අහනවද මන්දා. ලැජ්ජාවක් කියලා නාමයක් ගෑවිලා නෑනෙ.🤧 ලැජ්ජාවෙ බෑ මටනම්. හියුන්ග් මොනා හිතුවද දන්නෙ නෑ.
YOU ARE READING
𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]
FanfictionOne misunderstanding, A tough boyfriend, A person with an innocent heart, Dear brotherly love, A friendship that will never die, A missed love ... 🍒💖