Part 15

1.6K 328 113
                                    

Author P.O.V.

ඊට පස්සෙ ගෙවුණ මාස ගාණෙම ටේහියුන්ග් ජන්කුක් නැගිටින්නත් කලින් office යනවා. ඒ ගියාම ආයෙත් එන්නෙ පාන්දර. ජන්කුක් ඒ හැම දවස්කම ටේහියුන්ග් එනකන් බලාගෙන ඉන්නවා පල්ලෙහා සෝෆා එකට වෙලා.

ජන්කුක්ට නින්ද ගිහිල්ලා තිබ්බොත් ජන්කුක්ව උස්සගෙන ගිහිල්ලා කාමරෙන් තියලා රෙද්දක් පොරවන්න ටේහියුන්ග් පුරුදු උනා. ටේහියුන්ග් එද්දි ජන්කුක් ඇහැරිලා හිටියොත් ජන්කුක්ව නොදැක්ක ගාණට යන්නත් ටේහියුන්ග් පුරුදු උනා.

ජන්කුක්ගෙ ජීවිතේ ගැන කිව්වොත් ජන්කුක් නශ්ශබ්ද චරිතරයක් උනා. ඉස්සර හැම වෙලේම කියව කියව හුරතල් වෙවී හිටපු කොල්ලා අද මළ මිනියක් වගේ වෙලා. අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න වෙන දේකට කට අරින්නෙ නැතුව ඉන්න කුකී පුරුදු වෙලා. ඉස්සර කෑමක් දැක්කොත් බඩ පැළෙනකන් කාපු කොල්ලා දැන් කන්න ඕනවට කෑවා මිසක් නැත්තන් ඒකත් කන්නෙ නෑ.

ටේහියුන්ග් office ගියහම ජන්කුක් හොරෙන් ටේහියුන්ගෙ කාමරේට ගිහිල්ලා කබට් එකෙන් ටේහියුන්ගෙ ඇදුමක් අරගෙන දවසම ඒක බදාගෙන ටේහියුන්ගෙ සුවද විදින්න පුරුදු උනා. තමන්ට හස්බන්ඩ්ගෙන් තමන්ට නොලැබුණ ආදරේ ඒ අප්‍රාණික ඇදුම් වලින් ලබාගන්න මේ පුංචි කොල්ලා උත්සහ කළා.

ආයෙමත් ටේහියුන්ග් අජුම්මට එන්න කිව්වා. අජුම්මටත් කුකීගෙ මේ වෙනස පුදුමයක් උනත් ඒ ගැන ඇහුවෙ නැත්තෙ ඒක කුකීගෙයි ටේහියුන්ගෙයි පුද්ගලික ප්‍රශ්නයක් හින්ද.

සමහර දවස්වලට ටේහියුන්ගෙ අතින් ජන්කුක්ට කරදර උනා. ගොඩක්ම උනේ ටේහියුන්ග් බීලා ආපු දවසට. ජන්කුක්ට මේ හැමදේම වේදනාවක් උනා. ඒත් ඒ අහිංසකය ඒ හැමදේම ඉවසන් හිටියා. ඒ කොල්ලගෙ ඇග පුරාම තුවාල පැල්ලම් තිබ්බා. ඒවා හොද වෙන්නත් කලින් සමහරවෙලාවට අලුත් අලුත් පැල්ලම් ඇති උනා. ඒත් ඒ අහිංසකයා ඒ හැමදෙයක්ම විදගත්තා.

සැරෙන් සැරෙන් ජින්, ජිමින් දෙන්නත් කුකීව බලන්න ආවා. ඒ හැම වෙලාවකම තමන්ගෙ ඇගේ තියෙන තුවාල පැල්ලම් ඒ දෙන්නට නොපෙනෙන්න ඇදුම් අදින්න තරම් ජන්කුක් පරිස්සම් උනා.

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now