"යූන් ඉතින් ඔයා කැමතිද අපේ කතාවට"
මෙච්චර වෙලාවක් කුකීගෙ තරුණ කාලෙ ෆොටෝ එකක් දිහා බලාගෙන ටේ තමන්ගෙ එකම පුතාට කියල දුන්නෙ එයාගෙ එකම ආදරේ ගැන.
❤️-"අප්පා..... ඇත්තටම මට විස්වාස කරන්නත් බෑ"
යූන් පුදුමෙන් වගේ ඇස් දෙකත් ලොකු කරන් ටේ දිහා බලාගෙන කිව්වෙ එහෙම
ඔව්.... දැන් ගොඩක් කාලයක් ගත වෙල ඒ හැමදේටම... ටේකුක් දෙන්නා දවසින් දවසෙ ආදරේ එක්කම වයසට යනකොට පුංචි යූන් ඉක්මන්ට ලොකු උනේ ටේකුක් අප්පලා දෙන්නගෙ ඒ ලස්සන ආදරෙත් එක්ක... යූන් දැන් ගොඩක් ලොකු තරුණ කොල්ලෙක්... ඉතින් කොල්ලට ඕන උනා අප්පගෙ ලව් ස්ටෝරිය ගැන දැනගන්න... අන්න එහෙමයි කතාව පටන් ගත්තෙ... දැන්නන් ගොඩක් හවස් වෙලත් එක්ක.. ටේකුක් දෙන්නගෙ කතාව අහනකොට යූන්ටත් දැනුනෙ නෑ වෙලාව යන බවක්
🐯-"ම්ම්ම්...."
ටේ නන් තාමත් හිටියෙ කුකීගෙ ෆොටෝ එක දිහා බලාගෙන
❤️-"අප්පා තාමත් කුකී පපාට ගොඩක් ආදරෙයි නේද"
🐯-"නැතුව ඉතින්... මන් එයාට තරන් කාටවත් ආදරේ කරලා නෑ යූන්"
❤️-"කුකී පපා පව් නේද අප්පා"
🐯-"හ්ම්..... ඔව් යූන් මන් ඒ කාලෙ එයාට ගොඩක් වද දුන්නා... ඒත් එයා කවදාවත් ඒ කිසි දේකට මගෙන් පළිගන්න හිතුවෙ නෑ... එයා හැමදාම කරේ මට ආදරේ කරපු එක... මන් කොච්චර කරදර කරත් මට ආදරේ කරා එයා..."
❤️-"දැන් ඒවා වෙලා ඉවරයිනෙ අප්පා.... දැන් ඕවා හිතලා දුක් වෙන්න එපා... දැන් අප්පයි කුකී පපයි දෙන්නම සතුටින් ඉන්නවනෙ...."
YOU ARE READING
𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]
FanficOne misunderstanding, A tough boyfriend, A person with an innocent heart, Dear brotherly love, A friendship that will never die, A missed love ... 🍒💖