Part 5

1.5K 323 81
                                    

පැය ගාණක් ගිණි අව්වෙ පාරෙ ඉදගෙන කම්පැනි එක දිහා බලාගෙන ඉදලා ඉදලා කුකී එතනින් එන්න නැගිට්ටා.

මේ වෙනකොට කුකී නම් හිටියෙ දහ පහළොස් දෙනෙක්ගෙන් ගුටි කාලා වගේ. උදේ තුවාල වෙච්ච ඒවට මුළු ඇගම රිදුණත් ඊට වඩා තුවාලවෙලා තිබ්බෙ කුකීගෙ හදවත.

කුකී ඔහේ ඇවිද ඇවිද ගෙදර ආවා.

Kookie P.O.V.

🍁-"අහ් කුකී මොකෝ මේ ඉක්මනට ආවෙ ? මන් හිතුවෙ දෙන්නත් එක්කම හවස් වෙලා එයි කියලා"

🐰-"නෑ අජුම්මා ටේටේට වැඩ ගොඩ ගැහිලා."

🍁-"අහ්. ඉතින් ලොකු බේබි මොනාද කිව්වෙ කෑම එකට ? රසයි කිව්වද ?"

රසයි කියන්නත් එයා කෑම එක දිහා එක පාරක් හරි ඇහැක් ඇරලා බලන්න එපැයි.

🐰-"මන් ටිකක් නිදා ගන්න යනවා අජුම්මා."

අමාරුවෙන් අජුම්මට හිනාවෙලා මන් කාමරේට ගිහිල්ලා දොර වහගෙන කෙලින්ම wash room එකට ගිහිල්ලා ශවර් එක යටින් ඉද ගත්තා.

ඇදන් හිටපු ඇදුම ගලවන්නවත් මට සිහියක් තිබ්බෙ නෑ. මන් එහෙම්ම ශවර් එක යට වාඩි වෙලා කල්පනා කර කර හිටියා.

ඇගේ තුවාල වලට වතුර වැටිලා දනවා... වෙන වෙලාවකනම් මන් කෑ ගහලා අඩන් අනේ හියුන්ගි එන්නකෝ කියලා. ඒත් දැන්.....

දැන් මට අඩන්නවත් පණක් නෑ. මගේ ඇගේ තුවාල වලට වතුර වැටිලා ඒවා දනෝ. මන් ඒ දිහා ඔහේ බලාගෙන හිටියා විතරයි.

ඇයි ටේටේ ඔයා මට මෙහෙම කරන්නෙ ? මොකක්ද මන් ඔයාට කරපු වරද ? මගෙන් මොකක් හරි වැරැද්දක් උනානම් කියන්න ටේටේ. මන් ඒක හදාගන්නම් 🥺💔 මගේ ආදරේ ඔයාට මදිද ටේටේ ? ඒකද ඔයා වෙන කෙනෙක්ව හොයා ගත්තෙ ? ඇයි අපිට බැරි කලින් වගේ ආදරෙන් ඉන්න.💔

ඔය කටින් මගෙ කුකී පැටියෝ කියලා කතා කරනවා අහන්න මන් ආසයි ටේටේ. ටේටේගෙ පපුවට තුරුළු වෙලා ඇස් දෙක පියාගෙන ටේටේගෙ හදවත ගැහෙන සද්දෙ අහන්න කුකී ආසයි...

මුළු ටවුන් එක පුරාම ටේටේගෙ අතේ එල්ලිලා අයිස් ක්‍රීම් කකා උඩ පැන පැන යන්න මන් ආසයි... ඒ වගේම මන් මොනා හරි දග වැඩක් කළාම බොරුවට මාත් එක්ක තලා වෙලා ඉන්නවට මන් ආසයි..... ටේටේ මන් දිහා ආදරෙන් බලනවට මන් ආසයි...

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now