Part 27

1.9K 329 82
                                    

Author P.O.V.

ටේ හැමදේම කුකිට කියන්න ගත්තා. ඒත් ටේට කුකීගෙ මූණ දිහා බලන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ. කුකී හයියෙන් ටේගෙ අත අල්ල ගත්තෙ එයා ටේ එක්ක ඉන්නවා කියලා පෙන්නන්න.

🐯-"මට තේරුණේ නෑ ඇත්තටම මොනවා කරන්නද කියලා කුකී.... මන්.. මන් එහෙම්මම එතනින් පැනලා ආවා. මට එදා දැනුනේ මන් ගැනම කලකිරීමක්.. මට ඔයාගෙ මූණ මැවි මැවි පෙණුනා. ටික දවසකට පස්සෙ ඒ ගෑණු ළමයා මට කෝල් කළා. කලින් දවසෙ මගේ බිස්නස් කාඩ් එකක් එයා ගාව දාලා ඇවිල්ලා මම... ඒකෙන් තමා මගේ නම්බරේ අරන් කෝල් කළේ. එයාට මාව හම්බෙන්න ඕනෙ කිව්වා. වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා කිව්වා. ඉතින් මන් එයාව හම්බුණා... ඒ තමයි ලීසා..."

ලීසගෙ නම ටේගෙ කටින් පිටවෙද්දි කුකීගෙ ඇස් අමුතු විදිහට දිලිසෙන්න පටන් ගත්තා. ටේ ඒක දැක්කා. ඒ නිසා ටේ කුකීගෙ අත උඩින් එයාගෙ අත තියලා කුකීගෙ අත පිරිමදින ගමන් කුකීගෙ ඇස් වලට එබුණා. එතකොටනම් කුකී සන්සුන් උනා.

🐯-"එයා... එයා එදා කිව්වෙ එයා මන් හින්දා pregnant උනා කියලා. ඔයා දන්නවද මට ඒ වෙලාවෙ මාවම මරාගන්න හිතුනා කුකී... මන් ඔයාට ද්‍රෝහි උනා... ඒ විතර නම් කමක් නෑ. තව දරුවෙකුත්...? ඒ මගේ දරුවමද කියලා දැන ගන්න ඕන හින්දා මන් එයාව එක්කගෙන ඩොක්‍ටර් කෙනෙක්ව හම්බෙන්න DNA එකක් කරන්න ගියා. ඒත් ඩොක්ටර් කිව්වෙ බබා බඩේ ඉද්දි ඒ වගේ දෙයක් කළොත් බබාට කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා බබා ලැබෙනකන්ම ඉන්න කිව්වා. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ අහිංසක ළමයා කිසි දේකට පළි නෑනෙ.. ඉතින්... ඉතින් මන් ලීසට කිව්වා ඒ මගේ බබා නම් මම බබාව භාර ගන්නම් කියලා. එයා කැමති උනා. මන් එයාට කොන්දේසි ටිකකුත් දැම්මා. බබා හම්බෙනකන් මන් එයාට ඕන කරන හැම වියදමක්ම දරන්නම් කිව්වා. බබා හම්බෙලා මාස තුනකින් පස්සෙ ඒ දරුවා මගේ නම් මට භාර දෙන්න කිව්වා. එයා කැමති උනා... ඉතින් ඒ විදිහට බබා හම්බෙනකන්... ඊට පස්සෙ මාස තුනක් යනකන් මන් එයාව බලාගන්න පොරොන්දු උනා.. මාස තුනෙන් පස්සෙ එයා පිටත් වෙන්න යද්දි සල්ලි දෙන්නත් මන් පොරොන්දු උනා. පොරොන්දු නෙමේ... ඒක ඇත්තටම ඇග්‍රිමන්ට් එකක් වගේ... මන් දන්නවා මන් කරපු දේ වැරදියි.. මන් කළේ මගේ වැරැද්ද වහගන්න සල්ලි පාවිච්චි කරපු එක... ඒත්.. ඒත් මන් වෙන මොනවා කරන්නද... ම්ම්ම්......"

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now