Author P.O.V.
කුකී හිටියෙ ඇදේ හාන්සි වෙලා. ඒත් නින්ද නම් එයාගෙ අහලකටවත් ආවෙ නෑ. එයා කල්පනා කර කර හිටියෙ කලින් වෙච්ංහ දේ ගැන. එයාගෙ ටේටේ කාමරෙන් ගියා ගියාමයි ආයෙත් ආවෙ නෑ.
ජන්කුක්ව හොස්පිටල් එකෙන් ගෙනාවට පස්සෙ ඉදන් ටේත් හිටියෙ කුකීගෙ කාමරේමයි. ඒත් ටේ නිදාගත්තෙ කාමරේ තිබ්බ සෝෆා එකේ. හැබැයි තමන්ට නින්ද යනකන් සෝෆා එකේ නිදාගෙන ඉදලා නින්ද ගියාට පස්සෙ හෙමීට ඇවිල්ලා තමන් ගාවින් හාන්සිවෙලා තමන්ව බදාගෙන නිදාගන්න ටේහියුන්ග් උදේටත් තමන් ඇහැරෙන්න කලින් නැගිටලා ඇදෙන් බැහැලා යනවා කියන එක කුකී දැනන් හිටියා. මොකද කුකීත් බොරුවට නිදි වගේ ටේ ඇදට එනකන් ඇහැරන් ඉන්නෙ.
කුකි ඇද උඩ ඔහේ හාන්සිවෙලා බලාගෙන හිටියෙ එයාගෙ ටේටේ එනකන්.
ඒත් කුකීගෙ දැහැනට බාධා කළේ ගේ ඇතුළෙන්ම ආපු අඩන සද්දයක්.
"අර බබා..."
තමන්ටම මුමුණා ගත්ත කුකී ලාවට හිනා උනා. විනාඩි දහයක් විතර ගියත් අඩන සද්දෙනම් නැවතුණේ නෑ. ඒ නිසාමද මන්දා කුකීත් ටිකක් කලබල උනා. කුකී අත දික් කරලා ඇද ගාව තිබ්බ තමන්ගෙ රෝද පුටුව ළගට අරගෙන බැරි බැරි ගාතෙ අත් වලට වාරු වෙලා රෝද පුටුවට කොහොමහරි නැගගත්තා. තනියම රෝද පුටුව තල්ලු කරගෙන කුකී තමන්ගෙ කාමරෙන් ආවෙ අඩන සද්ශෙ ඇහුණ පැත්තට. මුළු ගේම කළුවරයි. යන්තන් ජනේල් වලින් ආපු හද එළියෙන් ගෙදර ඇතුළෙ පාරවල් පෙනුනා. කුකී කෙළින්ම ගිහිල්ලා නැවතුණේ යූන්ගෙ කාමරේ ඉස්සරහ.
ඒ කාමරේ තිබ්බ කොට් එක ඇතුලෙ ඉදන් යූන් යටිගිරියෙන් අඩනවා. කුකී අත ඉක්මන් කරලා යූන් ගාවට ළං වුණා. පොඩි එකා අඩනවා බලාගෙන ඉන්නම බැරි හන්දා කුකී රෝද පුටුවෙම ඉදගෙන යූන්ව තමන්ගෙ අත් දෙකට ගත්තා.
(A/N - ඒ කොට් එකේ පැත්තක පියනක් ඉස්සුවහම බබාව ගන්න පුළුවන් හරිද ඒ හින්ද රෝද පුටුවෙ ඉදගෙනම බබාව වඩා ගන්න එක කුකීට අමාරු උනේ නෑ.)
කුකී බබාගෙ ඇදුම් දාලා තිබ්බ අල්මාරිය ගාවට ගිහිල්ලා අලුත් පැම්පස් එකකුයි ඇදුමකුයි අරගෙන ආපහු තමන්ගෙ කාමරේට ආවා. ටිකක් වෙලා ගියත් යූන්ව පිරසිදු කරලා අලුත් ඇදුමක් අන්දවන්න කුකීට පුළුවන් උනා.
YOU ARE READING
𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]
FanfictionOne misunderstanding, A tough boyfriend, A person with an innocent heart, Dear brotherly love, A friendship that will never die, A missed love ... 🍒💖