හැදිලා ඉන්නේ 😌

518 101 43
                                    

°
°
°
°
°
°
°
°
°

දවස් ගානක් ගියා..ඒත් කෝ සප්රයිස් එක..ජන්කුක් ටේ ඉස්සරහට ආවෙවත් නැති තරම්..

දවස් යන්න යන්න ටේ ජන්කුක්ව තමන්ගේ හිතෙන් අයින් කරන්න තීරණය කලා.

තමන්ව මතකවත් නැති කෙනෙක් ගැන හිත හිත දුක් වෙන එක..
ඒ තරම් වේදනාවක් තවත් නැතුව ඇති..

තමන්ව තඹ සතේකටවත් ගනන් ගන්නෙ නැති කෙනෙක් ගැන හිතන එක...   

තමන්ගේ ආදරේ එක පාරක් කියලා තියෙද්දිත් ආයෙ ආයෙ එක එක ඒවා කරලා හිත රිද්දන මනුස්සයෙක්ටම ආදරේ හිතුන එක...                        

ඒක තමා මේ ලෝකේ දරාගන්න අමාරුම දේ...

බැරිම තැන තමා මිනිස්සු ඒ දේවල් හිතින් මකල දාන්න හදන්නේ..

ඒත් ඒ දේවල් මොනව කරලවත් අමතක කරන්න බැරි උනාම....කොච්චරක්නම් දරාගන්න අමාරුද...

අන්න එතකොට තමයි මිනිස්සු ආදරේ කරලා හති වැටෙන්නේ...ආයේ කාටවත් ආදරේ කරන්න හිතන්නැතුව ඉන්නේ..

කට්ටියගෙන් ඈත් වෙලා තනියම ඉන්න බලන්නේ...

ඒත් ඒ අත්හැරීම තුලත් තියෙන්නෙ හැංගිච්ච ආදරයක් ❤❤

තමන්ගේ කියලා දැනුන තැන අතඅරින්න තියන ලෝබකමක් 💔

ඒකයි ආදරය එච්චර ආත්මාර්ථකාමි..

හිතින් අයින් කරලා දාන්න කොච්චර ලෝබ උනත් අන්තිමට අමාරුවෙන් හරි ජන්කුක්ව අමතක කරලා දාන්න, ජන්කුක් ගැන හිතේ තිබ්බ නමක් නැති ඒ හැගීම මකලා දාන්න ටේ හිතාගත්තා

"ඒයි ටේ මේ උබ මේ දවස්වල හෙන පොසිටිව් මයින්ඩඩ් වෙලානේ 😌😂"
ජිමිනා එහෙම කියද්දි ජින්

"හැබැයි ඒක නරකමත් නෑ"
කියලා ඒකට එකග උනා.

"මේ මං අහන්නමයි හිටියේ අර ජන්කුක් මොකද දන් නෑ මේ පැත්තේ කැරකෙන්නේ "

ජින් එහෙම කියද්දි ටේගේ ඇස් දෙක ලොකු උනත් තමන් ජන්කුක්ව හිතින් අමතක කරල දාන්න හිතාගත්ත එක මතක් වෙලා ආයේ අනිත් පැත්ත බලාගත්තා 😳🙄😶

FOR £H€ €ND OF £H€  £IM€ ❤️🌹 | TaekookTempat cerita menjadi hidup. Temukan sekarang