🌸Chapter 10...🌸

69 25 34
                                    


"ම්වො?... තමුන්ලට පිස්සු හැදිලද... මන් කොහෙද මේ ඉන්නේ... මට ගෙදර යන්න ඕනි... අනේ ඔම්මා අප්පා... මොන මලවිකාරයක්ද මේ?... තමුන්ලා ෂූටින් එකට ආවනම් ඒවා කරගෙන යන එකයි ඇත්තේ... මෙතන මාව තියාගෙන මේ විදිහට ප්‍රශ්න කරන්න ඔහෙලට කිසිම අයිතියක් නෑ😡... "

ආපු කේන්තියට මන් බැනගෙන බැනගෙන ගියා...

"ඔබ මොනවද මොහුගෙන් අසා ගත්තෙ යුන්ගි?..."

එහෙනම් අර මොකාද එකා යුන්ගි... මන් ඒක දැනගත්තෙ මේ දෙන්නගේ කතාවෙන්...

"කිසිවක් නැහැ කුමරුනි... ඇය මාගෙන් විමසුවේ මාගේ ඇස ළඟ තිබෙන කැළල ගැන පමණයි... ඇය නම් කුමක් හෝ දෙයක් ගැන පැවසුව නමුත් මට ඒවා වටහාගත නොහැකියි... කමාකරන්න..."

අර යුන්ගිද බුන්ගිද කව්ද කියන එකා අනිත් ගොන් වහන්සේට ඔලුව නමලා කිව්වා...

"වටහාගත නොහැකි යැයි පැවසුවේ🤨?..."

"මොහු පවසන දේවල් අමුතුයි... මොහු මාගෙන් බොහෝ දේවල් ඇසුවා... එහෙත් මා හට එය නොවැටහුණු නිසා මා ඒවාට පිළිතුරු දුන්නෙ නැහැ... මා සිතන ලෙස ඔහුට අප පවසන දේවල් පවා තේරෙන්නේ නැතිව ඇති..."

මන් සද්ද නොකර මේ දෙන්නා කියවන ඒවා අහන හිටියා.... අන්න පොට... මේ නවසීලන්ත එල හරක් දෙන්නා හිතන් ඉන්නේ මට උන් කතාකරන ඒවා තේරෙන්නේ නෑ කියලද කොහෙද... හරි අපි බලමුකෝ😌...

"එසේ නම් කම් නැත... ඔබ මාගේ මිතුරා යුන්ගි... වෙනදා මෙන් කතාබහ කරමු🌝..."

"හරි සොක්ජින්😌..."

"ආහ්... එහෙනම් අනිත් එකා සොක්ජින්😒😌..."

මන් මටම කියාගෙන බිම බලාගෙන කකුලේ මාපට ඇඟිල්ලෙන් බිම ඉරි අඳින්න පටන් ගත්තා...

ඔබ චීනයේ හෝ ජපානයෙන් පැමිණි කෙනෙක්වත්ද?..."

අර සොක්ජින් කියන පනුවා මගෙන් චීන භාෂාවෙන් ඇහුවා...

"මම කොරියාවේ😒..."

මන් කොරියන් වලින් උත්තර දෙද්දී මේ ගස් හැලපයෝ දෙන්නම මන් දිහා ඇස හිනි කරලා බැලුවා... සොක්ජින් මගෙ ඔලුවේ ඉඳන් කකුල් දෙකේ සුළැඟිල්ලට යනකම්ම බැලුවා... මට දැනුනේ මාව ඇඳුම් පිටින් දූෂණය උනා වගේ එකක්😒... එයාගෙ ඇස් කිහිපසැරයක්ම එහෙ මෙහෙ ගිහින් නැවතුනේ මගෙ කකුල් දෙක ළඟ... මාව රත් උනේ කෙන්තියටමයි... මගෙ සීමාව පනිද්දී එහා පැත්තේ වේලෙන්න දාල තිබ්බ මගෙ සපතුවෙන් සොක්ජින්ට දමල ගැහුවා🙂... ඒක සොක්ජින්ගේ මූනේ වැදිලා තොල පොඩ්ඩක් පැලුනා... අර යුන්ගි එයාගේ කඩුව මගෙ බෙල්ලට තිබ්බෙ මන් දිහා ගිනි පිටවෙන ඇස් වලින් බලන ගමන්😒...

"තමුන්ට කොහෙන්ද මෙතරම් ජවයක් කුමාරයට අනතුරක් කරන්න තරම්😡?..."

"තමුන්ගේ මහා ලොකු කුමාරයා... මට හිතාගන්න පුළුවන් තමුන්ලා දෙන්නගෙම රඟේ... හහ්... කිසිම චාරයක් නැති ජරා මිනිස්සු දෙන්නෙක්😡..."

"අයිෂ්... මන් තමුන්ව මරනවා... තමුන් පැමිණියේ කුමාරයට අනතුරක් කිරීමට නොවේද?... ආ? ඔබ පවසන සමහර දෑ අපට නොතේරුණත් ඔබ කුමාරයාට අපහාස කල බව මා හට වැටහෙනවා... කුමාරයා ඉදිරියේ දන නවනු😡..."

"මේ... අයිසේ... කුමාරයා නෙමේ... මෙතන කව්රු හිටියත් මන් දන නවන්නේ මන් වැරද්දක් කරානම් විතරයි... ඔකේ😏?..."

"කුමරුනි... මා හට අවසර දෙන්න...මොහුට දඬුවම් දිය යුතුයි😡..."

"නැහැ අවසර නැහැ... මදක් ඉවසන්න යුන්ගි😶... "

එහෙම කියපු සොක්ජින් මන් දිහා බලාගෙන එයාගේ තොල පිහින ගමන් අහපු දේට මට උන්හිටි තැන අමතක උනා...

"ඔබ වෛශ්‍යාවක්ද🤨😶?..."

සොක්ජින් ඇහුවේ සම්පූර්ණයෙන් කේන්තිය පාලනය කරගෙන...

"යා... තමුන්ට තව සපත්තු පාරක් කන්න ආසද😡?... ගෑනු පෙරේතයා😶..."

මන් ආයේ අතමිටමොලාවන් සොක්ජින් දිහාවට පනිද්දී මන් විසිවෙලාගියේ යුන්ගිගේ අත මගෙ කම්මුලේ නතරවෙනකොට... ඒ පාර කොච්චර සැරද කිව්වොත් මට දැනුනේ කම්මුල පිපිරුණා වගේ... මන් විසි වෙලා ගිහිපු තැනම එහෙමම බිමට ඇදගෙන වැටුනා... මගෙ ඇස් වල කඳුළු පිරුනා...

"ආශ් යුන්ගි..."

"කමා කරන්න කුමරුනි... කුමක් සිදුවුවත් මා ඔබගේ ආරක්ෂාව ගැන තැකිය යුතුයි😏🙂..."

"මා පැවසුවා ඔබට ඉවසන ලෙසට🤨..."

"කුමරුනි නවතින්න... ඔහු බොරු කරනවා විය හැකියි... කුමරුනි🙂..."

IT'S YOU | ONGOING Where stories live. Discover now