🌸Chapter 24...🌸

63 21 9
                                    


විනාඩි ගානකට පස්සේ අපි සැණකෙළිය තියෙන තැනට ආවා... එකේ තිබුනේ නැටුම්... මාරම ලස්සනයි... අපට යුන්ජිවයි යුන්ගිවයි නම් හම්බුනේ නෑ... ඒක ඉවර උනහම සොක්ජින් මාව එක්කන් ආවේ කෑම කඩේකට... නිකන් ස්ට්‍රීට් ෆුඩ් වගේ... එයා මට කොහෙවත් යන්න එපා කියලා කඩේට ගියේ කෑම මොනවහරි ගන්න... විනාඩි පහක් විතර යන්න ඇති... මුළු සෙනග ගොඩේම මන් හෙව්වේ ඒ රූපේ... එත් සොක්ජින් තාම ආපු පාටක් පේන්න තිබ්බේ නෑ... තව විනාඩි ගානක් යන්න ඇති මන් එත් හිටපු තැනින් හෙල්ලුනේවත් නෑ... දැන් නම් මට බයයි...

time skipped...

දැන් පැයකට වැඩි ඇති... හොඳටම රෑ වෙලා... මන් අඬ අඬම සොක්ජින්ව හැමතැනම හෙව්වෙ පිස්සෙක් ගානට... නොදන්න ලෝකෙක අතරම වෙලා ඉන්නකොට කොහොමද දැනෙන හැඟීම?... මේ නොදන්න ලෝකේ උනත් මන් ළඟ හිටපු එකම කෙනා සොක්ජින්..."

"ඔබ සොක්ජින් කුමරුව දුටුවද?..."

"ඔබ උමතුවෙන්ද?..."

"මදක් නවතින්න... ඔබ සොක්ජින් කුමරුවා දුටුවද?..."

"ම්වෝ?... ඔබ බීමතින්ද?... සුරාසැලකින් පැමිණි දැරියක් වෙන්න ඇති..."

"ඔබ සොක්ජින් කුමරුවා දුටුවද?..."

"හාහ්?... ඒ කව්රුන්ද කියා අප නම් හඳුනන්නේ නෑ..."

"නවතින්න... ඔබ සොක්ජින් කුමරුව දුටුවාද?..."

"ආශ් මොන කරදරකාරියක්ද මේ?..."

ඔය වගේ උත්තර තමයි මට ලැබුනේ... මට ඉබේටම තවත් හය්යෙන් ඇඬුනා... මන් අල්ලෙන් කඳුළු පිහිද පිහිද තව ගොඩාක් වෙලා සොක්ජින්ව හෙව්වා... මට හම්බුනේ නෑ... මන් අඩු ගානේ ආපහු යන්න පාරක්වත් දන්නෙ නෑ... මම එහෙමම පොඩි ලී බිත්තියකට පිටදිලා රූටලා ගිහින් බිම ඉඳගත්තා... ඇයි මටම මෙහෙම වෙන්නේ?...

"දෝ...යෝ... හාහ්?... "

"සො...සොක්ජින්?..."

එයා ඇවිත්... කටහඬ වෙනස් වෙලා... හුස්ම ගන්නේ ගොඩක් වේගෙට... තප්පරේට දෙකට මගේ ලඟට ආපු සොක්ජින් මන් ලඟින් පහත්වෙලා මාව බදාගත්තා... එයාගේ පපුව හය්යෙන් ගැහෙනවා... මගේ ඇස් වලින් බයටම තවත් කඳුළු ගලාගෙන යනකොට මන් තව තවත් සොක්ජින්ට ගුලි උනා... ටික වෙලාවක් ගියත් මට එයාගෙන් ඈත් වෙන්න කිසම උවමනාවක් තිබුනේ නෑ...

"ඔබ බිය වුනාද?..."

මන් එයාගේ අත තදින් අල්ලගෙන මුකුත් නොකියා කටත් තද කරගෙනම ඔව් කියන්න ඔලුව වනුවම එයා ආයේ මාව බදාගත්තා...

"මියානේ... මා හට ඔබව මග අරුනා... මා බිය වූවා..."

එයා එහෙම කියනකොට මන් සොක්ජින්ගේ බෙල්ල වටේට මගේ අත් දෙක දාගත්තේ ඇඟට කිසිම පණක් නැති වෙද්දී...

"ඔ...ඔබ හොඳින්ද?..."

"දේ... උදේ ඉඳලා මුකුත් කෑවේ නැති නිසා වෙන්න ඇති..."

මන් අමාරුවෙන් කිව්වම සොක්ජින් තවත් පරක්කු නොවී මාව එයාගේ අත් වලින් හරහට වඩාගත්තා... අපි කෑම කඩේකට ගිහින් කන්න පටන් ගත්තා... මන් වෙජිටේරියන් නිසා සොක්ජින් හැමතිස්සෙම මස් මාළු ගෑවෙන්නෙවත් නැතුව මගේ කෑම එක දෙන්න තරම් සැලකිලිමත් උනා... එයා කුමාරයෙක් උනාට ගොඩාක් හොඳ කෙනෙක් කියන එක මන් මේ දවස් ටිකට දැනගත්තා...

"ඔබ මාව සෙව්වාද?..."

මන් කන එකත් නතර කරලා අයෙමත් බිම බලාගත්තේ මට ආයේ එහෙම අතරමන් වෙන්න තියා හිතන්නවත් ඕනේ නැති හින්දමයි...

"මා කිහිපදෙනෙකුගෙන් ඇසුවත් ඔව්න් මාගෙන් ඇසුවා ඔබ උමතුවෙන්ද?... නැතිනම් බීමතින්ද කියා..."

"හ්ම්?..."

"ඔව්න් හඳුනන්නේ නැහැ කිව්වා සොක්ජින් කුමරු කියා අයෙක්..."

"හහ් හහ් හහ් හහ්😂..."

"වේ?..."

"අනුවන කෙල්ල... ඔබ සිතන්නේ සියලුම වැසියන් මා දන්නවා කියාද?... අනෙක මේ සැණකෙළිය නැරඹීමට අනෙක් රාජ්‍යවලින් පවා දුගී ධනවත් ජනතාව පැමිණෙනවා... ඉතින් ඔව්න් කෙසේද මා හඳුනන්නේ?..."

මන් රවාගෙන හිටියා මුකුත් කියන්නේ නැතුව...

"ඔබ දන්නවද මේ සැණකෙළිය කුමක් සඳහාද කියා?..."

"අනී... වේ?..."

"එය දිය දෙවඟන සඳහායි... අපේ මුළු රටටම බොහෝ කලකින් වැසි ලැබී නැහැ..."

"එය සත්‍යක්ද?..."

______________________________

සතියකට පසු...

"මිස්ටර්..."

"ඔහ් මිස්ටර් නාම්ජූන් ඇන්ඩ් හෝසෝක්..."

"අපි අදත් ළමයි කිහිපදෙනෙකුගෙන් කට උත්තරයක් ගත්තට කමක් නැද්ද?..."

"ඔකේ... අයිල් ගිව් පමිෂන් ෆෝ යු..."

"තැනක් යු මිස්ටර්..."

එදා වගේම අපට පර්මිෂන් ලැබුනට පස්සෙ අපි කෙලින්ම කලින් බනී බෝයි හම්බුනු දවසේ හිටපු තැනට ආවා... වෙනදා වගේම අපිව දැක්ක ගමන් බනී බෝයි ඉක්මනට දුවගෙන ආවා...

"සර්..."

IT'S YOU | ONGOING Donde viven las historias. Descúbrelo ahora