🌸Chapter 19...🌸

51 19 2
                                    

"ඔබට කොන්ඩ මෝස්තරයක් අවශ්‍යද?..."

"අනී..."

එහෙම කියලා මන් ආයෙමත් එලියට ආවා...

"වාහ්... මේ ඔබමද?..."

මන් එලියට ආපු ගමන් යුන්ජි මාව එක එක පැත්තට හරවා හරවා බැලුවා...

"ඉතාමත් අලංකාරයි... ඔබ ඉතා හුරුබුහුටියි😭🤭🙈..."

"කුමාවෝ ඔන්නි😊..."

මන් යුන්ජිට තෑන්ක් කරද්දී අරුන් දෙන්නා බුම්මට්ටෝ වගේ මන් දිහා බලන් හිටියා...

"යුන්ජි ඔබත් සුදානම් වී පැමිණෙන්න..."

යුන්ගි යුන්ජිට කිව්වම යුන්ජිත් ගියා... මන් බලන් හිටියෙ එළියේ නොනවත්වාම එහෙට මෙහෙට යන මිනිස්සු දිහා... දුවිලි ඇවිස්සිලා... මිනිස්සු නිකන් කඩිගුලක් ඇවිස්සිලා වගේ...

"යා යුතුයි... "

ආයෙමත් සොක්ජින් මාව ඇදගෙන ඒ කඩෙන් එලියට ආවා... මන් ඉතින් පරඬැලක් වගේ එයාගේ පස්සෙ ඇදිලා ගියා... දිගටම ඇවිද ගෙන ගියා... ආයේ අපි නැවතුනේ එක එක විසිතුරු බඩු වගේ දාලා තිබ්බ තැනක... පොඩි පොඩි ළමයි ඒ දිහා බලාගෙන හිටියෙ සෙනග අස්සෙම... මට පව් කියලා හිතුනා...

"මෙය කෙසේද?..."

යුන්ජි මට පෙන්නුවේ කොණ්ඩෙට ගහන කට්ටක්... අපේ භාෂාවෙන් කිව්වොත් චංගුමී කට්ටක්🤭... යුන්ගිත් යුන්ජිගේ පස්සෙන් හැමතැනටම ගියා... එයාලට නම් මේවා ගොඩාක් පුරුදු පාටයි... මන් නම් සොක්ජින්ගේ ලොකු උරහිස් පිටිපස්සට වෙලා හැංගිලා හිටියා...

"ඔබ කිසිවක් ගන්නේ නැතිද🤨?..."

"ආ🙄?..."

මන් හිටියෙ මේ ලෝකේ සිහියකින් නෙමේ... සොක්ජින් මොකක් හරි ඇහුවම තමා මන් මේ ලෝකෙට ආවෙ... මන් ඇස් දෙකත් ලොකු කරන් එයාගේ දිහා බලාගෙන ඉන්නකොට සොක්ජින් මුළු ලෝකෙම එපාවෙලා වගේ ලොකු හුස්මක් පහල දාලා මගේ අත අත ඇරලා චංගුමී කටු තෝරන්න ගත්තා... මිනිස්සු එන්න එන්නම වැඩි වෙන නිසා මන් සොක්ජින්ගෙ ඇඳුමේ අතකින් අල්ලගෙන එයා ළඟටම වෙලා හිටියා... යුන්ජි නම් හෝ ගාලා යුන්ගිව සුද්ද කරනවා... අනේ පව් අසරණ මනුස්සයා😂... යුන්ජි ඔන්නිව දැක්කම මට මැව්නෙ ෂොපින් මෝල් එකක ඔප්පව සුද්ද කරන නංගී කෙනෙක්ව😂... ඇත්තමයි යුන්ගිගේ මූණ බලන්න ආසයි😂😭... මට යුන්ගිව පේන හැමවෙලාවකම මහා කුරිරු සතුටක් දැනෙනවා😂😁😏...

"මෙය කෙසේද🌝?..."

සොක්ජින් එයාගේ එහාපැත්ත හැරිලා චන්ගුමී කට්ටකුත් අතේ තියාගෙන ඇහුවා... මන් එයාගෙ ඉස්සරහ නෑ කියලා දැකලා එයා උඩ බිම බලන්න ගත්තා😶... ඒ නිසා මන් එයාගේ පිටට ඇඟිල්ලකින් ඇන්නම කට ඉර කරගෙන මන් දිහා බැලුවා😑😒... මන් ඉතින් මොංගල් හිනාවක් දැම්මා😒😌...

"එය හුරුබුහුටියි😌..."

මට කියලා කටගන්න හම්බුනේ නෑ සොක්ජින් ඒකට සල්ලි ගෙවන ගමන්ම මගේ ඔලුවේ ගැහුවා... එතනින් අපි එලියට ඇවිත් අව්වෙම හිටගෙන හිටියෙ මගේ කකුල් පිච්චේද්දී... සොක්ජින් මගේ දිහා අමුතුවට බැලුවා... අපි එළියේ හිටන් හිටියෙ ඇතුලේ හිටපු යුන්ජියි යුන්ගියි එලියට එනකම්... මට ඉන්න බැරිම වෙද්දිම වගේ අර ඩබල එලියට ආපු නිසා ආයෙමත් ගමන පටන් ගත්තා... ටික ටික හවස් වුනත් බොරළු වලට රත් වෙච්ච පාර තාමත් එහෙමමයි... සොක්ජින් මගේ කකුල් දෙක දිහා බැලුවා... හන්බොක් එක නිසා එයාට පෙනුනේ නෑ... ඉතින් ටික වෙලාවකින් අපි ආයෙම නැවතුනෙ සපත්තු කඩයක් ගාව... මාත් ඇතුලට ගියා... ඒක සපත්තු කඩයක්ම කියන්නත් බෑ... කකුල් මසාජ් කරන වගේම යටිපතුල් වලට බෙහෙත් කරන තැනක් වගේ... එතන නම් ගොඩාක් අය හිටියෙ නෑ... ඇතුලේ හිටියෙ ටිකක් පෝසත් අය වගේ...

"යුන්ජි... අහ් කුමරුනී... ඔබත් පැමිණිලා... යුන්ගි... ඔබවත් පිලිගන්නවා..."

තවත් ලස්සන කොල්ලෙක් ඇවිත් අපිව පිළිගත්තා... එයා දැක්කේ නෑ මාව... මන් පේන්න ගියෙත් නෑ...හම්මෝ සොක්ජින්ගේ උරහිස් වලට පින්සිද්ද වෙන්න මන් කොච්චර බේරෙනවද😌😁?... ඉතින් එ කොල්ලා  එහෙම කියලා කිව්වම එතන හිටපු අනිත් අයත් නැගිටලා සොක්ජින්ට ආචාර කළා...

"නැවතත් අසුන් ගන්න... අප මෙතනට අද පැමිණියේ සාමාන්‍ය ජනයා ලෙසයි..."

"කෘතඥ වෙනවා කුමරුනි..."

හැමෝම ආයේ ඔලු නමලා කිව්වහම සොක්ජින් මාවත් එක්කගෙන අර කොල්ලගෙ පස්සෙන් කුටියකට වගේ එකකට ගියා...

"ඉතින් කුමරුනි ඔබට කෙසේද?..."



IT'S YOU | ONGOING Where stories live. Discover now