"ඊට පස්සෙ?...""එදයින් පස්සෙ දෝයෝ ස්කූල් අවේ නෑ... හැමෝම හිතන් ඉන්නේ ලීසට බයේ එයා එන්නේ නෑ කියලා..."
"අනී... එදා දෝයෝ ස්කූල් ඇරිලා ගෙදර ආවේ නෑ අද වෙනතුරු..."
"ම්වෝ?..."
"දේ... මේ ගැන කාටවත් කියන්න එපා... තෙරුනානේ..."
"ආ... දේ... "
"කියලා අහුවුනොත් සමාව දෙයි කියලා හිතන්න එපා... දන්නවනේ මන් ගැන?..."
"හහ්?..."
"මන් සෝල් පොලිස් ස්ටේෂන් එකේ ඔෆිසර් ජන්ග් හෝසෝක්..."
"ආ..දේ...දේ..."
" මේ ගැන කාටවත් කියන්න එපා... ක්ලාස් එකේ ළමයි ඇහුවොත් කියන්න ක්ලාස් එකක් හොයාගන්න බැරුව ඉඳලා ඇහුවා කියලා..."
"දේ..."
එහෙම කියලා හොබී ළමයි දෙන්නව යැව්වා... මන් මේ මුළු වෙලාවටම වචනයක්වත් කතා කරේ නැති තරම්... මට කතා කරන්න මූඩ් එකක් තිබ්බෙ නෑ... දෝයෝ මගෙන් ඈතට ගිහින් දැන් මාසෙකටත් කිට්ටු වෙන්න එනවා...
"අපි යමු නාම්ජූන්... ලේන් එකේ අයගෙන් ප්රශ්න කරන්න තියෙනවනේ..."
"හ්ම්... කජා..."
මන් හොබී එක්ක ආවත් මගේ හිතේ වැඩ කරා අද ස්කූල් ඉවරවෙන වෙලාවට ගඟ ගාවට ගියොත් ලීසාව මුණගැහෙයි කියලා... මට ඉක්මනට මගේ දෝයෝව හොයාගන්න ඕනේ...
_________________________
"දොයොන්... ඔබ සූදානම්ද?..."
"දේ..."
"අසු සූදානම් කර තිබෙන්නේ... අසුන් ගෙන සිටින්න... මා පැමිනෙන්නම්..."
සොක්ජින් කිව්වම මන් ඔලුව වනලා එලියට ඇවිත් අශ්වයාගෙ පිටට නැගගත්තා... අද සොක්ජින් වගේම මමත් හැඩවෙලා හිටියෙ නිල් පාටින්... එ ඇයිද කියන්න නම් මන් දන්නෙ නෑ... ඒත්... එයා කිව්වා නිල් පාටින් ලෑස්ති වෙලා ඉන්න කියලා... කොහෙ එක්කන් යයිද කියලා දන්නෙ නැති උනත් මේ නොදන්න ලෝකෙ මට වැඩියෙන්ම විශ්වාස කරන්න පුලුවන් සොක්ජින්ව... ඒ ඇයිද කියන්න මන් දන්නෙ නෑ... නමුත් මීට කලින් කවදාවත් දැනිලා නැති අමුතු හැඟීමක් මට සොක්ජින් ලඟින් දැනෙනවා... එයා ගොඩක් වෙලාවට මට ඔප්පව මතක් කරනවා... එ කියන්නෙ එයාගෙ ආරක්ශාව මට දැනෙන්නෙ ඔප්පගෙ වගේමයි... සොක්ජින් ඇවිත් මගෙ පිටිපස්සෙන් අශ්වයගෙ පිටට නැගගත්තම මන් යන්තමට ඇස් වලට උනලා තිබුනු කඳුළු පිහිදගත්තා...
"ඔබ නැවතත් හඬනවාද?..."
"අනී..."
"එසේනම්?..."
"ඔප්පව මතක් උනා..."
"ඔප්පා?..."
"හ්ම්... මගේ සහෝදරයා..."
"එසේද..."
"අපි කොහෙද මේ යන්නෙ?..."
"මා ඔබව වටහාගත්තානම් ඔබ මාගෙන් විමසුවේ අප ගමන් කරනා ස්ථානය නේද?..."
"දේ..."
"එය නිල් පැහැයෙන් හැඩ උනු ඍෂිවරුන්ගේ වාසභූමියක්..."
"ආ?..."
"දේ... එයට ඇතුල් විය හැක්කේ මා සමග පැමිනෙන අයෙකුට පමනයි..."
"වේ?..."
"වැඩි තොරතුරු ඔබට ගමනෙන් පසුව වැටහේවි..."
"හ්ම්..."
මන් ඉතින් එතනින් එහාට කතා කරන්න ගියෙ නෑ... මූණට කෙලින්ම වදින හුලන් පාරත් එක්කම මට නින්ද යන්න ආවත් මන් අමාරුවෙන් ඇහැරගෙන හිටියා... ටිකකින් සොක්ජින්ගේ අශ්වයා නැවතුනේ කැලේ ඇතුලෙ හැංගිලා තිබුණු ලස්සන තැනක.... එතැන එක පැත්තක පොඩි විලක් එක්ක ගුහාවක් තිබුණා.... ඒ මුළු ගුහාවම එක එක ජාතියේ මල් වැල් වලින් වහගෙන තිබුණා... කොටින්ම කිව්වොත් ඒ ගුහාවට ඇතුල් වෙන තැන පුදුම තරම් ලස්සනයි... ඒක මට වචනවලින් කියන්න තේරෙන්නෑ...
"කජා..."
මාවත් බස්සලාඅශ්වයාගේ පිටෙන් බැස්ස සොක්ජින් මගේ අතින් අල්ල ගත්තා... මමත් හිනා වෙලා එයාගේ පස්සෙන්ම ගියා... ගුහාව වහගෙන වැවිලා තිබුන මල් වැල් අතින් එහාට කරපු සොක්ජින්ට වගේම මටත් පේන්න තිබුනෙ අදුරේ ගිලිලා තිබුණු ගුහාව විතරයි... අපි මීටර් පනහක විතර පොඩි දුරකින් පස්සෙ ගුහාවෙන් එලියට ආවා...
"වාහ්..."
"කුමක් හෝ ගැටලුවක් ද?..."
"අනී... ලස්සනයි නේද..."
"දේ..."
අපි ඉස්සරහ තිබුනෙ ලස්සන පන්සලක් වගෙ තැනක්... මෙච්චර අව්වක් තියෙන පරිසරයක මෙහෙම තැනක් ඇත්තටම තියෙනවා කියලා මට එකපාරටම හිතාගන්න බැරි උනා... තැන තැන ස්වාභාවිකවම හැදිලා තිබුනු පොඩි පොඩි දිය පාරවල්... එ වගේම හැමතැනම නිල් පාට මල් වලින් හැඩවෙලා... මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේම නෑ...
"සිරි නරඹා අවසන් නම් අප පිටත් වෙමුද?..."
"ආ... දේ... "
සික්... වස ලැජ්ජාවයි... කමන් නෑ😒... අපි ඒක ඇතුලට අඩිය තියද්දිම ඒක ඇතුලෙ හිටපු අය සොක්ජින්ට දෙකට නැමිලා ආචාර කරන්න ගත්තා...
![](https://img.wattpad.com/cover/287122355-288-k942742.jpg)
ESTÃS LEYENDO
IT'S YOU | ONGOING
Fanficāˇāļģāˇāļāļ¸āˇāļąāļēāˇ āˇāˇāļ§ āļ āļāˇāļāļēāļ§... -āˇāˇāļļāˇāļ¯āˇāļ¸āļ§ āļāļ¯āļģāļē āļāļģāļą āˇāˇāļąāˇāļ¯āļģ āļāļ§āļāˇāļģ āˇāˇāļģāļāļŊāˇ āļ āļģāˇāļāļēāļāˇ... -āļāļ¸ āˇāˇāļąāˇāļ¯āļģ āļļāˇāˇāļē āļąāˇāˇāˇ āļāļģāˇāˇāˇāļēāˇāˇāˇāļąāˇ āļ´āˇāļŊāˇāļą āļāˇāļāˇ āļēāˇāˇāļāˇāļēāļāˇ... -āļāˇāļŊ āļ´āˇāļŊāˇ āˇāļ¸āˇāļāļ¸āļ āļ āļēāˇāļāˇāļāˇāļģ āļāļ¯āļģāļąāˇāļē āˇāˇāˇāļ¯āļģāļēāˇāļāˇ... -āˇāˇāļ¸ āļ¯āˇ āļ´āˇāˇāļ´āˇāļ¸ āļāˇāˇāˇ āˇāˇāļēāˇ āļļāļŊāļą āļ´āˇāļŊāˇāˇāˇ āļąāˇāļŊāļ°āˇāļģāˇāļēāˇāļāˇ... -āļāļģāˇāļ¸āļāˇāļāˇāļģāļēāˇāļāˇ āļąāˇāļ¸āˇāļāˇ...