🌸Chapter 13...🌸

61 22 24
                                    


"ඇයි ඔබගේ සළු මේ ලෙසට තිබෙන්නේ?... ඔබ ගැහැණු ළමයෙකු බව මා හට වැටහෙනවා... එහෙත් ඔබේ දෙපා ඇයි මෙලෙස නිරාවරණය වෙන්නේ😳😒?..."

යුන්ජි ඒ ගැන මගෙන් ඇහුවෙ මගෙ ඇස් මග අරින ගමන්...

"සොක්ජින්?..."

එයා මන් දිහා බැලුවේ යකෙක් දැකලා වගේ...

"ඔබට කොහෙන්ද අයිතියක් එසේ පැවසීමට?... ඔහුයි අපගේ රාජ්‍යයේ වැඩුමහල් කුමාරයා😡..."

යුන්ගි එහෙම කියාගෙන සොක්ජින්ගේ ඉස්සරහට පැන්නත් සොක්ජින් යුන්ගිට අතින් සන් කරේ මුකුත් උනේ නෑ කියන්නයි... අනේ ඇත්තටම මට මේ පූස් නාම්බගේ දත් දෙකක් ගලවනකම් නින්ද යන්නේ නෑ😒... ඒත් එක්කම මට ඇහුනේ මගෙ බඩ ගොර ගොර ගානවා... හුටා... අනිත් තුන්දෙනාම මගෙ පැත්ත බැලුවා... ඇත්තටම මන් අන්තිමට කෑවේ ස්කූල් එකේදී... එතන ඉඳලා දැන් කොච්චර වෙලාවක් ගිහින්ද කියලා මට තේරුම් ගන්න පුළුවන් උනේ නෑ...

"මදක් සිටින්න... මට වටහාගත හැකියි😂..."

එහෙම කියලා යුන්ජි එළියේ හිටපු කෙනෙක්ට මොනවහරි කිව්වෙ දොරෙන් එබිලා...

"ඒ මේඩ් කෙනෙක්ද🌝?..."

"ම්වො?..."

"අමතකර දමන්න... සොක්ජින්?.... ඔබට මා පිළිබඳව ගැටළුවක් නොමැතිද😒?..."

"ඔබේ ගමන් මල්ලේ තිබුණු පුස්තක හා අනිත් ද්‍රව්‍ය මට පැහැදිලි කරන්න... ඒ මෙන්ම ඔබගේ කතා විලාශය මෙතරම් වෙනස් වන්නේ ඇයි?... මා හට ඔබේ බුද්ධිය වගේම දක්ෂතා මැන බැලිය යුතුයි... එමෙන්ම මේ කුමක්ද?..."

සොක්ජින් මගෙන් ඇහුවෙ අයෙමත් මාශ්මිලෝ පැකට් එක ඔබන ගමන්... දැන් මට තේරෙනවා මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක කියලා😂...

"දැන් මා අසන දෙයට පිළිතුරු දිය හැකිද?..."

"කුමක්ද?..."

"මා නුඹලාට මා ගැන පැවසුවොත් මට නැවතත් යාමට උපකාර කල හැකිද🥺?..."

"මා ඔබට උපකාර කිරීමට කැමතියි😊..."

යුන්ජි කිව්වෙ මාත් එක්ක හරි ලස්සනට හිනාවෙලා...

"ඔබට කෘතඥ වෙනවා🥺..."

අනිත් දෙන්නගෙන් කිසීම සද්දයක් නැති නිසා මන් ඒ පැත්ත හැරුනමයි දැක්කේ... සොක්ජිනුයි යුන්ගියි දෙන්නම ඒ පාර මාශ්මිලෝ පැකට් එක ඔබනවා...

"අය්යන්ඩී😑..."

යුන්ජි කෑගහපු පාරට යුන්ගියි සොක්ජිනුයි දෙන්නම උඩ ගිහින් මේ පැත්ත බැලුවා... මන් මේ වෙලාවේ හිනාව පාලනය කරගන්න ලොකු සටනක හිටියෙ...

"ආ...කු...කුමක්ද?..."

සොක්ජින් ගොතගගහ ඇහුවා..."

"මැය ඔබලාගේ ගැටලුවලට පිළිතුරු දුන්නොත් ඇයට ආපසු යාමට උපකාර කල හැකිද කුමරුනි?..."

"ඔබ රාජද්‍රෝහියෙකු නොවේ නම් මා උපකාර කිරීමට කැමතියි..."

"කෘතඥ වෙනවා..."

මාත් සොක්ජින්ට ඔලුව නැමුවේ කැමැත්තකින් නම් නෙමේ... ඒත් එයා උදව් කරන්නම් කිව්වනේ...

"ඔබ?.."

යුන්ජි අර පූස් තඩියගෙන් ඇහුවා..."

"කුමාරයා කැමතිනම් මමත් කැමතියි😒..."

"හ්ම්ම්... හරි... මන් කිම් දෝයෝන්... මට තාමත් අවරුදු දහඅටයි..."

"මා වටහාගත්තා නිවැරදි නම් ඔබ තවමත් දහඅටවන වියේ පසුවන්නියක්😊..."

යුන්ජි කිව්වම මන් ඔලුව වැනුවා...

"මට ඉන්නෙ එක සහෝදරයයි... මන් කොරියාවේම කෙනෙක්... මේ වෙනකොට මන් තේරුම් ගත්ත විදිහට මන් ඇවිත් තියෙන්නේ අතීතෙට..."

"ම්වො?..."

"හුම්ම්... නුඹලා අසා තිබෙනවාද කාලය තරණය කිරීමක් ගැන?..."

"කාලය තරණය කිරීම යැයි පැවසුවේ?..."

"අනී... මා හට එය සනාත කරගැනීමට දින කිහිපයක් ගතවේවි... ඒ ගැන නොසිතන්න... මා ඒ ගැන දැනගත් වහාම ඔබලාට දන්වන්නම්..."

"අප කෙසේද ඔබව විශ්වාස කරන්නේ🤨?..."

අනේ අම්මපා මේ යුන්ගිනම්... ෂිට්... මූට ඕනෙ මගුලයි එපා මගුලයි ඔක්කොම ඕනෙ... රෙද්ද😒..."

"මන් පොරොන්දු වෙන්නම්😒..."

"ඇත්තටම යුන්ජි... මේක තමයි මගෙ ස්කූල් යුනිෆෝම් එක..."

ඒක තුන්දෙනාගෙන් එක්කෙනෙක්ටවත් තේරුනේ නැහැ කියලා මට තේරුනේ එයාලගේ මූණු වලින්...

"නුඹලා අධ්‍යාපනය ලැබීමට ගුරුතුමන් වෙතට යා යුතුයිනේ..."

"එය එසේයි..."

"එලෙසටම මා ගුරුතුමා හෝ ගුරුතුමිය වෙතට යාමටනම් මේ නිල වස්ත්‍රය අනිවාර්යයි... මා ඉගෙනුම ලබන ස්ථානය බොහෝ සේ විශාලයි වගේම එය ආමන්ත්‍රණය කරනුයේ පාසල යන නමින්... එහි මා වැනි තවත් ශිෂ්‍යන් දහස් ගණනින් ඉගෙනුම ලබනවා... ඉතින් මා මේ ඇඳුම් හැඳ පැළඳගෙන සිටින විට එය මහා අරුමයක් නොවේ..."

මන් බොහොම අමාරුවෙන් එයාලගේ විදිහට වචන ගැටගහගත්තා... ඒත් මට එහෙම කතාකරන එකනම් ගොඩාක් අමාරුයි...

IT'S YOU | ONGOING Where stories live. Discover now