🌸Chapter 28...🌸

56 21 10
                                    


"ලීසා නේද?..."

මන් එක පාරටම කතාකරපු නිසාද කොහෙද එයා ගැස්සිලා ගියා...

"ද්..දේ..."

"ඔයාගෙන් අපට කට උත්තරයක් ගන්න තියෙනවා..."

"වේ?..."

"ඔයා දන්නවා ඇති කිම් දෝයෝන්ව?..."

හොබී මට කලින් ඉස්සර වුනා... මගේ කීමටයි හොබී මෙතනට ආවේ... මං හිතපු විදියටම ලිසා ගඟ දිහා බලාගෙන හිටියා...

"අ...අනී මං මුකුත් දන්නෑ"

"ඔහ් ඩියර්... ඇයි ඔයා මේ තරම් කලබල වෙන්නෙ?... මොකක් හරි වැරැද්දක් වත් කරාද?..."

"අ...අනී... මං දන්නෑ..."

එහෙම කියපු ලිසා හොබීවත් තල්ලුකරගෙන දුවලා ගියා... හොබී ඒ පස්සේ යන්න හැදුවත් මන් එයාව නවත්තලා ලීසාට යන්න දුන්නා...

"ලීසා මොනව හරි දන්නවමයි බං..."

මං කිව්වම හොබී ලොකු හුස්මක් පහලට දැම්මා...

"මං පරාදයි නාම්ජූන්..."

"අනී හොබී... ඔයා මහන්සි වෙන විදිය මට පේනවනේ..."

"මටත් ලීසාව සැකයි නාම්ජූනා..."

"දැන් මොකක්ද බං අපි කරන්නේ?...කෝ දෙයියනේ මගේ රෝස මල?... කොහෙද ඉන්නේ දෝයෝ?..."

මං හිටපු තැනම දන ගහගත්තම හොබීත් මන් ඉස්සරහින්ම දණගහගෙන මගෙ ඔලුව එයාගෙ උරහිසෙන් තියාගත්තා...

"අඬපන්... නාම්ජූනා... ඔහොම දුක හිරකරන් ඉඳලා උඹ පපුව පැලිලා මැරෙයි බං... "

ඔව් එයා හැමදාමත් වගේ මට අඬන්න උරහිසක් දුන්නා... එයා කවදාවත් කිව්වෙ නෑ අඬන්න එපා කියලා... ඌ පරිසමාප්ත අර්ථයෙන්ම යාලුවෙකුට වඩා සහෝදරයෙක්...

_________________________

"මීට වර්ෂ ගානකට කලින් ප්‍රධාන දිය දෙවඟන බල සම්පන්න විශාල ජල බින්දු කිහිපයක් නිර්මාණය කළා... පසුව අනාගතය දෙස බලා පින් බලයෙන් වැඩි උපත ලැබීමට සිටින ගැහැණු ලමුන් දොළොස් දෙනෙක් වෙත ඒ බලයන් ලබා දුන්නා... ඒ දිය දෙවගනන් ලෙස...කිම් දෝයෝන් වෙන නුඹත් දිය දෙවඟනක්..."

"ආ?..."

"එසේයි... ඔබේ ලෝකයේ දී ඔබේ බලයන් ප්‍රයෝජනවත් වන්නේ නැහැ... එහෙත් දැන් ඔබට හැකියි ඔබේ බලයන් පාලනය කිරීමට...එමෙන්ම ජලය තිබෙන ඕනෑම ස්ථානයකදී කිසිවෙකුට ඔබට කරදරයක් කිරීමට හෝ කිසිම අනතුරක් ඔබට සිදුවන්නේ නැහැ..."

"ම...මට තේරෙන්නෙ නැහැ..."

"කමක් නැහැ දෙවඟනනි... ඒ ගැන නොසිතන්න... කුමරුනි... මා ඔබට යමක් ලබා දිය යුතුයි..."

සොක්ජින්ට එයා දුන්නෙ මොනවද මන්ද ලියලා තිබුණු පිටු හතරක් පහක් තිබ්බ  පුස්කොල පොතක් වගේ එකක්...

"මේ කුමක්ද?..."

"මෙය ලියවී අවසන් කුමරුනි... ඔබේ සහකාරියව තෝරා සහකාරියව තෝරාගැනීමට කල් එළඹිලා..."

"ම්...ම්වො?... "

"දේ... එමෙන්ම ඔබේ සිත පවසනා දේ අසන්න... ඒ සෑම දෙයක්ම ඔබතුමාගේ දෛවයයි..."

"එසේනම්... එසේනම්..."

"ඔව් කුමරුනි..."

මං මෙතන හිටියේ අන්ද මන්ද වෙලා... මේ කියන කිසිම දෙයක් මගේ ඔලුවට ගියෙ නැහැ... ඒත් මේ කියන විදිහට මම දිය දෙවඟනක් නම් මගේ ආසම පොතේ හැටියට මට ලැබෙන්නෙ නපුරු අවසානයක්ද?... මට ගෙදර යන්න බැරිවෙයිද?... මගේ ආසම පොතේ ප්‍රධාන චරිතය උනේ කිම් සෝක්ජින්... ඒ වගේම එයා තමයි දිය දෙවඟනගෙ සහකාරයා වගේම ආරක්ශකයා... එතකොට දැන්?...

"ඇයි ඔබ නිහඬ දෙවඟනනි?..."

"මා හට නැවතත් මාගේ ලෝකයට යා හැකිද?..."

මන් එහෙම ඇහුවහම එයා හිනාවුනා...

"දේ... ඔබට හැකියි... පුරහඳ  පායන්නට තව සති කිහිපයක් තිබෙනවා... එදිනට ඔබ මේ විලෙන් හැකියි ඔබේ ලෝකයට නැවතත් යාමට..."

ඇති උනු සතුටට මට උඩ පැනලා නටන්න හිතුනා... මගේ මූනෙත් අනිවාර්යෙන්ම හිනාවක් ඇඳෙන්න ඇති...

"කුමරුනි... ඔබේ ගුරුතුමා සමීපයෙහි ඇති හසුනක්... එය ඔබතුමාට බාර ගත හැකිනම් මා කෘතඥ වෙනවා..."

"හ්ම්..."

සොක්ජින් මගේ ඔලුවටත් තට්ටුවක් දාලා එතනින් නැගිටලා ගිහාම කවදාවත් නැති විදිහෙ පාලුවක් තනිකමක් මට දැනුනා...

"දෙවඟනනි...මා හට යමක් පැවසීමට අවසරද?..."

"හ්ම්..."

"සොක්ජින් කුමරු මේ වන විට තිස් වන වියේයි පසුවන්නෙ..."

"ම්වො?..."

මන් එක පාරටම බය උනා සොක්ජින්ට තිහක් කිව්වම...

"එතකොට මන් ඒ තරම් වැඩිමල් කෙනෙක්ට... අනී... ඒක වැරැදිද... "

මන් මගෙන්ම ප්‍රශ්න කලා...

"දේ... ඔහුයි රාජ්‍යයේ වැඩිමල් කුමරු... එහෙත් ඔහුට අයිති රජ කිරුල තම සහෝදරයා වන ටේහ්‍යුන් කුමාරයා වෙත බාරදුන්නේ සිය කැමැත්තෙන්මයි...

IT'S YOU | ONGOING Where stories live. Discover now