"නාම්ජූන්... ඉස්සෙල්ලා සන්සුන් වෙලා ඉන්නකෝ😶... ආහ්... මේක බීලා ඉන්න..."හොබී නාම්ජූන්ව ඉක්මනට පුටුවකින් වාඩිකරවල වතුර වීදුරුවක් දුන්නා... නාම්ජූන් වතුර එක හිස් කරේ ඒක තප්පරේට... ඒක බීලා ඉවර උනාට පස්සේ එයා වීදුරුව තදින් අල්ලගෙන හිටපු විදිහට හොබී හිතුවෙ ඊලග
තප්පරේ වීදුරුව කෑලිවලට කැඩෙයි කියලා... එයා හිතපු විදිහටම ඒක නාම්ජූන්ගේ අත අතරේම බිඳිලා ගියේ කිසිම දෙයක් හිතන්නවත් වෙලාවක් නොදී... මොනවා නැතත් මොකක්ම හරි යමක් මෙතන සිදුවෙලා තියෙනවා කියන එක හොබීට තේරුනේ ඉවෙන් වගේ... මොකද නාම්ජූන් කියන්නේ මේ විදිහට පිස්සෙක් වගේ කලබල වෙන කෙනෙක් නෙමේ... හොබිට මේක මහා පුදුමයක්... ඒ දෙන්නගේ යාළුකමට අවරුදු දහයකටත් වඩා වයස උනත් හොබී මෙහෙම හැසිරීමක් නාම්ජූන්ගෙන් කවදාවත්ම දැකල තිබුනේ නෑ... හොබී කියන්නේ සෝල් පොලිස් ස්ටේෂන් එකේ සැලකිය යුතු නිල තනතුරක් තියෙන පොලිස් නිලදාරියෙක්... ඒ වගේම මේ තරම් කාලයක් එයාගේ මෙහෙයුම් වැරදිලා නෑ... කෙටියෙන් කිව්වොත් හොබී කියන නම අහපු ගමන් මාෆියා කල්ලි පිටින් ඇවිත් පොලිසියට බාරවෙන අවස්ථා ගොඩයි... හොබී මෙහෙයුමකට ගියොත් අපරාදකාරයාට හම්බෙන්නේ කුරිරු මරණයක් නිසා තමයි ගොඩාක් අය හොබීට බය... හොබී ඉස්සර මෙහෙම හිටපු කෙනෙකේ නෙමේ වගේම එයා කලින් හිටියේ මාෆියා කල්ලියක... මේකට බැඳුනු මුල්ම කාලේදී තමා නාම්ජූන් හොබීගෙ යාලුවෙක් වෙන්නේ... එත් එක දවසක් හදිසියේම එයාගේ මාෆියා කල්ලි නායකයාගේ අතින් හොබීගෙ අම්මයි තාත්තයි දෙන්නම අමු අමුවේ පිච්චෙනවා හොබී කඳුළු පිරිච්ච ඇස් වලින් හොරෙන් බලන් ඉන්නවා... ඒත් ඊට පස්සේ දවසෙ හොබීගේ ප්රධානියා එහෙමත් නැත්තං මාෆියා කින්ග් මේ ගැන දන්නෙවත් නැති විදිහට ඉන්නකොට හොබීට එයත් එක්ක තියෙන වයිරය තවත් වැඩි උනා මිසක එක අන්ශුමාත්රයකින්වත් ඒ වයිරය අඩු වුනේ නෑ... අවරුදු ගානක් මේ මාෆියා ගැන්ග් එක එක්ක එකතු වෙලා හොබී හිටියත් ඒක දවසක ලේසියෙන්ම එයාගේ ප්රධානියාව හොබී ඝාතනය කරන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට... හොබී ගැන එයාගේ මාෆියා කින්ග් කවදාවත් සැක කරේ නෑ... මොකද හොබී ගැන්ග් එක ඇතුලේ හිටියේ මෝඩයෙක් ගානට... එත් හොබීට හිතාගන්න බැරි තරම් ප්රමාණයක ධනස්කන්දයක් එයාගේ අම්මයි තාත්තයි හොබී වෙනුවෙන් ඉතුරු කරලා තිබ්බා...ඒත් ඒවා හොබීට පාවිච්චි කරන්න පුලුවන් උනේ අවුරුදු විසිපහක් ගියාට පස්සෙ... ඉතින් ඒ අනුව එයාගේ දෙමව්පියොන්ට මැරෙන්න උනේ ඇයි කියන එක තේරුම් ගන්න හොබීට මහා ලොකු කාලයක් ගියේ නෑ... මේ මාෆියා කින්ගේ මිනීමැරුම ගැන ඒ දවස්වල හැමෝම වගේ කතාකරත් කාටවත් හොයාගන්න බැරි උනා මිනීමරුවා කව්ද කියලා...එත් හොබී නොහිතපු දෙයක් දැනටමත් වෙලා තියෙන නිසා හොබීගෙ මුළු ජීවිතේම වෙනස් වෙයි කියලා එයා හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති...FLASHBACK...
"මොකෝ බන් උඹ අද කලබලෙන් වගේ?..."
"ම...මම?..."
"නැත්තන් මමද?..."
"ආ..න්නෑ... එහෙම දෙයක් නෑ..."
"හොබී... මන් උඹට දෙයක් කියන්න හිටියේ..."
"කියන්න නාම්ජූනා..."
"උඹට තාම අවරුදු විස්සක්වත් නෑ... ඔය මාෆියාවලින් අයින් වෙන්නකෝ... චේබල්..."
"මියානේ නාම්ජූනා... මට ගොඩාක් ගනුදෙනු තියෙනවා කරන්න..."
"හොබී... කියන දේ අහපන් බන්... ඕකෙන් අයින් වෙලා ලස්සනට ජිවත් වෙන්න උඹ පරක්කු නැනේ..."
"නාම්ජූනා... උඹ හිතනවද මන් අයින් උනහම මාෆියා කින්ග් මාව පන පිටින් තියයි කියලා?..."
"ඔව් එකත් ඇත්ත... එත් මට උඹ ගැන බයයි..."
"දුක් වෙන්න එපා නාම්ජූනා... හැමදේම විසදෙයි... අපි යමු කන්න..."
හොබී නාම්ජූන්ගේ කරට අතකුත් දාගෙන කැන්ටිම පැත්තට ගියා... එදා දවසෙම හොබී හිටියේ වෙනද නැති කලබලෙකින්... එයා මුකුත් නෑ කිව්වට ඇත්තටම මොනවා හරි වෙලා තියෙනවා කියන එක නාම්ජූන් තේරුම් ගත්තේ හොබීගෙ හැසිරීමෙන්...

VOCÃ ESTÃ LENDO
IT'S YOU | ONGOING
Fanficāˇāļģāˇāļāļ¸āˇāļąāļēāˇ āˇāˇāļ§ āļ āļāˇāļāļēāļ§... -āˇāˇāļļāˇāļ¯āˇāļ¸āļ§ āļāļ¯āļģāļē āļāļģāļą āˇāˇāļąāˇāļ¯āļģ āļāļ§āļāˇāļģ āˇāˇāļģāļāļŊāˇ āļ āļģāˇāļāļēāļāˇ... -āļāļ¸ āˇāˇāļąāˇāļ¯āļģ āļļāˇāˇāļē āļąāˇāˇāˇ āļāļģāˇāˇāˇāļēāˇāˇāˇāļąāˇ āļ´āˇāļŊāˇāļą āļāˇāļāˇ āļēāˇāˇāļāˇāļēāļāˇ... -āļāˇāļŊ āļ´āˇāļŊāˇ āˇāļ¸āˇāļāļ¸āļ āļ āļēāˇāļāˇāļāˇāļģ āļāļ¯āļģāļąāˇāļē āˇāˇāˇāļ¯āļģāļēāˇāļāˇ... -āˇāˇāļ¸ āļ¯āˇ āļ´āˇāˇāļ´āˇāļ¸ āļāˇāˇāˇ āˇāˇāļēāˇ āļļāļŊāļą āļ´āˇāļŊāˇāˇāˇ āļąāˇāļŊāļ°āˇāļģāˇāļēāˇāļāˇ... -āļāļģāˇāļ¸āļāˇāļāˇāļģāļēāˇāļāˇ āļąāˇāļ¸āˇāļāˇ...