After a week...
මේ සතියෙ මට පිස්සු හැදුනෙ නැති ටික විතරයි... දෝයො ඇස් ඇරියෙත් දවස් 5කට පස්සේ... ඒත් බේබි ඒ විදිහටම හිටියා මිසක් හෙලවුනේවත් නෑ...
"සර්..."
"එන්න බනී..."
"මන් ආවෙ දෝයො බලලා යන්න සර්..."
"දේ... එයා ඔයාව දැක්කම සතුටු වෙයි..."
බනී සපත්තු ගැලෙව්වම මන් එයාව දෝයොගෙ රූම් එකට එක්කගෙන ගියා...
"දෙයියනේ..."
බනීට කෑගැස්සුනා...
"එයාට කරදරයක් නෑ නේද සර්?..."
බනී එයාගෙ බෝල ඇස් ලොකු කරලා ඇහුවෙ අවංකවම... එයා වගේ යාලුවෙක් දෝයොට හම්බුනු එක ගැන මන් සතුටු වෙනවා... ඒත් බනී අහපු ප්රශ්නෙට මන් ලග දෙන්න තරම් උත්තරයක් තිබුනෙ නෑ...
"හ්ම්... අපි එහෙම හිතමු..."
මගේ අවිනිශ්චිත බාවය බනීටත් තේරෙන්න ඇති... එයා ඔලුව උඩට පහලට වනලා දොයොගෙ අතක් අල්ලගත්තා...
"දෝයො ඔයාට මාව ඇහෙනවද?..."
බේබි යන්තම් ඇස් පිල්ලම් ගහලා ඔව් කිව්වා...
"ඔයාට ඉක්මනට හොදවෙයි... මන් චොකලට් එකකුත් ගෙනාවා... මෙන්න..."
බනී එයා ගෙනාපු චොකලට් එක දෝයො ගාවින් තිබ්බා...
"ඔයා දන්නවද... මේ මල් වලට ඕනෙම ලෙඩක්, ඕනෙම අමාරුකමක් ඉකමනටම හොදවෙනවලු... ඒ නිසා මේවා විසි කරන්න එපා... මන් පොඩි කාලෙ මගේ හැල්මොනී තමයි මට කියලා දුන්නෙ... එයා වෙද කෙනෙක්... කොහොම හරි ඉක්මනට සනීප වෙලා එන්නකෝ... ස්කූල් එකේදි තනියෙම ඉදලා මට ඇති වෙලා..."
බනී එක එක දේවල් ගොඩාක් දෝයොට කිව්වා... දෝයොත් ඒවා අහගෙන හිටපු විදිහ මන් දැක්කා... බනී ගෙනල්ලා තිබ්බෙ දම් පාට පොකුරු පොකුරු චූටි මල් ජාතියක්... ඒවයි මහ ලොකු සුවදක් නැති උනාට යම්තාක් දුරට සුවදයි... මන් බේබිගෙ කාමරේ වාස් එකට ඒ මල් දාලා තිබ්බා... බනී කතා කරලා ඉවර වෙලා එලියට ආවා...
"කුමාවෝ සර්... එයාට දැන් නින්ද ගියා..."
"ඒකට කමක් නෑ කුකී... කුමාවෝ කියන්න ඕනෙ වෙන්නෙ නෑ... ඒක ඔයාගෙන් වෙන්න ඕනෙ යුතුකමක්... එයා ඔයාගෙ යාලුවා නේද..."
"තේරුනා සර්... කොහොමද සර් දෝයොට මෙහෙම උනේ?... එයා කොහෙද සර් මෙච්චර කල් හිටියෙ?..."
"හ්ම්... බනී... ඔයා දන්නවනෙ... ලීසාව... එදා ස්කූල් එකේදි දෝයොයි ලීසයි අතර වෙච්ච කේස් එක නිසා තමයි මේක මෙහෙම වෙලා තියෙන්නෙ..."
"ම්වො?... මොකක්?..."
"දෝයො එදා ගෙදර ආවෙ තනියෙම... ඒ අතර වාරෙදි අර පාලම ලඟදි ලිසා දෝයො එක්ක කතාකරන්න ඕනෙ කියලා එයාව පාලම උඩට එක්කන් ගිහින් බනී... එතනින් පහලට ලීසා දෝයොව තල්ලු කරලා බනී..."
"ම්...ම්වො?..."
"හ්ම්..."
"ඉතින් ස...සර්... එතකොට දැන් ලීසා..."
"එයාව ඔෆිසර් හොබී ඇරෙස්ට් කරා බනී..."
"අම්මොහ්... මට හිතාගන්න බෑ සර්... එහෙම දෙයක් හතුරෙකුටවත් කරන්න හිත හදාගන්නෙ කොහොමද?..."
"අපි මේ ජීවත් වෙන ලෝකෙ එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවනෙ බනී... ඔයාලත් පරිස්සම් වෙන්න ඕනෙ..."
"ඉතින් සර්... ඊට පස්සෙ දෝයො මෙච්චර කාලයක් කොහෙද හිටියෙ?... එතකොට එයාව සර්ට හම්බුනේ කොහොමද... මේක හීනයක් වගේ..."
"ඒකනෙ බනී... එයා මෙච්චර කාලයක් හිටපු තැනක් ගැන කිසිම දෙයක් අපි දන්නෙ නෑ... මොනවා කතාකරන්නත් දෝයො නැගිටින්න එපැයි... එයාව මට හම්බුනේ එදා මන් ගග ගාවට ගිහාම බනී... ඒ වගේ වෙලාවක ඇත්තටම මන් දෝයොව බලාපොරොත්තු උනේ නෑ... මටත් ඇත්තටම හිතාගන්න බෑ බනී..."
"හ්ම්... ඒකනේ..."
"ආ... බනී... දැන් ඔම්මට කොහොමද?..."
"සර්ගෙ පිහිටෙන් ඔම්මට ඔපරේෂන් එක කරගන්න ලබන මාසෙ දිනයක් දුන්නා සර්... ඉක්මනටම ඔපරේෂන් එක කරගන්න පුලුවන් වෙයි සර්..."
"හරි බනී... අහන්නත් සතුටුයි..."
"ආයෙමත් කුමාවෝ සර්..."
බනී අංශක අනූවටම නැමිලා මට ආචාර කරලා යන්න හැරුනා...
"බනී..."
"සර්?..."
"මට හ්යුන් කියන්න බනී..."
"ස...සර්?..."
"මට මීට කලින් කව්රුත් හ්යුන් කියලා කතාකරලා නෑ බනී... එහෙම කව්රුත් කතාකරන්න පොඩි කොල්ලෙක් අහලකවත් ඉදලා නෑ මගෙ..."
"සර්..."
"පුලුවන් නේද?..."
"ද්... දේ සර්... අ...අනී හ්යුන්..."
"හොද කොල්ලා... එහෙනම් දැන් පරිස්සමෙන් ගෙදර යන්න..."
"හ... හරි හ්...හ්යුන්..."
බනී ඇඹරිලා ලැජ්ජාවෙන් එහෙම කියලා ගියා...
ESTÁS LEYENDO
IT'S YOU | ONGOING
Fanficවර්තමානයේ සිට අතීතයට... -සොබාදහමට ආදරය කරන සුන්දර කටකාර හුරතල් චරිතයක්... -එම සුන්දර බාවය නිසා ඊරිසියාවෙන් පෙලෙන තවත් යුවතියක්... -ඉහල පෙලේ සමාගමක අයිතිකාර ආදරනීය සහෝදරයෙක්... -සෑම දේ පසුපසම ගොස් සොයා බලන පොලිස් නිලධාරියෙක්... -උරුමක්කාරයෙකු නොමැති...