"ඒත් මෙහෙම දෙයක් තියෙනවා... මිස්ටර්?...""නාම්ජූන් කියලා කියන්න... මිස්ටර් කෑලි ඕනෙ නෑ..."
"දේ..."
"දෝයොන්ගෙ මනසට කිසිම හානියක්වත් කම්පනයක්වත් වෙලා නෑ නාම්ජූන්... මන් වැඩි හොදට එයාගෙ බර්ත් ඩේ එක, ඉස්කෝලෙ ඉන්න ග්‍රේඩ් එක, යාලුවගෙ නම, නාම්ජූන්ගෙ බර්ත්ඩේ එක වගේ දේවල් ඇහුවා... එයාට එයාගෙ පේරන්ට්ස්ලගෙ ඇනවසරි එක පවා මතකයි නාම්ජූන්... එයාගෙ මනසට කිසිම දෙයක් වෙලා නෑ..."
"එතකොට?..."
"මෙතන ඊට වඩා දෙයක් තියෙනවා..."
"ඒ කිව්වෙ?... මට තේරුන්නෑ..."
"එයා හිතින් කඩා වැටිලා වගේ ඉන්නෙ... ඒ නිසාම එයාව අපිට ඉක්මනට ඔය ඉන්න තත්වෙන් රිකවරි කරගන්න පුලුවන් වෙයි ඒත් මන් කියන විදිහට කරන්න..."
"මොනවද ඩොක්ටර් අපි කරන්න ඕනෙ?..."
"එයාට ගොඩාක් පීඩනේ දෙන්න එපා... ම්ම්... මම මෙහෙම කිව්වොත්, හොබී මට කිව්වා එයාගෙ විස්තර... ඔය කේස් එකේදි ස්කූල් එක සම්බන්ද උන නිසා එයා ස්කූල් යන්න කැමති නැත්තන් එයාට බල කරන්න එපා... පුලුවන් තරම් ඔන්ලයින් සෙශන්ස් වලින් ස්ටඩී කරන්න දෙන්න... ගොට් ඉට්?..."
"යස් ඩොක්ටර්..."
"අපි තව මොනවද කරන්න ඕන ලීනා?..."
හොබී අහද්දි එයා ආපහු කතා කරා...
"පුලුවන් තරම් එයාව රිලැක්ස් එකේ තියලා ඇත්තටම එයාට උනේ මොකද්ද කියලා බලන්න... එයාට තව හුගාක් රෙස්ට් එක ඕනෙ... පුලුවන් නම් පොඩි ට්‍රිප් එකක් වගේ ඈත නිදහස් පැත්තකට එක්කගෙන යන්න... බීච් සයිඩ් එකක් නම් හොදයි... ඒත් ඊට වැඩිය එයා කැමති පැත්තක් බලන්න... එහෙම කරොත් එයා ඉක්මනටම සාමාන්‍ය තත්වෙට හැරෙයි... දෝයොන්ට නිකරුනේ බෙහෙත් දීලා නාස්ති කරන්න මට බෑ හොබී..."
"නාස්ති කරන්න බෑ කිව්වෙ?..."
"ඒ කිව්වෙ ඩොක්ටර්?..."
මායි හොබියි දෙන්නම එකට අහද්දි ලීනා මගෙ පැත්තට හැරුනා...
"නාම්ජූන්... එයාව ගොඩාක් වෙලාවට එයා කැමති දේවල් එක්ක තියන්න... නින්ද යන්න මට බෙහෙත් දෙන්න පුලුවන්... දෝයෝන් තාම ලමයෙක්... ඉතින් මන් ස්ලීපින් ටැබ්ලට්ස් දුන්නොත් එයා ඒවට හුරුවෙයි... ඒව නැතුව බැරිවෙයි... එතන තියෙන රිස්ක් එක මට බාරගන්න බෑ නාම්ජූන්... ප්ලීස්... අයි ඈම් සොරි... දෝයෝන් ඇතුලෙන් මන් මාවම දකිනවා... මන් එයත් එක්ක කතා කරපු පැය ගානට මට ඒක තේරුනා... ටික කාලයක් යනකම් ඔහොම වෙයි එයා... ඒත් ඉක්මනටම හරියයි ඒක... දෝයොට මෙන්ටලි පැත්තෙන් කිසිම ඉශූ එකක් නෑ... අන්ඩර්ස්ටෑන්ඩ්?..."
"දේ..."
"ඉතින් ඕක තමා මෙතන තියෙන එකම දේ..."
"හ්ම්... තැන්කියු ඩොක්ටර්... තැන්කියු මචන්... මන් එහෙනම් යන්නද... දෝයො බලාගෙන ඇත්තෙ..."
"දේ... පරිස්සමෙන් පලයන්... උඹ දැම්මම යනවද?..."
"අනී... කුකීගෙ ඔම්මව හමබෙන්න යන්නත් ඕනි... ඒ මනුස්සයත් එක අතකට පව්... කුකී ගැන ටිකක් එයාගෙ ඔම්මත් එක්ක මට කතා කරන්න ඕනෙ..."
"අරස්සෝ... මන් ටිකක් ඉදලා එන්නත?..."
හොබී අපහසුවෙන් වගේ බෙල්ල අත ගගා ඇහුව දේ මට තේරුනේ නැත්තෙමත් නෑ...
"හා හා හා හාරි හාරි හාරි... ඉදලා... මල් කඩලා... ගැරඩි වගේ වෙලිලා... එතිලා... ඕනෙ රෙද්දක් කරගෙන වරෙන්... මන් යනවා..."
"යා... නාම්ජූන්..."
ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා හිටපු ලීනාව දැකපු හොබී ලැජ්ජාවෙන් කෑ ගහද්දි මන් පොඩි හිනාවක් දාලා අතත් වනාගෙනම එලියට එද්දි දෝයො බර කල්පනාවක...
"මොනවද කල්පනා කරන්නෙ?..."
"ආ... අහ් අනී... අ...අනී..."
මාව දැක්කෙ නැති නිසා දෝයො ගැස්සිලා ගියා..."
"බඩගිනිද?..."
"හුම්..."
දෝයො යටි තොලත් පෙරලන් ඔලුව වැනුවා...
"යමු එහෙනම්..."
මන් දෝයොව එක්කන් හොස්පිටල් එකට එහා පැත්තෙ තිබුනු මගේ කම්පැනි එකට ආවෙ කැෆ්ටේරියා එකෙන් මොනවා හරි දෝයොට අරන් දෙන්න හිතාගෙන... අපේ කැෆ්ටේරියා එකේ ආන්ටි උයන කෑම කන්න දෝයො කොහොමත් කැමතියි...
"ගුඩ් ආෆ්ටර්නූන් බොස්... බොස්ට මහන්සි පාටයි..."
කම්පැනි එකට අඩිය තියපු ගමන් හම්බුනේ බිස්නස් හේටර්ස්ලා නිසා මට ඉන්න බොඩි ගාර්ඩ්ස්ලගෙ ලීඩර් කන්ග්...
"යස් ගුඩ් ආෆ්ටර්නූන් කන්ග්... නෝ වේ... මන් හොදින්..."
"අද හැල්මොනිත් ඇවිත්... ගොඩ කාලෙකින් නිසා හැල්මොනොට මොනවා හරි ඕනෙත?..."
කන්ග් ඔහොමමයි... වෙලාවකට කන්ග් එක්ක දෝයො මරාගන්නැති ටික විතරයි...
KAMU SEDANG MEMBACA
IT'S YOU | ONGOING
Fiksi Penggemarāˇāļģāˇāļāļ¸āˇāļąāļēāˇ āˇāˇāļ§ āļ āļāˇāļāļēāļ§... -āˇāˇāļļāˇāļ¯āˇāļ¸āļ§ āļāļ¯āļģāļē āļāļģāļą āˇāˇāļąāˇāļ¯āļģ āļāļ§āļāˇāļģ āˇāˇāļģāļāļŊāˇ āļ āļģāˇāļāļēāļāˇ... -āļāļ¸ āˇāˇāļąāˇāļ¯āļģ āļļāˇāˇāļē āļąāˇāˇāˇ āļāļģāˇāˇāˇāļēāˇāˇāˇāļąāˇ āļ´āˇāļŊāˇāļą āļāˇāļāˇ āļēāˇāˇāļāˇāļēāļāˇ... -āļāˇāļŊ āļ´āˇāļŊāˇ āˇāļ¸āˇāļāļ¸āļ āļ āļēāˇāļāˇāļāˇāļģ āļāļ¯āļģāļąāˇāļē āˇāˇāˇāļ¯āļģāļēāˇāļāˇ... -āˇāˇāļ¸ āļ¯āˇ āļ´āˇāˇāļ´āˇāļ¸ āļāˇāˇāˇ āˇāˇāļēāˇ āļļāļŊāļą āļ´āˇāļŊāˇāˇāˇ āļąāˇāļŊāļ°āˇāļģāˇāļēāˇāļāˇ... -āļāļģāˇāļ¸āļāˇāļāˇāļģāļēāˇāļāˇ āļąāˇāļ¸āˇāļāˇ...