🌸Chapter 14...🌸

61 23 13
                                    


"කව්රුන් හෝ ඔබව කොහේදී හෝ දුටුවොත් ඔව්න්ට ඔබ ඉගෙනුම ලබන කෙනෙක් බව එවිට වටහාගත හැකිද?..."

"හ්ම්..."

යුන්ජි නම් ගොඩාක් බුද්දිමත් වගේ... එයා ඕනෙම දෙයක් ඉක්මනට තේරුම් ගන්නවා... එයා අර ගොනිබිල්ලෝ දෙන්නම වගේ නෙමේ කියලා මට හොඳටම තේරුනා...

"ඔබ මාගේ ගැටලුවලට පිළිතුරු ලබාදෙන්නේ නැතිද එසේ නම්?..."

සොක්ජින් මට රවනගමන් කිව්වා...

"ඒ පුස්තක මා පාසලේදී ඉගෙනුම ලබන ඒවා... මේ තියෙන්නේ පින්සල් නොව්නත් එයට සමාන දෙයක්... එකම වෙනස වන්නේ පින්සලට වඩා මෙය හැසිරවීමට පහසුයි..."

මන් පෑනක් අරගෙන කොලේක සොක්ජින් කියලා ලිව්වා... එයා ඒ දිහා බලන් හිටියෙ පොඩි එකෙක් වගේ...

"මූ නම් කුමාරයෙක් වෙන්න බෑ...🤨පුත්තලම් බූරුවෙක්..."

මන් සොක්ජින් දිහා බලන් හිතුවෙ එහෙම...

"මේක😶...?"

හම්මෝ... කැරකිලා කැරකිලා අන්තිමට ආයෙමත් මාශ්මිලෝ පැකට් එකට😂... මන් තවත් වෙලාව නාස්ති නොකර සොක්ජින්ගේ අතේ තිබුණු මාශ්මිලෝ පැකට් එක කඩලා ඒ එකක් කටේ දාගත්තා... ම්ම්ම්... මන් ආසම කෑම තමා මාශ්මිලෝ කියන්නේ... අර තුන්දෙනා නම් බලන් හිටියෙ බූත වෙලා...

"ආ... ගන්න😂..."

මන් සොක්ජින් දිහාවට මාශ්මිලෝ පැකට් එක දික්කරහම එයා මන් දිහයි මාශ්මිලෝ පැකට් එක දිහයි මාරුවෙන් මාරුවට බලනගමන් මාශ්මිලෝ එකක් ගත්තා... එයා එකේ සුවඳ බැලුවා නහයට ලං කරලා... එයාගේ මූනේ ඉබේටම හිනාවක් ඇඳුනේ එකේ සුවඳට වෙන්න ඇති... ඒත් එයාට එක කන්න කටට ලන්කරන්න විතරයි පුළුවන් වුනේ... යුන්ගි ඒක උදුරලා කටේ දාගත්තා...

"ආයිශ් යුන්ගී... මන් තමුසෙව මරනවා😒💔😑..."

මන් ආපු කෙන්තියටම අතමිට මොලවගත්තේ යුන්ගිට හැටදාහට විතර රවන ගමන්😶...

"කුමක්ද ඔබ ඒ සිදුකලේ... එහි තිබුණේ ඉතාමත් මිහිරි සුවඳක්😒..."

සොක්ජින් යුන්ගිට කෑගැහුවම යුන්ගි ඉක්මනට මාශ්මිලෝ එක හපලා හපලා ගිලලා උත්තර දෙන්න ගත්තා...

"කමාකරන්න කුමරුනි... මට තවමත් මැයව විශ්වාස නැහැ... කුමක් උවත් මා ඔබ වෙනුවෙන් වග කිව යුතුයි😌🌝..."

"යුන්ගි... මා අත දරුවෙකු නොවේ... මා ඔබටත් වඩා වැඩුමල්..."

"කමාකරන්න කුමරුනි..."

යුන්ගිට උත්තරයක් නොදීම සොක්ජින් රවලා අහක බලාගත්තා...

"ගන්න යුන්ජි..."

මන් මාශ්මිලෝ පැකට් එක යුන්ජිට දික්කරහම එයා යුන්ගි දිහා බලන ගමන්ම එකක් අරන් කටේ දාගත්තා...

"යා... සොක්ජින්... ආ...කාලා බලන්න😌..."

මන් ආයේ සොක්ජින්ට දික් කරහම එයා ඒ එකක් අරන් පට ගාලා කටේ දාගත්තේ ආයේ යුන්ගි උදුරගනී කියලා බයේ වගේ😂... එයා ඒකෙ රසට පුදුම උනා කිව්වොත් මන් හරි... මන් මොකද්දෝ හේතුවකට මේ තුන්දෙනාව විශ්වාස කරා... මොකද කොච්චර කොහොම නමුත් මන් මේ නොදන්නා ලෝකේ දැනට දන්න තුන්දෙනෙකුට ඉන්නෙ මේ තුන්දෙනා විතරයි... ටිකකින් යුන්ජි මට කෑම එකක් ගෙනත් දුන්නා... මන් නමක් දන්නෙ නැති උනත් එක කාගෙන කාගෙන ගියා... ඇත්තටම මන් හිටියෙ බඩගින්නේ... ඒ අතරේදී සොක්ජින් එක්ක යුන්ගි මාලිගාවට යන්න ලැස්ති උනා...

"යුන්ජි... ඔබට හැකිවේවිද මැයව ඔබේ පේන තෙක් මානෙන් තබාගැනීමට?..."

සොක්ජින් මන් දිහා බලලා කිව්වා...

"එය මට සතුටක් කුමරුනි..."

"මා රාත්‍රියේදී නැවත නිවසට පැමිනෙන්නම්... දෙදෙනාම ප්‍රවේශම් වන්න... "

යුන්ගි දබර ඇඟිල්ල දික් කරලා අපි දෙන්නටම තර්ජනාත්මක විදිහට කිව්වම මට කකා හිටපු එක හිරවුණා... එහෙමම ඉස්සරහට ආපු යුන්ගි යුන්ජිගේ නලලෙන් පොඩි හාදුවක් තවරුවේ මෙතන මායි එයාගේ කුමාරයයි ඉන්නවා කියලා ගානක්වත් නැතුව... සොක්ජින් ඒක දැක්කා නමුත් එයා ඒක ගණන් ගත්තු බවක් පෙනුනේ නෑ...

"යා...තමුන්... මා නැවතත් පැමිණෙනවිට පිරිසිදු වී සිටින්න😒😑..."

මන් එකට මුකුත් කිව්වෙ නැතුව ඔලුව හෙල්ලුවේ හා කියන්න... ඇත්තටම තාමත් මන් ටිකක් යුන්ගිට බයයි... මන් ආයේ එයත් එක්ක කටගහන්න ගියේ නැත්තේ එයාගෙ දිග ඇඟිලි තියෙන අතින් ආයේ කම්මුල් පාරක් කන්න බැරි නිසා... කම්මුල තාමත් රිදෙනවද මන්දා... මන් කොහොමත් දැන් දන්නවා ඒ අතින් ආයේ පාරක් කෑවොත් මන් රොටියක් වෙලා නවතින්නේ😵...

IT'S YOU | ONGOING Tempat cerita menjadi hidup. Temukan sekarang