"ආආආආආආආආආ........."
ජිමින් ගෙ මව ඔහුගෙ තුවාල වල බෙහෙත් ආලේප කරන විට ඔහු ජන්කුක් ගෙ අත තදින් අල්වාගෙන හැකි තරම් හයියෙන් විලාප නැගුවා"අනේ රිදෙනවා... මට තවත් නොහැකි.. මේ වේදනාවෙන් මා මියැදෙයි... එවිට මා වැනි පුතෙකු ඔබ සොයා ගනුයෙ කිනම් ඉසව්වකින්ද මෑ..... ණි..... ය.... නි....ඊඊඊඊ"
"අහ් ජිමින් ඔබ හට මහලොකු තුවාලයක් වී නෑ. ඔබ මටත් තුවාල කරනවා"
ජන්කුක් කීවේ ජිමින් ඔහුගෙ දෑත් තද කොට අල්වා ගනිද්දී ඔහුගෙ නිය සලකුණු නිසා තුවාල වී රුධිරය පිටතට ආ තමාගෙ දෑත දෙස බලන ගමන්."කුමක් සිදුවීද නුඹට ආ?මෙය සුලු කොට තැකිය හැකිද? මෙය පැසවා මා මිය යා හැකී නොවෙද?"
ජිමින් කෑ ගසා අඬන ගමන් කෑ ගැසුවෙ ඔහුට ප්‍රතිකාර කිරීම බලනු රිසිව පැමීණී ඔහු කා කෙලි සෙල්ලම් කල අවුරුදු 5ක 6ක පමණ කුඩා දරුවන් පවා සිනා ගස්වමින්."ජිමින්, ඔබට යුධ තුවාලයක් වී නෑ. බලනු අසිපත් පහරකින් උදරය කැපී ගිය සෙබලෙකු උවත් කොතරම් වේදනාවක් දැනුනත් ප්‍රතිකාර කරන තුරු ඉවසනවා. ඔබ මෙවැනි සුලු කරුණකට වැලපෙනවා"
ජන්කුක් කීවේ තවමත් ඔහුගෙ අත තදින් අල්වා විලාප නගන ජිමින්ගෙන් බේරීමට උත්සාහ කරනමන්."ආ...? නිතරම සෙබලුන් මහරජු ගැන කියවන්නෙ? ඔබ සේනාවෙන් පැන ආ සෙබළෙක් වත් ද? මෑණියනි අප මොහුව වහාම මහරජුට බාර දෙමු"
ජිමින් ජන්කුක් නිතරම කියන මාලිගාව හා යුධ සේනා සිහි වී කෝපයෙන් කෑ ගසද්දී ජන්කුක් ඔහුට බැන වැදීමට උත්සාහ කලත් ජිමින්ගෙ මව ඔවුන් දෙදෙනාටම බැන වැදීමට පටන් ගත්තා."විවාහ පත් වූ මහලු ජෝඩුවක් සේ වාද කිරීම නවත්වන්න දෙදෙනාම. කුමක් ද ඔබ දෙදෙනාට සිදු වී තිබෙන්නෙ ආ?
"මේ ජන්කුක් තමා සියල්ලටම මුල ඔහු කුමටද මට බැන වදිනුයෙ?"
පරාජය බාර ගැනීමට රිසි නොවූ ජිමින් කෝපයෙන් කියද්දී ජන්කුක් ඔහු දෙස රවා බැලුවා."බැන වදිනයේද? ඔබ ඔය තද කොට අල්වා සිටිනුයේ! ඒ මගෙ හස්තය!!!"
ජන්කුක් තමාගෙ දෑත් පෙන්වමින් කියද්දී ජිමින් එක්වරම ඔහුව අත හැර ඔවුන් දෙස සිනා සෙමින් බලාගෙන සිටි ජින් හට තමන්ගෙ දෑත දිගු කර ඔහුව තමා ළගට ඇද ගත්ත.
YOU ARE READING
𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓
Fanfiction"පැමිණෙන්න මේ තුරුලට ජිමින්.... මගේ පපුවෙ හිස පොවාන අපේ ආලයෙ නාමයෙන් ගැයෙන මගේ හදවතෙ ගීය අසන්නට...." -යුවරජ ජන්කුක්- •jikook fanfiction •boyXboy •top kook •bottom Jimin Started date - 07 Nov 2021 Completed - 26 April 2022