40 කොටස

491 142 74
                                    

ඉයුන්වෝ පිටත්ව යන තෙක් ආ යන ඉසවුව බලා සිටි ජන්කුක් ඔහු දෙස බලා සිනාසෙමින් සිටින ජිමින් දෙස නැවත බලන විට ඔහු ජන්කුක් සමග සිනාසෙමින් ඔහුගෙ දෑත් අල්වා ගත්තා.

"යමුද? භෝජන ගැනුම ට?" ජිමින් සිනාසෙමින් අසන විට යන්තමින් හිස සැලුව ජන්කුක්ගෙ එක් හස්තයක් , තම උර මත තබාගෙන ඔහුව නිවස තුලට ජිමින් ඇදගෙන යද්දී මද සිනහවක් මුවේ පුරවා ගත් ජන්කුක් සිනාසෙමින් ඔහු පසුපස ඇවිද ආවෙ ජින් ඔවුන් දෙදෙනාගෙ පසුපස ඇවිද එන විට

"ආ... නිවස සිහි වූවාද ජිමින්"
ජන්කුක් ජිමින් සමග භෝජන ගන්නා ස්ථානයට පැමිණෙන විට ජිමින්ගෙ පියා ජිමින්ගෙන් ඇසූවෙන් ජිමින් මද සිනහවකින් ඔහුට පිලිතුරු දෙමින් බිම බලා ගත්තෙ ජන්කුක් ගෙ හස්තයද අත අරිමින්.

"පැමිණෙන්න. අසුන් ගෙන ආහාර ගන්න... "
ජිමින්ගෙ පියා පවසද්දී හිස සැලූ ජිමින් හා ජින් ඔවුනොවුන්ගෙ ස්ථාන වල අසුන් ගත්තද කිසිවක් තීරණය කල නොහැකි වූ ජන්කුක් සිටගෙන ජිමින්ගෙ දෙමාපිය යුවල දෙස බලාගෙන සිටියා.

"ජන්කුක්.. නැතිද භෝජන ගනුයෙ ආ..? පැමිණෙන්න අසුන් ගන්න"
තවමත් සිටගෙන නෙත් යොමාගෙන සිටින ජන්කුක් හට ජිමින්ගෙ මව පවසද්දී හිස නැවූ ජන්කුක් හට අසුන් ගැනීමට , තමා අසල අසුන් ගෙන සිටි ජිමින් අසල අසුන් ගැනීමට ජින් මදක් එහාට වූවා. මද සිනහවකින් මුව පුරවා ගත් ජන්කුක් තමා දෙස බලා සිටින ජිමින් අසලින් අසුන් ගනිද්දී ජිමින්ගෙ මව ආහාර බෙදීම ආරම්භ කලා.








"ජන්කුක් අද දිනයේ ඔබ කුමක්ද කිරීමට තනනුයෙ?"
බිම බලාගෙන ආහාර ගනිමින් සිටි ජන්කුක් ගෙන් ජිමින්ගෙ පියා අසද්දී හදිසියේම මෙතෙක් වේලා ස්මරණ නොවූ ඔහු මියුන්ජී වෙත පැමිණි කාරණය සිහිපත් වූයෙන් ජන්කුක් බර සුසුමක් පිට කලා.

"අද ගම්වාසීන් පුහුණු කල යුතුයි නොවෙද මාමා? මම ඔවුන් හට වදන් දුන්නා ඔවුන්ව මංකොල්ලකරුවන් ගෙන් ගලවා ගන්නා වගට. මා වදන් ඉටු කල යුතුයි"

ජන්කුක් කීවේ චකිතයෙන්. රජකුමරු ලෙස ඔහු මෙහි ආවා නම් ගම්වාසීහු ගැටලුවක් නැතිව ඔහුව පිලිගන්නා වග ඔහු දැන සිටියත් මෙලෙස සාමාන්‍ය වැසියෙකු - සංචාරකයෙකු ලෙස පැමිණි ඔහුව ගම්වාසින් පිලිගනීදැයි ජන්කුක් හට දෙගිඩියාවක් නොතිබුනාම නොවෙයි.

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Donde viven las historias. Descúbrelo ahora