42 කොටස

460 137 44
                                    

"ඔහුගෙ හැසිරීම එලෙස තමා"
යුන්ගී හා ඔහුගෙ බිරිද සේහා පිටවන අයුරු දෑස් අයාගෙන බලා සිටින ජන්කුක් හට පැවසූ සොයුරු ජින් ඔහුව පැමිණෙන ලෙස සංඥා කලයින් ඔහු ජිමින් හා ජින් පසු පස ගම් ප්‍රධානී ගෙ නිවසට පිය මැන්නා.

මද චකිතයෙන් වුවත් , ගම්මානයෙහි වෙනත් නිවාස වලට වඩා තරමින් විශාල එම නිවස අධ්‍යනය කරමින ජන්කුක් ජින් හා ජිමින් නිවසෙහි වත්ත ට ප්‍රවිශ්ඨ වූවා.

"ප්‍රධානීතුමා ඉන්නවාද?"  ජින් නිවසෙහි පිටත යම් කාර්යයක් කරමින් සිටි ස්ත්‍රියක් වෙත ගොස් විමසද්දී සිනහවකින් ඔහුට පිලිතුරු දුන් ඈ සිය හස්තය දිගු කොට නිවස පෙන්වූයෙන් ඈ හට හිස නවා ආචාර කල ජින් හා පිරිස නිවස තුලට ප්‍රවිශ්ඨ වූයේ යම් චකිතයක් සිතෙහි දරාගෙන.


"ප්‍රධානීතුමා යහපත් පුද්ගලයෙක් නොවෙද?"
ජන්කුක් ජින් දෙස බලමින් ඇසුවත් , ජින් දෙවුර හකුලා ඔහුගෙ ප්‍රශ්නය මග හැරියේ හොසොක් යනු ඔහුගෙ මිතුරා උවත්, ඔහුගෙ පියා සමග සිනහවක් හුවමාරු කර ගැනීම විනා මීට ප්‍රතම කිසිම ඇසුරක් පවත්වා නැති නියාවෙන්.

කිසිවක් නොකී ජින් නිවස තුලට ප්‍රවිශ්ඨ වද්දී ඔහු පසුපස පෑමිණි ජිමින් හා ජන්කුක් දුටුවේ නිවස තුල අසුන්ගෙන සිටින ප්‍රධානී.


"ප්‍රධානීතුමා..." නිවස තුලට හිස පෙවූ ජින් ඔහු අමතද්දී බිම බලාගෙන යම් කිසි දෙයක් සටහන් කරමින් සිටි ප්‍රධානී හිස ඔසවා බලා ජින් දෙස බලා ඔහුට සිනහවකින් සංග්‍රහ කලා.

"ජින් පුතා නොවෙද? හොසොක් නම් පිටතට ගියා.."
තම පුතුගෙ හා ජින් ගෙ සමීප මිත්‍රත්වය පිලිබඳ දැන සිටි ප්‍රධානී කීවත් , ජින් ට පසුපසින් ජන්කුක් මතු වෙද්දී එක් ක්ෂණයෙන් ජන්කුක් යනු එදින මංකොල්ලකරුවන් ගෙන් ඔවුන් හට ගැලවීමට උපකාර කල පුද්ගලයා යන්න වටහා ගත් ඔහු මදක් කෙලින් වී අසුන් ගත්තෙ ඔවුන් පැමිණ සිටිනුයෙ වැදගත් කරුණකට යන්න අවබෝධ වූ නිසාවෙන්...



"ඕ.... පැමිණෙන්න... අසුන් ගන්න"
ජින් ගෙ පසු පස සිටගෙන සිටින ජන්කුක් දෙස බලමින් ඔහු , ඔවුන් හට අාරාධනා කරද්දී ඔහු හට හිස නවා ආචාර කල ජන්කුක් හා ජින් ඇතුලට ප්‍රවිශ්ඨ වද්දී ඔවුන් පසුපස පැමිණි ජිමින් ද ඔවුන්ට සමිපව අසුන් ගත්තා.

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Where stories live. Discover now