07 කොටස

666 185 50
                                    

"අවදි වන්න ජන්කුක්... අද අපි පොලට යා යුතුයි"
ජින් ජන්කුක් ගෙ කන අසල කෑ ගසද්දී ජන්කුක් ගැස්සී ඇහුරුනෙ ඔහුට රවමින්.

කොතරම් ගැමි ජීවිතයට හුරු උවත් මේ ගෙවුන කාලය තුළ, ජන්කුක් හට නොහැකි වූවා ජින්ගෙ මේ උදෑසන කරන ශබ්දයට අනුවර්තනය වන්නට. මතු දිනෙක තමාට රජ වීමට ලැබුනහොත් ජින් හට නගර ඝෝෂක තනතුරක් ප්‍රධානය කිරීමට ජන්කුක් ඒ වන විටත් ඉටාගෙන සිටියත්, ඇතුලු නගරයෙ පුරවැසියන් ගැන ඔහු අවංකවම කණගාටු වූවා.

"අවධි වී සිටින්නෙ ජින්. මදක් සිටින්න කො"
ජන්කුක් කෙඳිරුවෙ ජින් ඔහුව සොලවන්නට පටන් ගත් නිසා.

"දෑස් විවර කරන්න ජන්කුක්!!"

"ආ... විවර කරන්නම් ජින්. මදක් සිටින්න. මම මනුෂ්‍යයෙක්, පක්ෂියෙකු නොවෙ එක් වර අවධි වන්නට"
ජන්කුක් කිව්වෙ අනෙක් පස හැරී නැවතත් නිදාගන්නට තනමින්

"ඔබ ඔය උත්සාහ කරනුයෙ නැවතත් නිදා ගැනීමට නොවෙද? කෝ!! නැගී සිටින්න!! ජන්කුක් නැගිටින්න"
ජින් කෝපයෙන් කෑ ගසන ගමන් ඔහුගෙ අතින් අදිද්දී ජන්කුක් අපහසුවෙන් නැගිට්ටා.

"මා සූදානම් වී පැමිණෙන්නම්"
ජිමින්ට කෙඳිරූ ජන්කුක් ඉක්මනින් සිහිල් ජලයෙන් ශරීරය තෙමා ගත්තත් සෑම දිනකම වගෙ ඒ ජලය ඔහුව වෙව්ලා දැමුවත් ඔහු එම හැගීමට පෙම් බැන්දෙ, ඔහු තමාගෙ මාලිගයෙ රෝස පෙති විසිරුණ, කුමන්ත්‍රණ කපටි කම් දිය වුන ඒ ජලයට වඩා, ගම්මානයෙ නිර්ව්‍යාජත්වය ගැබ් වුන ඒ කටුක සිහිල් ජලය ඔහුට ප්‍රිය වූ නිසා.

අඩ හෝරාවකට පමණ පසු ඔහු නැවත පැමිණෙන විටත් සියල්ලම උදෑසන ආහාරය ගමින් සිටි අතර ඔවුන් හට සිනහවකින් සංග්‍රහ කල ජන්කුක් ඔවුන් අසල අසුන් ගෙන ආහාර ගැනීම අාරම්භය කලා.

"ජන්කුක් මේ එළවලු ගෝනි ඔසවා ගන්න. ජිමින්ට හැකියි නෙ මේ කරත්තය තල්ලු කරන්න.. එවිට ජින්........."
ජිමින් ගෙ පියා පොලට ගෙන යා යුතු බාණ්ඩ එකිනෙකා අතර බෙදා දෙද්දී ඔහුට බාධා පැමිණුනෙ ජිමින් ගෙන්.

"ආ... පියාණෙනි.... නොහැකී මට.. මාගෙ තුවාලය තවම වේදනා දෙනවා"
ජිමින් කෑ ගැසුවෙ ඔහුගෙ  තුවාලය පෙන්වමින්

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Where stories live. Discover now