51 කොටස

355 119 19
                                    

"සුබ පැතුම් සේහා. ඔබ ගැබ්බර යි"

සේහාව පිරික්සූ වෛද්‍යවරයා මුමුණද්දී ඈ ඔහු දෙස සිය දෑස් විසල් කොට බලා උන්නෙ පුදුමෙන්.

"කුමක්ද?"
එක් වරම ඔහුගෙ ප්‍රකාශයෙන් පුදුමයට පත් ඈ මුමුණද්දී වෙදැදුරු ඈ දෙස බලා සිනහවක් පෑවේ දයාවෙන්.

"ඔබ පිලිසිඳ ගෙන සේහා. ඔබේ කුසෙහි දරුවෙකු වැටෙනවා"

පුදුමෙන් දෑස් විසල් කොටගෙන සිටින ඈගෙ හිස අත ගෑ වෙදදුරු මුමුණද්දී ඈ වේගවත් සුසුමක් පහත හෙළා ඔහු දෙස බලා සිටිද්දී ඈගෙ දෑසින් නොදැනීම කඳුලු කැට කඩා වැටුණා.

හිමිහිට සිය මුහුණ තමාගෙ හස්තයෙන් ආවරණය කොට ගත් ඈ හඬද්දී නැවත වරක් ඈගෙ හිස අත ගෑ වෙදදුරු පිටතට ඇවිද ගියේ ඈව පිරික්සන තුරු පිටත රැදී උන් ජන්කුක් ජිමින් හා ඉයුන්වෝ හමු වීමට.

"වෙදැදුරු තුමා? ඇය සුවෙන් නොවෙද?"

ජන්කුක් වෙදැදුරු පිටතට පැමිණෙනු දැක අසුනෙන් නැගිට ඔහු හට ආචාර කරන ගමන් මිමිණුවේ ඔහු සිය සහෝදරියකට මෙන් සැලකූ සේහා පිලිබද ඔහු වද වූ නිසා.

"ඈ සම්පූර්ණයෙන්ම සුවෙන් ජන්කුක්. සුභ ආරංචිය නම් ඈ පිලිසිඳ ගෙව ගෙන"

ජන්කුක් විසින් ගෙ හා ඉයුන්වෝ ගෙ කලබල වූ මුහුණු දෙස බලමින් වෙදැදුරු වේගයෙන් කියද්දී අදහා ගත් නොහැකි වූ ජන්කුක් එහෙමම මුව අතින් වසා ගනිද්දී ජිමින් හා ඉයුන්වෝ සිය දෑත් අල්ලාගෙන උඩ පනින්නට වූයේ දැනුන සතුටට.

"සැබෑවටද වෙදැදුරු තුමා. ඈ පිලිසිඳ ගෙන නොවෙද? ඔබට විශ්වාස ද?"

ජන්කුක් මිමිණුවේ වෙදැදුරු දෙස බලමින්.

"මා මෙම වෘත්තියහි නිරත වන්නෙ වසර ගනනාවක් තිස්සෙ තරුණය! මා හට විශ්වාසයි. ගොස් ඔබේ මිතුරිය බලන්න"

පුදුමයෙන් මුව විවෘත කර ගෙන සිටින ජන්කුක් ගෙ හිසට සිය හස්තයෙන් පහර දුන් ඔහු මුහුණදී සිනහවකින් ඔහුට පිලිතුරු දුන් ජන්කුක් කුටිය තුලට දිව ගියේ ජිමින් හා ඉයුන්වෝ ඔහු පසු පස ඇවිද එද්දී.

___

"සේහා.... සේහා... සුභ පැතුම් අක්කණ්ඩී"

වේගයෙන් කුටිය තුලට දිව ආ ජිමින් ඒ තුල සිය මුව වසාගෙන සිටින සේහාව වැලඳ ගන්නා ගමන් පවසද්දී ඉයුන්වෝ ඈ ගෙ සයන මත අසුන් ගත්තා.

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Where stories live. Discover now