ජන්කුක් ගෙමිදුල දණ ගසාගෙන තමා දෙස බලා සිටිනු වැලෙපෙන සිතින් බලාගෙන සිටි ජිමින් රථයෙ අසුනට හේත්තු වී ඉකි ගැසීමට ගත්තෙ දරා ගත් නොහැකි වේදනාවකින්, දුකක් වේදනාවක් පාළුවක් සිතට දැනෙන නිසා.
ඔහුට නොහැකී . ඔව් ඔහුට නොහැකි. ජන්කුක් ඇර වෙනත් පුද්ගලයෙකු ගැන සිතීමට පවා ඔහුට සිතා ගත වත් නොහැකී .....
කෙසේද ඔහු එලෙස කරනුයෙ ඒ සිටියෙ ඔහුගෙ එකම ආදරය..
"ජන්කුක්... මගෙ ජ...න්කුක්..."
හිමිහිට ඉදිරියට ඇදෙන කරත්තයෙ කවුලුවෙ ගසා තිබූ යකඩ පටි අතින් තද කරමින් පිටත බලාගෙන ජිමින් හඩා වැටෙද්දී ඔහුගෙ එහා පසින් අසුන් ගෙන සිටි ඔහුගෙ මව ඔහුව යලි අසුනෙහි හරි ආකාරව වාඩි කරවීමට උත්සාහ කලා."මගෙ ජන්කුක් කොහි යන්නද? ඔහුට නෑ යෑමට තැන...ක්"
තමාටම මුමුණා ගනිමින් ජිමින් කරත්තයෙ බිත්තියකට හිස තබාගෙන හඩද්දී ජිමින්ගෙ මව කෝපයට පත් දෙනෙතින් ඔහු දෙස බැලුවෙ "ඒ ජන්කුක් නම් මෘගයා මගෙ පුතු සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඇති හැඩයි" යයි මුමුණමින්.ගමනාන්තය තෙක් ම ඉකි බිඳිමින් පසු වූ ජිමින් සිටි වෙනත් ලොවින් ඔහු මිදුනෙ එක දිගට වේගයෙන් ආ කරත්තය නතර වෙද්දි.
"ජිමින් ඔය කඳුලු පිස දමා ගන්න.. අප යා යුතුයි. සිනා මුසුව පැමිණෙන්න ජිමින් කරුණාකර"
ජිමින් ගෙ මව තවමත් බිත්තියට හේත්තු වී හඩන ජිමින්ව කෙලින් කරද්දී ජිමින් කිසිවක් නොකියා ගලා ගිය කදුලු පිට අල්ලෙන් පිස දමා ගත්තා."ජන්කුක් ගැන වදනක් හෝ නෑ තෙපලනුයෙ.. වැටහුනාද?"
ජිමින් ගෙ පියා ජිමින් දෙසට එබී බලමින් තර්ජනාත්මකව මුමුණද්දී කිසිවක් නොකී ජිමින් හිස සැලුවෙ වෙනත් කිරීමට කිසිවක් නොතිබුන නිසා.පිලිවෙලින් ජිමින්ගෙ පියා, ජින්, ජිමින්ගෙ මව හා ජිමින් කරත්තයෙන් බසිද්දී ජිමින් නැග එමින් පවතින හිරු දෙස බලාගෙන සිටියා.
ජිමින්ගෙ මව නිවසින් එන විට ගෙන ආහාර බඳුන් හා විවිදාකාරයෙ ත්‍යාග රැගත් පෙට්ටි කීපයක් ගෙන ජිමින් හැර පවුලෙ අනෙක් උදවිය අතර බෙදා දෙද්දී ජිමින් කිසිවක් නොකියා බිම බලාගෙන සිටියෙ තමා දාමා සිටි එක් සපත්තුවක් ගලවා නිරුවත් දෙපා වලින් බිම හාරමින්.
ESTÁS LEYENDO
𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓
Fanfic"පැමිණෙන්න මේ තුරුලට ජිමින්.... මගේ පපුවෙ හිස පොවාන අපේ ආලයෙ නාමයෙන් ගැයෙන මගේ හදවතෙ ගීය අසන්නට...." -යුවරජ ජන්කුක්- •jikook fanfiction •boyXboy •top kook •bottom Jimin Started date - 07 Nov 2021 Completed - 26 April 2022